(බැංකොක්) – 2024 සැප්තැම්බර් 23 දින බලයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායකගේරජය විසින් ශ්‍රී ලංකාව නැවත නැවතත් අර්බුදවලට ඇද දමා ඇතිදිගු කාලීන මානව හිමිකම් ගැටළු ආමන්ත්‍රණය කිරීමට පොරොන්දු වී ඇතැයි හියුමන්රයිට්ස් වොච් සංවිධානය ඔවුන්ගේ 2025 ලෝක වාර්තාවේ ප්‍රකාශ කරයි. දිසානායක විසින් වඩාත් සමසාධාරණ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමට සහ කුප්‍රකට ලෙසඅපයෝජනය කර ඇති ත්‍රස්තවාදයවැළැක්වීමේපනත අහෝසිකිරීමට පොරොන්දු දී ඇතත්, ශ්‍රීලංකා රජය සහ බෙදුම්වාදී දෙමළඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර 1983-2009 කාලයේ ශ්‍රීලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ දී පුළුල්වශයෙන්සිදුවූමානවහිමිකම්කඩකිරීම් සම්බන්ධයෙන් වගවීම සඳහා සහය දක්වා නොමැත.
පිටු 546 කින් යුත් ලෝක වාර්තාවේ, එහි 35 වන සංස්කරණය සඳහා, හියුමන් රයිට්ස් වොච් ආයතනය රටවල් 100 කට වැඩි ගණනක මානව හිමිකම් භාවිතයන් සමාලෝචනය කරන ලදී. විධායක අධ්‍යක්ෂ ටිරානා හසන් ඇගේ හැඳින්වීමේ රචනාවේ ලියන ආකාරයට ලෝකයේ බොහෝ ප්‍රදේශවල, රජයයන් විසින් දේශපාලන විරුද්ධවාදීන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මර්දනය කර, ඔවුන් වැරදි ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. සන්නද්ධ කණ්ඩායම් සහ රජයේ හමුදා නීති විරෝධී ලෙස සිවිල් වැසියන් ඝාතනය කිරීම, බොහෝ දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැරීම, සහ මානුෂීය ආධාර ලබා ගැනීම අවහිර කිරීම සිදුකළහ. 2024 දී පැවති ජාතික මැතිවරණ 70 කට වැඩි ගණනක දී, ඒකාධිපති නායකයෝ ඔවුන්ගේ වෙනස්කොට සලකන වාගාලංකාර සහ ප්‍රතිපත්ති සමග තව තවත් පිළිගැනීමට ලක් වූහ.
“අයිතීන්උල්ලංඝනය කිරීම්, සුළුතර ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීම සහ විවේචකයින් නිහඬකිරීමට උත්සාහ කරන නීති සහ ආයතන ගැනඇති මුල් බැසගත් දණ්ඩමුක්තිය විසින් ශ්‍රී ලංකාවේ බහුවිධ අර්බුද එකිනෙක සම්බන්ධ කර ඇතැ”යි හියුමන්රයිට්ස් වොච් ආයතනයේ නියෝජ්‍යආසියානු අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි පැවසුවාය. "ජනාධිපති දිසානායක සිය මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ක්‍රියාවට නංවන්නේ නම් අයිතීන් සම්බන්ධයෙන් සැබෑ ප්‍රගතියක් අත්කර ගැනීමට අවස්ථාවක් ඇති නමුත්, ඔහු ඉතා ප්‍රශ්නකාරී නිහඬතාවයක් දක්වන දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් අයටඑරෙහි අතීත ගැටුම් සහ දිගින් දිගටමසිදුවන අපයෝජනයන්ගේ දිගු කාලීන බලපෑම ද ආමන්ත්‍රණය කළයුතුයි."
- 2022 දී ශ්‍රී ලංකාරජය සිය විදේශ ණය ගෙවීම පැහැරහැරීමෙන් පසු ඇතිවූ ක්ෂණික අර්බුදය මැඩපැවැත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇප ණය මුදල්උපකාරී වූ නමුත්, එක්සත්ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි 2024 දීපවුල්වලින් හතරෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළීඇත.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉවත්ව යන පරිපාලනය විසින්අනුගමනය කරන ලද රාජ්‍ය ප්‍රතිපත්තිමගින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ බර බොහෝදුරට අඩුආදායම්ලාභීන්මතපටවනුලැබිණි. දිසානායකරජය දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ වඩාත් සමසාධාරණආර්ථික ප්‍රතිපත්ති ඇති කිරීමට පොරොන්දු දී ඇත.
- 2024 කාලය තුළ පොලිසිය සහ අනෙකුත් ආරක්ෂකආයතන විසින් විශේෂයෙන් වැඩි වශයෙන් දෙමළ ජනයා වාසය කරන උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලක්‍රියාකාරීන්ට සහ මානව හිමිකම්ආරක්ෂකයින්ට දණ්ඩමුක්තිය සහිතව හිරිහැරහාතර්ජනයකිරීම් කර ඇති අතර, සිවිල් සමාජ සංවිධානවලට මුදල් සැපයීමේදී අයුතු සීමා කිරීම් සහ ඇඟිලි ගැසීම්ද සිදු කර ඇත.
- ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නැගිටීම්වලදී සහ එල්ටීටීඊ සන්නද්ධඅර්බුදයේ දී දශක ගණනාවක්පුරා සිදුවූ නොවිසඳුණු බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් දහස් ගණනක් ආමන්ත්‍රණය කිරීමට නඩු පැවරීම් සහ අනෙකුත් වගවීමේක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මැයි මාසයේදී වාර්තාවක් නිකුත් කළේය. එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිවිල් යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීම සහ සිවිල් යුදසමයේ අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කිරීම සඳහා බලයලබාදීඇතිනිලකාලසීමාවක් දීර්ඝ කර ඇත.
දිසානායක ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ බොහෝ මානව හිමිකම් ගැටලු ඇමතීමට පටන් ගත යුත්තේ ඔහුගේ පක්ෂය මැතිවරණ ව්‍යාපාරවලදී දුන් ප්‍රතිඥාවන් ඉටු කිරීමෙන් සහ ඒවා මත කටයුතු කිරීමෙනි.