වාමාංශිකජාතික ජන බලවේගය (ජාජබ) සන්ධානයේ අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ වෙනුවට ජනාධිපති ලෙස තේරී පත්වූ සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාදේශපාලනයේ ගමන් මග වෙනස්විය. දිසානායකවඩාත් සමසාධාරණ ආර්ථික ප්‍රතිපත්ති පොරොන්දු වූ අතර දූෂණයටඑරෙහිව සටන් කිරීමට සහඅපයෝජනීය ත්‍රස්තවාදයවැලැක්වීමේ පනත අහෝසි කිරීමඇතුළු දිගුකාලීන මානව හිමිකම් ගැටළුසමහරක් විසඳීමට පොරොන්දුවිය.
කෙසේවෙතත්, පෙර ජනාධිපතිවරු මෙන්ම, රජය සහ බෙදුම්වාදී දෙමළඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය අතර ශ්‍රී ලංකාවේ 1983-2009 සිවිල් යුද්ධයේදී සිදු වූ මහාපරිමාණ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සඳහා ඔහු ද සහාය දක්වානැත.
නොවැම්බර් 14 පැවැතිපාර්ලිමේන්තු මැතිවරණයේ දී දිසානායකගේ ජාජබවිශාල පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගත්තේය.
2022 දීශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වූ අතර, ආණ්ඩුවසිය විදේශ ණය පියවීම පැහැරහැරීමෙන් පසුව, ලෝක බැංකුවේ අන්තදරිද්‍රතා රේඛාවට පහළින් සිටින දිනකටඇමරිකානු ඩොලර් 2.15 කට අඩු ආදායමක්ලබන පුද්ගලයින් සංඛ්‍යාව ජනගහනයෙන්සියයට26 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා දෙගුණවීමට හේතු විය. එක්සත්ජාතීන්ගේ සංවිධානය විසින් සොයා ගන්නා ලද පරිදි, වයසට සරිලන උස නොමැති වීමෙන්පෙළෙන දරුවන්ගේ අනුපාතය ඉහළ ගොස් ඇත. බොහෝපවුල් රජය විසින් පෙරලබා දුන් අධ්‍යාපනය සහසෞඛ්‍යය සඳහා වූ සියඅයිතිවාසිකම් සඳහා අත්‍යවශ්‍ය වනභාණ්ඩ හා සේවා වෙතප්‍රවේශ වීමේ දී අපහසුතාඅත් වින්දහ.
ඔක්තෝබර්මාසයේ දී, ඉදිරි ජාතිකහා ජාත්‍යන්තර නඩු පැවරීම්ට ආධාරලෙස, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීමසහ රටේ සිවිල් යුද්ධයේදීසිදු වූ බව කියනඅපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම සඳහාඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ බලය එක්සත් ජාතීන්ගේමානව හිමිකම් කවුන්සිලය විසින් වසරක කාලයකට දීර්ඝකරනලදී.
ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්
ආර්ථිකහදිසි තත්ත්වය සම්බන්ධයෙන් විරෝධතා පැන නැගී වසරදෙකකට පසුව, සමහර සාර්ව ආර්ථිකදර්ශක ස්ථාවර වී ඇති නමුත්මිලියන ගණනක ජනතාව තවමත්ඔවුන්ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන්සම්බන්ධයෙන් තීව්‍ර හානියක් අත්විඳිති. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට අනුවදේශපාලන නායකයන්ගේ අයථා ආර්ථික කළමණාකරණයහේතුවෙන් මෙම අර්බුදය පැනනැගුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය ඩොලර් බිලියන 3 ක ඇප ණය මුදලරාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ හාරාජ්‍ය ආදායම වැඩි කිරීමට සහවියදම් පාලනය කිරීමට ගන්නා පියවර සමඟ සම්බන්ධකළේය.
කෙසේවෙතත්, IMF වැඩසටහනයටතේ වික්‍රමසිංහ පරිපාලනය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවන සහනාධාර ඉවත් කිරීම සහප්‍රතිගාමී විකුණුම් බදු වැඩි කිරීමතුළින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ බර බොහෝදුරට අඩු ආදායම්ලාභීන් මතපටවනු ලැබිණි. ඉහළ උද්ධමනය සහආදායම් පහත වැටීම මධ්‍යයේබොහෝ දෙනෙක් තම ජීවනෝපාය සහඅනෙකුත් අයිතීන් ලබා ගැනීමට අරගලකළහ. පොදු සේවාවන්ට වෙන්කළඅරමුදල් අඩු කිරීම සහසහ රජයේ ආදායම අඩුවීමනිසා, ශ්‍රී ලංකාවේ ඓතිහාසිකව ශක්තිමත්ව පැවති සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්ටප්‍රවේශ වීම සහ ඒවාටඅදාළ වියදම් දරා ගැනීම ඔවුන්ට අපහසු විය . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට “සමාජ වියදම් සඳහාපහළ සීමාවක්” ඇතුළත් වන අතර එමඟින්දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 ක් සමාජ ආරක්ෂණවැඩසටහන් සඳහා වියදම් කළයුතු නමුත් එය සංවර්ධනය වෙමින්පවතින රටවල ඒ සඳහාවියදම් කෙරෙන සාමාන්‍ය අගය වන සියයට 1.6 ට වඩා අඩුය.
වගවීමසහ යුක්තිය
ඔක්තෝබර්මාසයේ දී, අනාගත අධිකරණමයවගවීමේ ක්‍රියාදාමයන්ට ආධාර ලෙස, ශ්‍රීලංකාවේ මානව හිමිකම් කඩවීම්නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීමසහ රටේ සිවිල් යුද්ධයේදීසිදු වූ බව කියන අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේමානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේබලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයවිසින් වසරක කාලයකට දීර්ඝකරන ලදී. 1980 ගණන්වල අගභාගයේදී දිසානායකගේ පක්ෂය වන ජනතා විමුක්තිපෙරමුණ (ජවිපෙ) විසින් කළ ප්‍රචණ්ඩ ජනතානැගිටීමක් ආරක්ෂක හමුදා විසින් සිදු කළ බලහත්කාරයෙන්අතුරුදහන් කරවීම් සහ නීති විරෝධීඝාතන දහස් ගණනකට පසුවඅවසන් වූ අතර ඊටඅදාළ අපයෝජන ද මෙයට ඇතුළත්වේ.
රජයසහ එල්ටීටීඊය අතර 1983-2009 සිවිල් යුද සමය දෙපාර්ශ්වයවිසින්ම සිදු කළ බරපතලඋල්ලංඝනයන්ගෙන් සලකුණු කරන ලදී, නමුත්සිදු කරන ලද අපරාධවලපරිමාණය පිළිගැනීම අනතුරුව බලයට පැමිණි රජයයන්විසින් ප්‍රතික්ෂේප කර ඇති අතරආරක්ෂක හමුදාවන්හි සිටින අපරාධකරුවන් යැයි චෝදනා ලබනඅය වගවීමෙන් ආරක්ෂා කර ඇත. තවමත්සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනයකිරීම් විවේචනය කරමින් සහ නොවිසඳුණු බලහත්කාරයෙන්සිදු කළ අතුරුදහන්වීම් ඇතුළුවගැටුම් යුගයේ අපයෝජනයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ජාත්‍යන්තරපරීක්ෂණ සහ නඩු පැවරීම්මෙන්ම, වෙනත් වගවීමේ ක්‍රියාමාර්ග ද ඉල්ලා සිටිනවාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයවිසින් මැයි මාසයේදී නිකුත් කරන ලදී.
"අතුරුදහන්වූ" පුද්ගලයන් සොයා ගැනීම සඳහා 2017 දී රජය විසින් පිහිටුවනලද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයකිසිදු ප්‍රගතියක් අත්කර ගත්තේ නැත. "අතීත මානව හිමිකම්උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින්" ආයතනයට පත් කරනු ලැබීමසහ "එවැනි සිද්ධීන්වලට නඩු පැවරීමේ දීඅයුතු බලපෑම් කිරීම" ගැන අප්‍රේල් මාසයේනිකුත් කළ එක්සත් ජාතීන්ගේමානව හිමිකම් කමිටු වාර්තාවක් විසින් විවේචනයකරනලදී.
වික්‍රමසිංහපරිපාලනය විසින් යුද කාලීන අපයෝජනයන්විමර්ශනය කිරීමට තවත්ආයතනයක්පිහිටුවීමටකළයෝජනාව වන - සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාව ද- පෙර අසාර්ථකප්‍රයත්නයන් ප්‍රතිනිර්මාණය කළ අතර, වින්දිතයන්ගේඅවශ්‍යතා නොසලකා හැර, ශ්‍රී ලංකාවේජාත්‍යන්තර නීතිමය බැඳීම් සැපිරීමට අසමත් විය. පැහැදිලිවම සාහසිකඅපරාධ සඳහා වගවීමේ අඩුපාඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පීඩනය මග හැරීම සඳහා එය සැලසුම් කර තිබුනු අතර වින්දිතයින්ගේ කණ්ඩායම්විසින් එය පුළුල් ලෙසප්‍රතික්ෂේප කරන ලදී. එහියෝජිත විෂයපථය විසින් ජවිපෙ නැගිටීම්වලදී සිදු කරන ලදපුළුල් අපයෝජනයන් ද බැහැර කරයි.
වික්‍රමසිංහආණ්ඩුව, සත්‍යයසහවගවීමඉල්ලමින්උද්ඝෝෂණයකරන්නන් මෙන්ම සිවිල් යුද්ධයේදී මියගිය හෝ අතුරුදහන් වූවන්අනුස්මරණය කරන දෙමළ ජනයාද අඛණ්ඩවඉලක්කකිරීම සිදු කළේය. මැයි මාසයේදී, යුදඅවසානයේ සිවිල් වැසියන් අත්දුටු දුක් විඳීම් සිහිපත්කිරීමට උත්සවයක් පැවැත්වීම නිසා පුද්ගලයින්සිව් දෙනෙකු දින හතක් රඳවාතබාගන්නාලදී. වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්අන්වේක්ෂණය, බිය ගැන්වීම්, බොරුචෝදනා, ප්‍රචණ්ඩත්වය සහ අත්තනෝමතික අත්අඩංගුවටගැනීම්වලට ලක්විය.
අදහස්ප්‍රකාශ කිරීමේ සහ එක්රැස්වීමේ නිදහස
වික්‍රමසිංහ පරිපාලනය විසින් මර්දනකාරී නීති සහ පොලිස්සහ ආරක්ෂක ආයතනවල අත්තනෝමතික ක්‍රියා යොදා ගනිමින් විශේෂයෙන්ම දෙමළ ජනයා වැඩිවශයෙන් පදිංචි උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලසිවිල් සමාජ අවකාශය සීමාකරන ලදී.
මහජනආරක්‍ෂක අමාත්‍යාංශයේ කොටසක් වන රාජ්‍ය නොවනසංවිධාන ලේකම් කාර්යාලයේ සිවිල් සමාජ සංවිධාන ලියාපදිංචිකිරීම රජයට අවශ්‍ය වූඅතර, ඒවා බලහත්කාරී සීමාකිරීම්වලට යටත් විය. මානවහිමිකම් ආරක්ෂකයින් සහ සිවිල් සමාජසංවිධානවල සාමාජිකයින් පැවසුවේ බුද්ධි අංශ විසින් තමන්වසමීපව නිරීක්ෂණය කරන බවත්, විශේෂයෙන්උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලහිරිහැර, බිය ගැන්වීම් සහමූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඇඟිලි ගැසීම්වලට ලක් කරන බවත්ය.
ජනවාරිමාසයේදී සම්මත කරන ලද මාර්ගගතආරක්ෂණ පනත, අන්තර්ජාලයේ සිදුවන හිරිහැර, අපයෝජන සහ වංචාවලට එරෙහිවආරක්ෂාව සපයන බවට ප්‍රකාශකරන නමුත්, ප්‍රකාශනය සම්බන්ධයෙන් පුළුල් සහ නොපැහැදිලි නිර්වචනඇති වසර පහක් දක්වාසිර දඬුවම් ලැබිය හැකි වැරදි නිර්මාණයකරයි. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන "මාර්ගගතආරක්ෂණකොමිසම" එම නීතිය මගින්ස්ථාපිත කෙරෙන අතර, එයට "අසත්‍ය" හෝ "හානිකර" වන මාර්ගගත ප්‍රකාශනයන් මොනවාදැයි තීරණය කළ හැකි අතර, අන්තර්ගතයන් ඉවත් කිරීම, අන්තර්ජාලප්‍රවේශය සීමා කිරීම සහතහනම් කිරීම සහ පුද්ගලයන්ට සහසංවිධානවලට එරෙහිව නඩු පැවරීම සිදුකළ හැකිය.
එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයපැවසුවේ මාර්ගගත ආරක්ෂණ පනතට "සියලුම ආකාරයේ නීත්‍යානුකූල ප්‍රකාශනයන් පාහේ සාපරාධීකරණය කළහැකි බවත්, අදහස් ප්‍රකාශනයේ නිදහසට දැඩි බලපෑමක් ඇතිකරන පරිසරයක් නිර්මාණය කළ හැකි" බවත්ය. "විසම්මුතිය මැඩපවත්වීම සඳහා වන අතිශයමර්දනකාරී පද්ධතියක්" යැයි ගූගල්, ඇපල් සහ මෙටා විසින්මෙම පනත හැඳින්වූ අතර, "ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ විභව වර්ධනය අඩපණකළ හැකි" යැයි ද අනතුරුඅඟවනලදී. දිසානායකජනාධිපතිවරයා මෙම පනත සංශෝධනය කිරීමට ප්‍රතිඥාදීඇත.
වික්‍රමසිංහපරිපාලනය විසින් යෝජනා කරන ලද අනෙකුත්මර්දනකාරීනීතිවලට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පැවසූ පරිදි “විසම්මුතික හඬවල් මැඬලීමට” භාවිත කළ හැකි නවවිකාශන නීතියක්, එක්සත්ජාතීන් පැවසූ පරිදි, “ප්‍රමාණවත්අධිකරණ අධීක්‍ෂණයකින් තොරව නැවැත්වීමට, ප්‍රශ්නකිරීමට සහ සෙවීමට, සහපුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබාගැනීමට පොලිසියට සහ හමුදාවට පුළුල්බලතල ලබා දෙන” ප්‍රතිත්‍රස්තපනතක්, සහ සිවිල් සමාජඅවකාශය තවදුරටත් සීමා කරන රාජ්‍යනොවනසංවිධානලියාපදිංචියසහඅධීක්ෂණයකිරීමේපනතක් ද අඩංගු විය. කෙසේ වුවත් ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මේවා සම්මතකර ගත්තේ නැත.
ත්‍රස්තවිරෝධී නීති
වික්‍රමසිංහරජය තර්ජන සහ අත්තනෝමතික රඳවාතබාගැනීම් මඟින් විරුද්ධවාදීන්යැයිදුටුඅය, විශේෂයෙන්මදෙමළසහමුස්ලිම්ජනයාඉලක්කකිරීමට මර්දනකාරී හා අපයෝජනීය ත්‍රස්තවාදයවැළැක්වීමේපනත (PTA) දිගටම භාවිතා කළේය. ශ්‍රී ලංකා මානව හිමිකම්කොමිෂන් සභාව විසින් එක්සත්ජාතීන්ගේසංවිධානයටසපයනලද සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 ජනවාරි සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ ත්‍රස්තවාදයවැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගැනීම් සහ රඳවා තබාගැනීම් 46 ක් සිදුවී ඇතිනමුත්, එවැනි සිද්ධි 9ක් පමණක් සමානකාල සීමාවක සිදු වූ බවටරජය පිළිගෙන ඇත.
1979 දී ත්‍රස්තවාදයවැළැක්වීමේ පනත (PTA) හඳුන්වා දීමේ සිට අත්තනෝමතිකලෙස රඳවා තබා ගැනීමසහ වධහිංසා පැමිණවීම ඇතුළු අපයෝජනයන් එය විසින් සක්‍රියකර ඇති අතර, ඊටහේතු වන්නේ පරිපාලනමය වශයෙන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට, සීමිත අධිකරණ අධීක්‍ෂණයකට සහ පොලිසියට කරනලද පාපොච්චාරණ මත පදනම් වීවරදකරුවන් බවට තීරණය කිරීමටඑහි ඇතිප්‍රතිපාදනයි. දිසානායක පසුගිය ජනාධිපතිවරුන් මෙන්ම PTA අහෝසි කිරීමට පොරොන්දු ලබා දී ඇත.
ආගමිකනිදහස
දෙමළසහ මුස්ලිම් ප්‍රජාවන් සතු හින්දු සහමුස්ලිම් ආගමිකස්ථානසහඉඩම් රජයේ ආයතන විසින් විවිධව්‍යාජ හේතු දක්වමින් ඒවාතමන් සතු කර ගැනීම, ඇතැම් අවස්ථාවල දී ඒවා බෞද්ධවිහාරස්ථාන බවට පරිවර්තනය කිරීමඅඛණ්ඩව සිදු කරන ලදී. විශේෂයෙන්ම, රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවිසින් දිගු කලක් තිස්සේහින්දු කෝවිල් ලෙස පැවැති ස්ථානපැරණි බෞද්ධ ස්ථාන ලෙස හඳුනාගෙනඇති අතර, හින්දු බැතිමතුන්ටඑහි ප්‍රවේශ වීම තහනම් කර, හමුදාවහින්දු කෝවිල් භූමියේ බෞද්ධ ස්මාරක ඉදිකර තිබේ. හින්දු බැතිමතුන් 8 දෙනෙකු මාර්තු මාසයේ උත්සව චාරිත්‍රවල යෙදී සිටියදී පොලිසියවිසින් අත්අඩංගුවටගෙන, දින 10 කට වැඩි කාලයක්රඳවා තබාගෙන, අපයෝජනයට ලක් කළ බවකියනු ලැබේ.
මත්ද්‍රව්‍යප්‍රතිපත්තිය
"මත්ද්‍රව්‍යඋවදුරට" එරෙහිව සටන් කිරීම සඳහා 2023 දෙසැම්බර් මාසයේදී රජය විසින් "යුක්තිය" මෙහෙයුම දියත් කරන ලදී. 2024 මැයිමාසය වන විට බොහෝඅවස්ථාවල දී කිසිදු පැහැදිලිසාක්ෂියක් නොමැතිව 100,000 කට අධික පිරිසක්අත්අඩංගුවට ගෙන ඇත. එක්සත්ජාතීන්ගේ සංවිධානය වධහිංසාව සහ අයහපත් ලෙස සැලකීම පිළිබඳ බොහෝ චෝදනා වාර්තාකළ අතර, හමුදාව විසින්පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල නඩු විභාගයකින් තොරවසිය ගණනක් රඳවා තබා ගැනීමසඳහා යවන ලද බවටපැවසූ අතර, ඒවායේ අපයෝජනසිදුවූබවටදිගුකාලීනලෙසචෝදනා එල්ල වී ඇත.