Skip to main content

ශ‍්‍රී ලංකාව : ආර්ථික අර්බුදය විසින් මැඩලන ලද අයිතිවාසිකම් වලට ප‍්‍රතිචාරයක්

සුළුතර ජන කොටස් සහ විරුද්ධ මත වලට එදිරිව මුදාහළ තීව‍්‍ර ප‍්‍රතිරෝධය

වීදි ආහාර වෙළෙන්දකු සිය ගණුදෙනුකරුවන් එනතෙක් බලා සිටී, 2023 අපේ‍්‍රල් 9 වන දින කොළඹ ගාලූ මුවදොර සක්මන් පිටිය.  © 2023 Thilina Kaluthotage/NurPhoto via AP

(බැංකොක්) –  ප‍්‍රතිගාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ ප‍්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ ක‍්‍රම හේතුවෙන් රටේ බරපතලම ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ශ‍්‍රී ලාංකිකයන් හට අනේකවිධ දුශ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය යනුවෙන් සිය 2024 ගෝලීය වාර්තාව එලිදක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවසීය. අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ එක්රැස්වීමේ නිදහස අඛන්ඩව මර්ධනය කිරීමට කටයුතු කරන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය සුළුතර ජන කණ්ඩායම් වලට එරෙහි වෙන් වෙන් වශයෙන් සළකනසුළු ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් සිටී.

” ෂීත සහ වගවීම් විරහිත රාජ්‍ය පාලනය විසින් අර්ධ වශයෙන් වගකිව යුතු ආර්ථික අර්බුදය හමුවේ දිවි ගැටගසා ගැනීමට දස ලක්ෂ ගණනක් ශ‍්‍රී ලාංකිකයන් මහත් අරගලයක නියැලී සිටී”  යනුවෙන් පැවසූ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනක්ෂි ගන්ගුලි ” වගවීමක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණ ගැනීමට අත්‍යවශ්‍ය වන හඬ මැඩපවත්වමින් සිටින වත්මන් රජය ඉතාමත් දිලිඳු ජනතාව මත මහත්වූ බරක් පටවනසුළු ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමට පටන් ගෙන ඇත  ” යනුවෙන් තව දුරටත් පැවසුවාය

පිටු 740 කින් යුත් 2024 ගෝලීය වාර්තාවේ 34 වැනි සංස්කරණය තුල හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් රටවල් 100 ක පමණ මානව හිිමිකම් පිලිවෙත් සමාලෝචනයට ලක් කරනු ලබයි. සිය හැඳින්වීමේ ලිපිය තුල අදහස් දක්වන විධායක අධ්‍යක්ෂ ටිරානා හසන් ” 2023 මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කිරීම් සහ යුධ අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව කිසිදු අපරාධයක් හා සම්බන්ධ නොමැති සාමාන්‍ය ජනතාව මත ඉමහත් පීඩනයක් ඇති කරන ලද ගණුදෙනු රාජ්‍යතාන්ත‍්‍රකත්වය සහ තෝරාගත් පිරිස් අරභයා රජයයන් විසින් මුදාහරිනු ලබන කෲරත්වය සම්බන්ධයෙන් සැලකිකයුතු වැදගත්කමක් සහිත වසරකි” යනුවෙන් සඳහන් කරයි. එතකුදු වුවත්, එය වෙනස් මාවතක අරුණළු පෙන්නුම් කළ සහ ස්වකීය මානව හිමිකම් බැඳීම් උපස්ථම්භනය කිරීමට නිරන්තරයෙන් රජයයන් වෙතින් ඉල්ලා සිටිනු ලැබූ අපේක්ෂා සහගත වසරක් ලෙසද ඇය එම වසර හඳුන්වයි.  

ශ‍්‍රී ලංකාවේි ආර්ථික අර්බුදයට පිලියම් ලෙස ශ‍්‍රී ලංකා රජය සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල (ජා මූ අ* විසින් හඳුන්වා දෙන ලද ප‍්‍රතිපත්ති රටේ මානව හිමිකම් මැඩලීමට ඉවහල් වී ඇත. එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව ජනගහනයෙන් සියයට 17 කට වැඩි පිරිසක් මධ්‍යස්ථ හෝ තීව‍්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙලෙමින් මානුෂීය ආධාර අවශ්‍ය කරන්නාවූ තත්වයක සිටින අතර වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් සියයට 31 ක් මන්ද පෝෂණයට ලක්ව සිටී.  

ජා මූ අ මූලික අරමුණ වූයේ රජයේ ආදායම ඉහල දමමින් ¥ෂණය තුරන් කොට සමාජ ආරක්ෂණය ඉහල දැමීම වුවද එහි ව්‍යුහය විසින් නැවත ප‍්‍රකෘති තත්වයට පත්වීමේ මූලධර්මයේ බර ප‍්‍රධාන වශයෙන් පහල ආදායම් සහිත පුරවැසියන් මත පටවා ඇත.   

විදුලි ගාස්තු ඉහල දැමූ රජය එකතු කළ අගය මත බද්ද දෙගුණ කොට ඉන්ධන සහනාධාරය කප්පාදු කලේය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහන තුල ” සමාජීය වියදම් සීමාවක්” ඇතුලත් වූ අතර එය සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍යයෙන් අඩකට වඩා අඩු එනම් 0.6 ක මට්ටමේ පවතී. රජයේ ඉලක්කගත සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ සැලසුම විසින් ප‍්‍රමාණවත් ජීවන මට්ටමක් නොමැති පුද්ගලයන් බොහෝ දෙනෙක් බැහැර කොට ඇති අතර රජයේ දේශීය ණය කළමනාකරණය කිරීමේ ව්‍යායාමයේ කොටසක් ලෙස රජය විසින් සාමාන්‍ය පුද්ගලයින් විසින් සිය ඉතිරි කිරීම් රදවා තබා ගන්නාවූ රජයේ විශ‍්‍රාම අරමුදලේ වටිනාකම අඩු කොට ඇත.   

උතුරු සහ නැගෙනහිර පළාත් තුල බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් කරන ලද වින්දිතයින්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් නිරන්තර රජයේ ආවේක්ෂණ සහ බිය ගැන්වීම් වලට ලක්වන අතර ආගමික ස්ථානද ඇතුලූව දෙමළ සහ මුස්ලිම් පුජාවන්ට අයත් ඉඩම් කොල්ලකෑමේ ප‍්‍රතිපත්තියක් රජයේ ආයතන විසින් අනුගමනය කරමින් සිටී.   

භයංකර ප‍්‍රතිත‍්‍රස්ත භාවිතා කිරීම වලක්වා ලන සහන කාල සීමාව අවසන් කළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විරුද්ධ මත මැඬලීමේ ව්‍යායාමය ආරම්භ කොට ඇත. වැඩිදුර සංශෝධන සඳහා ඉල්ලා අස්කොට ගත් යෝජිත නව ප‍්‍රතිත‍්‍රස්ත පනත විසින් බලධාරීන් හට අධික ලෙස බලතල ලබා දෙමින් අදහස් ප‍්‍රකාශ කිරීම හා සම්බන්ධ නව වැරදි නිර්මාණය කරයි. ජනාධිපති වරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් සිථාපිත කාරීම මගින් යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තව දුරටත් සීමා කරනු ඇති අතර මාර්ගගත ප‍්‍රකාශ සත්‍යද නැත්ද යන්න තීරණය කිරීමට, ඒවා ඉවත් කිරීමට නියම කිරීමට සහ පොලිස් විමර්ශණ සහ නඩු පැවරීම් වලට සහභාගි වීමට උක්ත කොමිෂන් සභාවට හැකිය.  

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.