Skip to main content

ශ‍්‍රී ලංකාව

2023

වීදි ආහාර වෙළෙන්දකු සිය ගණුදෙනුකරුවන් එනතෙක් බලා සිටී, 2023 අපේ‍්‍රල් 9 වන දින කොළඹ ගාලූ මුවදොර සක්මන් පිටිය. 

© 2023 Thilina Kaluthotage/NurPhoto via AP

ප‍්‍රතිගාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ ප‍්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ ක‍්‍රම හේතුවෙන් රටේ බරපතලම ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ශ‍්‍රී ලාංකිකයන් හට අනේකවිධ දුශ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. 

ශ‍්‍රී ලංකාව 2022 වසරේ සිට සිය විදේශීය ණය ගෙවීම නතර කිරීමෙන් අනතුරුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල (ජා මූ අ* වෙතින් ලද ඩොලර් බිලියන 3 ක ණය මුදල හේතුවෙන් ශ‍්‍රී ලංකාව ව්සින් මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් තාවකාලික සහනයක් ලබා ගැනීමට ඊට හැකි විය. කෙසේවෙතත්, ලෝක ආහාර සංවිධානයේ දත්ත වලට අනුව ආර්ථික තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය සහ ජා මූ අ විසින් දක්වන ලද ප‍්‍රතිචාරය මානව හිමිකම් උල්ලංඝනයක් දක්වා විහිදුනු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මිලියන 17 කට අධික ජනතාවකට මධ්‍යස්ථ හෝ තීව‍්‍ර ආහාර අනාරක්ෂිත තාවයකට පත්විය. එම ජනතාවට මෙන්ම මන්ද පෝෂණ තත්වයෙන් පෙලූනු වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් සියයට 31 කට මානුශීය ආධාර ලබා දීමට සිදුවීමේ තත්වයක් ඇති විය. 

මාස ගණනාවක් පුරා ඇදීගිය විරෝධතා හේතුවෙන් ධූරය හැරයාමට සිදුවූ සිය පූරවගාමියාගේ නික්මයාමත් සමග 2022 වසරේදී බලයට පත් වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විරෝධතා මැඩලීම සඳහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (ත‍්‍ර වැ ප* භාවිතා කරන ලදී. යෝජිත නව ප‍්‍රතිත‍්‍රස්ත නීතිය විසින් ජනාධිපතිවරයාට, පොලීසියට මෙන්ම සන්නද්ධ හමුදාවන්ට විශාල ලෙස බලතල ලබා දෙන අතර භාෂණය සම්බන්ධ නව වැරදිද හඳුන්වා දේ. එසේම යෝජිත නව ව්‍යවස්ථා විසින් මාර්ගගතව අදහස් ප‍්‍රකාෂ කිරීමේ අයිතිය තව දුරටත් සීමාවට ලක් කෙරේ. 

1983-2009 සිවිල් යුද්ධයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැෙ`ගනහිර ප‍්‍රදේශවල, පසුගිය මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන්, ඔවුන්ගේ පවුල් සහ සත්‍ය සහ වගවීම සඳහා උද්ඝෝෂණ කරන ක‍්‍රියාකාරීන් පොලිසියේ සහ බුද්ධි අංශවල සෝදිසි කිරීම් සහ බිය ගැන්වීම්වලට ලක් විය. 

ආර්ථික සහ සමාජ අයිතිවාසිකම්

ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 සිට 2022 දක්වා රටේ දරිද්‍රතා අනුපාතය සියයට 25 දක්වා දෙගුණයක් වූ අතර එය තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කොට ඇත.


මාර්තු මාසයේදී, ජා මූ අ විසින් ලබා දුන් ණය මුදල ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතනව විසින් නව මූල්‍ය පහසුකම් සැපයීමට මග පෑදීය.

ජා මූ අ වැඩසටහන රජයේ ආදායම් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ අතර ¥ෂණයට එරෙහිව කටයුතු කිරීම සහ සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම අවධාරණය කරන ලදී. කෙසේ වෙතත්, ව්‍යුහගත ලෙස, නැවත ප‍්‍රකෘති තත්වයට පත් වීමේ බර එමගින් ප‍්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභීන් මත පැටවූ අතර, ජනතාවගේ ආර්ථික සහ සමාජ අයිතීන් ඉන් හානියට ලක් විය. 
උදාහරණයක් ලෙස ගත් කළ ජා මූ අ ගිවිසුමේ කොටසක් ලෙස, රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම, එකතු කළ අගය මත බදු දෙගුණ කිරීම සහ ඉන්ධන සහනාධාර ඉවත් කිරීම ආදිය සිදු කළ අතර ඒවා මිල ඉහළ යාමට පාදක විය.
ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ”සමාජ වියදම් තට්ටුවක්” ඇතුළත් වූ අතර, එයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍යය වන සියයට 1.6 ට වඩා අඩුවෙන්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6ක් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වියදම් කිරීම අව්‍ය්‍ය කරනු ලැබීය. 

ඉලක්කගත සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ පිළිබඳ රජයේ සැලැස්ම ප‍්‍රමාණවත් ජීවන තත්ත්වයක් නොමැති බොහෝ දෙනා බැහැර කිරීමට හේතු විය. පුලූල් විරෝධතා මධ්‍යයේ, නව සමාජ ආරක්ෂණ වැඩසටහන වන අස්වැසුම සඳහා වූ අයදුම්පත් මිලියනයකට ආසන්න ප‍්‍රමාණයක් සමාලෝචනය කිරීමට රජය එකඟ වූ නමුත් ආර්ථික තත්ත්වය මත පදනම්ව පුද්ගලයන් ඉලක්ක කරන ලද අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් විවිධ දෝෂ, අත්තනෝමතික කප්පාදුව, ¥ෂණය සහ සමාජ අවිශ්වාසයට ගොදුරු වීම හේතුවෙන් විවේචනයට ලක්ව තිබේ.
ස්වකීය දේශීය ණය අවම කිරීමේ උත්සාහයක් ලෙස, ජූනි මාසයේදී ආණ්ඩුව විසින්, සාමාන්‍ය ජනයා තම ඉතුරුම් රඳවා ගෙන සිටින රාජ්‍ය විශ‍්‍රාම වැටුප් අරමුදල්වල වටිනාකම අඩු කරන ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කළේය.
 

වගවීම සහ යුක්තිය

2009 වසරේදී බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි සංවිධානය (ඛඔඔෑ* පරාජය කිරීමෙන් වසර 14 කට පසුව සහ 1989 දකුණේ වාමාංශික කැරලි මර්ධනය කිරීමෙන් දශක තුනකට අධික කාලයකින් අනතුරුව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් විමර්ශණය කිරීම සඳහා ජාතික සමගි හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභාව (ජා ස ප‍්‍ර කො* නමින් හැඳින්වෙන නව සත්‍ය සහ ප‍්‍රතිසංධාන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම ජනාධිපත් රනිල් වික‍්‍රමසිංහ විසින් මහතා පසුගිය ජුනි මාසයේදී නිවේදනය කලේය. තම අදහස් නිසි ලෙස ලබා ගෙන නොමැති බව ප‍්‍රකාශ කළ විදිතයින්ගේ කණ්ඩායම් සහ සිවිල් සමාජ සංවිධාන කියා සිටියේ නව කොමිෂන් සභාව විසින් ඔවුන් නැවත කම්පනයට ලක් කොට ආරක්ෂක හමුදාවල තාඩන පීඩන වලට යලිත් වරක් ලක් කරනු ඇති බවයි. 
අතීත උල්ලංඝනයන්ට ගොදුරු වූවන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ ප‍්‍රජාවන්ට එරෙහිව ආන්ඩුව දිගින් දිගටම සිදු කරන අපයෝජනයන් යෝජිත කොමිසමේ අරමුණු යටපත් කිරීමට හේතු වී ඇත.  එල්ටීටීඊය සමඟ යුද්ධයේදී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සහ වගවීම සඳහා උද්ඝෝෂණ කරනපුද්ගලයින් , විශේෂයෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ගොදුරු වූවන්ගේ ඥාතීන්, පොලිසියේ සහ බුද්ධි අංශවල සෝදිසි කිරීම්වලට සහ බිය ගැන්වීම්වලට ලක් කරන ලද අතර යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනතාව සැමරීමේ උත්සව කඩාකප්පල් කරන ලදී.
යුද්ධයෙන් අනතුරුව බලයට පත් සෑම රජයක් විසින්ම වින්දිතයන්ගෙන් සහ සාක්ෂිකරුවන්ගෙන් පුළුල් සාක්ෂි එක්රැස් කරමින් මේ හා සමාන කොමිෂන් සභා පත් කර ඇතත්, ඒ කිසිවක් වගවීම තහවුරු කිරීම හෝ අතුරුදහන් වූවන්ගේ ඉරණම හෙලි කිරීම සිදු කළේ නැත. ඒ වෙනුවට, වගකිවයුත්තන් හඳුනාගෙන නඩු පැවරීමේ යම් ප‍්‍රගතියක් ලබා ඇති බරපතල අපයෝජනයන් පිළිබඳ අපරාධ පරීක්ෂණ කිහිපයක් බලධාරීන් විසින් අවහිර කරන ලදී.

සාමාන්‍යයෙන් අහම්බෙන් සොයා ගන්නා ලද සමූහ මිනීවළවල් ගණනාවක් වින්දිතයන් හෝ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා නිසි ලෙස පරීක්ෂා කර නොමැත.

අතුරුදන් වූවන් සෙවීමට 2017 දී පිහිටුවන ලද අතුරුදන් වූවන් පිළිබඳ රජයේ කාර්යාලයේ කිසිදු ප‍්‍රගතියක් නොමැති තරම්ය. අතීතයේදී මානව හිමිකම් උල්ලංඝනයක් සිදු කරන ලදැයි චෝදනා ලබා ඇති පුද්ගලයන් උක්ත කාර්යාලයට පත් කිරීම මෙන්ම එවන් සිද්ධි වලට එරෙහිව නඩු පැවරීමට බාධා කිරීම් පිලිබඳව අපේ‍්‍රල් මාසයේදී එලි දක්වන ලද මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවක් විසින් විවේචනය කොට ඇත. සිදු වූූවා යැයි කියනු ලබන අපරාධ වලට සම්බන්ධ ඇතැම් රාජ්‍ය නිලධාරීන් තවමත් දේෂපාලනික වශයෙන් බලවත්ව හෝ ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් සිටී. 

රජයේ ආයතන විසින් සුළුතර දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දේපළ සහ ආගමික ස්ථාන නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී, හින්දු කෝවිලක් තිබූ ස්ථානයේ බෞද්ධ ස්මාරකයක් ඉදිකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව ලබාදුන් තීන්දුවක් හේතුවෙන් මරණීය තර්ජන එල්ල වූ මුලතිව් දිස්ත‍්‍රික්කයේ විනිසුරුවරයෙකු ඉල්ලා අස්වී රටින් පලා ගියේය.


ඉදිරි නඩු පැවරීම් සඳහා භාවිතා කිරීම පිණිස ජාත්‍යාන්තර අපරාධවල සාක්ෂි එක්රැස් කිරීමේ ශ‍්‍රී ලංකාවේ වගවීම් ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම සඳහා එ ජා මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව 2014 වසරේදී අලූත් කිරීමට නියමිතය. කවුන්සිලය විසින් තව දුරටත් විමර්ෂණය කිරීම අව්‍ය්‍ය නොවන බව රජයයන්ට ඒත්තු ගැන්වීමට යෝජිත සත්‍යය කොමිෂන් සභාවට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති කාර්යාලය පැවසීය. 


කවර හෝ සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලියක් සාර්ථක වීමට සත්‍යය සෙවීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර ඒ තුල වගවීම සඳහා වූ පැහැදිලි කැපවීමක් සහ දිගු කාලයක් පුරා පැතිරෙන වෙනස්කම් සිදු කිරීම සඳහා වන දේශපාලන උවමනාවක් ගැබ් විය යුතු බව පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාව පිලිබඳ වාර්තාවක් එලි දක්වමින් මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් මහතා පවසා තිබේ. 

අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ එක් රැස්වීමේ අයිතිය

උදාහරණක් ලෙස එක්තරා විකට නළුවකුගේ අදහස් ආගමික හැඟීම්වලට වේදනාකාරී බවට චෝදනා කරමින් 
ඔහු සති කිහිපයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සිද්ධිය ඇතුලූව බලධාරීන් විසින් නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම පීඩනයට ලක් කිරීම සිදු කොට ඇත. 
සැප්තැම්බරයේ දී, රජය විසින් අන්තර්ජාලයේ අසත්‍ය, තර්ජනාත්මක, තැතිගන්වන හෝ දුක්ඛිත ප‍්‍රකාශයන් ප‍්‍රකාශයට පත් කිරීම වැළැක්වීම සඳහා මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතක් ප‍්‍රකාශයට පත් කරන ලද නමුත් ක‍්‍රියාකාරීන් පැවසුවේ එය තවදුරටත් කථනය සීමා කරන බවයි. පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, ප‍්‍රකාශ අසත්‍ය ද තහනම් ද යන්න තීරණය කිරීමට, ඒවා ඉවත් කිරීමට නියෝග කිරීමට සහ පොලිස් විමර්ශනවලට සහ නඩු පැවරීමට සහභාගී වීමට හැකි වන පරිදි ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඔන්ලයින් ආරක්ෂණ කොමිසමක් පිහිටුවනු ඇත.


සාමකාමී රැස්වීම් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් අධික ලෙස බලය භාවිතා කිරීම, විරෝධතාකරුවන්ට එරෙහිව ප‍්‍රතිත‍්‍රස්ත නීති භාවිතා කිරීම සහ රජයේ ප‍්‍රතිපත්ති වලට එරෙහිව මහා පරිමාණ විරෝධතා සිදුවන අතරතුර සමාජ මාධ්‍ය පීඨිකා වෙත මහජනයාට ප්‍රෙව්ශ විය නොහැකි ලෙසින් ඒවා අවහිර කිරීම ඇතුලූ ” මත ප‍්‍රකාශ කිරීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මත දැඩි සීමාවන් පැනවීම” එ ජා මානව හිමිකම් කාරක සභාව විසින් ශ‍්‍රී ලංකාව පිලිබඳව සකස් කරන ලද වාර්තාවක් මගින් විස්තර කොට ඇත. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රෙද්ශ තුල මෙම අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ එක්රැස් වීමේ නිදහස සීමා කිරීම් බහුල ලෙස සිදුව ඇත. 

බලධාරීහු මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් සහ ක‍්‍රියාකාරීන් ඉලක්ක කරගෙන දිගටම කටයුතු කළ අතර ”සියලූ ආකාරයේ ආවේක්ෂණ සහ හිරිහැර වහාම අවසන් කරන ලෙස” ටර්ක් සිය වාර්තාව මගින් ඉල්ලා සිටියේය.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ නීති

පවතින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන අපයෝජනයන් පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර විවේචනවලින් පසුව අයිතිවාසිකම්වලට ගරු කරන ත‍්‍රස්ත විරෝධී නීතියක් සම්මත කිරීමට රජය ප‍්‍රතිඥා දී ඇත. විශේෂයෙන් ඨීඡු+ නමින් හැඳින්වෙන වැඩසටහනක් යටතේ සිය මානව හිමිකම් බැඳීම් සපුරාලීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ගාස්තු රහිත වෙළඳපොල ප්‍රෙව්ශය සපයා දෙන්නාවූ යුරෝපා සංගමය වෙතින් එල්ල වන පීඩනය හමුවේ 2017 වසරේදී මුල් වරට යුරෝපා සංගමය වෙත ලබා දුන් පොරොන්දුව වන ත‍්‍ර වැ ප පරිච්ýන්න කිරීම සම්බන්ධයෙන් නැවත පොරොන්දුවක් ලබා දීමට ශ‍්‍රී ලංකා රජයට සිදුව ඇත. 


කෙසේ වෙතත්, ත‍්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත ලෙසින් හඳුන්වනු ලබන යෝජිත ආදේශක පනත, පුරවැසියන්ගේ රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට තර්ජනයක් වන අතර එය ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වල අවශ්‍යතාවයන්ට ප‍්‍රමාණවත් නොවේ. ආන්ඩුව ප‍්‍රථම වරට නව නීතිය මාර්තු මාසයේදී යෝජනා කර තිබුනද එය ”උපදේශන” සඳහා ඉල්ලා අස්කර ගත්තේ පනත් කෙටුම්පත මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වඩාත්ම අපයෝජනාත්මක බලතල බොහොමයක් ආරක්ෂා කරන අතර අනිසි ලෙස නව බලතල නිර්මාණය කරන බවට පුලූල්ව පැතිරුනු විරෝධතා හේතුවෙනි. සැප්තැම්බර් මාසයේදී නැවත ඉදිරිපත් කරන ලද පනත් කෙටුම් පතෙහි අවම වෙනස්කම් අඩංගු විය. ත‍්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පතේ යම් වැඩැදියුණු තත්වයක් ඇතත් සාපරාධී වුවද, ත‍්‍රස්තවාදය පිළිබඳ සාධාරණ අර්ථ දැක්වීමකට ළඟා විය නොහැකි, සාමකාමී විරෝධතා හෝ ක‍්‍රියාවන් ඇතුළත් කිරීම සඳහා නොපැහැදිලි සහ පමණට වඩා පුළුල් භාෂාවක් අඩංගු ඒ තුල ඇතුලත් වේ. සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමට, නොපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති ආකාරයේ කතා කිරීම අපරාධ වරදක් බවට පත් කිරීමට සහ අර්ථවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව රැස්වීම් සහ සංවිධාන අත්තනෝමතික ලෙස තහනම් කිරීමට ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දීමට මෙම පනත් කෙටුම්පත සැලසුම් කොට ඇති බව පෙනේ. විවේචන වලින් අනතුරුව බැලූ බැල්මට තවදුරටත් වෙනස්කම් සිදු කිරීම සඳහා ඔක්තෝම්බර් මාසයේදී, පනත් කෙටුම්පත   පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගන්නා ලදී.

කාන්තා සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම්

ආර්ථික අර්බුදයේ බලපෑම බොහෝ විට දැඩි ලෙස දැනුණේ අඩු වැටුප් සහිත හෝ අනාරක්ෂිත රැකියාවක නිරත වූ සහ නිවස තුළ වැඩිවන බරට මුහුණ දෙන කාන්තාවන්ට ය. මුස්ලිම් ප‍්‍රජාව තුළ විවාහය පාලනය කරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (ඵඵෘ්* තුල අවම වයස් නියම කිරීමකින් තොරව ළමා විවාහවලට ඉඩ දීම ඇතුළුව කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන විධිවිධාන රාශියක් අඩංගු වේ. කාසි (පවුල්* උසාවියේ විනිසුරුවන් විය හැක්කේ පිරිමින්ට පමණක් බවත්, කාන්තාවන්ට දික්කසාද වීමට වඩා පිරිමින්ට  දික්කසාද වීම පහසු වන බවත්, ඇගේ විවාහය ලියාපදිංචි කිරීමට පෙර කාන්තාවකගේ හෝ ගැහැණු ළමයෙකුගේ කැමැත්ත සටහන් කිරීම අවශ්‍ය නොවන බවත් පනත විසින් නියම කරයි. තවද, ඵඵෘ් යටතේ අවසර දී ඇති ළමා විවාහ අවස්ථා වලදී ව්‍යවස්ථාපිත ස්ත‍්‍රී ¥ෂණයක් සිදු කිරීමට දණ්ඩ නීති සංග‍්‍රහය විසින් අවසර ලබා දේ.
 
කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක් ව්‍යතිරේක සහිතව සියලූම ගබ්සාවන් සඳහා දිගු සිර දඬුවම් නියම කරන ආකාරයේ ඉතා දැඩි ගබ්සා නීති සහිත රටවල් කිහිපය අතරින් ශ‍්‍රී ලංකාවද එකකි. 


කාන්තාවන්ට එරෙහි ලිංගික ප‍්‍රචණ්ඩත්වය ඇතුළු ප‍්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සිය අඛණ්ඩ කනස්සල්ල පළ කළ අතර දේශපාලනයේ කාන්තා නියෝජනය අඩුවීම  පිලිබඳව කනගාටුව ඵල කලේය. 


ලිංගික දිශානතිය සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය

 ”ස්වභාවධර්මයේ නියමයට එරෙහි ලිංගික සංසර්ගය” සහ ” ඕනෑම අශෝභන ක‍්‍රියාවක්” දණ්ඩ නීති සංග‍්‍රහය විසින් තහනම් කරයි. කැමැත්තෙන් සිදුවන සමලිංගික ක‍්‍රියාකාරකම් සාපරාධී ලෙස සැලකීමට මෙම විධිවිධාන පුළුල් ලෙස අවබෝධ කොට ගෙන ඇත. සංක‍්‍රාන්ති ලිංගිකයන් ඉලක්ක කර ගැනීම සඳහා පොලිසිය විසින් ”පුද්ගලයා විසින් වංචා කිරීම” තහනම් කරන තවත් විධිවිධානයක් භාවිතා කරන අතර, 1841 අයාල  ආඥාපනත තුල සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවන් සහ ලිංගික ශ‍්‍රමිකයන් යැයි සැක කෙරෙන කාන්තාවන් ඉලක්ක කර ගැනීම සඳහා භාවිතා කරන පුළුල් හා නොපැහැදිලි විධිවිධාන අඩංගු වේ.

ප‍්‍රධාන ජාත්‍යාන්තර ක‍්‍රියාධරයින්

කලාපය තුළ මූලෝපායික බලපෑම තහවුරු කිරීමට චීනය සහ අනෙකුත් බලවතුන් අතර ඇති එදිරිවාදිකම් ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා අර්ධ වශයෙන් සන්දර්භය සකස් කරයි. ඉන්දියාව, එක්සත් ජනපදය සහ ජපානය ප‍්‍රධාන ක‍්‍රියාකාරීන් අතරට ඇතුළත් වන අතර ඔවුන්  ඕස්ට‍්‍රේලියාව සමඟ චීනයට ප‍්‍රතිරෝධය දැක්වීම අරමුණු කරගත් ූම්ා ලෙස හඳුන්වන චතුරස්රාකාර ආරක්ෂක සංවාදයේ සාමාජිකයන් වේ. ශ‍්‍රී ලංකාවට සපයනු ලබන ආර්ථික ආධාර දෙස මෙම රාජ්‍යයන් විසින් අර්ධ වශයෙන් මෙම එදිරිවාදිකමේ කාචයෙන් බලා ඇත.
ශ‍්‍රී ලංකාවට ගාස්තු රහිත වෙළඳපොල ප්‍රෙව්ශය සපයනු ලබන ඨීඡු+ වැඩසටහන මත බර පටවමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන මානව හිමිකම් සම්මුති ක‍්‍රියාවට නැංවීමටත් මානව හිමිකම් තත්වය වැඩිදියුණු කිරීමටත් යුරෝපීය සංගමය විසින් ශ‍්‍රී ලංකාවට අඛන්ඩ පීඩනය එල්ල කොට ඇත. 

ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහෝදරයන් සහ හිටපු සොල්දාදුවන් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනේඩියානු රජයද  පියවර ගත් අතර ඔවුන් සියල්ලෝම ”බරපතල හා ක‍්‍රමානුකූලව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට” සම්බන්ධ බව පැවසූහ. එක්සත් ජනපදය විසින් ඇතැම් ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන් සඳහා අනුමැතිය ලබා දී ඇති නමුත් අනෙකුත් රජයන් එසේ කර නැත.

මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යාන්තර ප‍්‍රජාව ඉලක්ක කොට ගනිමින් රජය විසින් විවිධ දේ ප‍්‍රකාශ කළද උල්ලංඝනයක් අවසන් කිරීම සඳහා අව්‍ය්‍ය කරනු ලබන ක‍්‍රියාකාරී පියවර ගැනීමට එය අපොහොසත් වී තිබේ. රජය සිය යෝජිත සත්‍ය කොමිසමේ තොරතුරු ප‍්‍රසිද්ධ නොකළ නමුත් නිලධාරීන් දකුණු අප‍්‍රිකාව, ස්විට්සර්ලන්තය සහ ජපානය ඇතුළු විදේශ ආන්ඩුවල මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල සහය පැතුහ.

ශ‍්‍රී ලංකාව පිළිබඳ 2021 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව, 2024 සැප්තැම්බර් මාසයේදී අලූත් කිරීමට අවශ්‍ය වන අතර කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සමන්විත මූලික කණ්ඩායමක් විසින් එය මෙහෙයවනු ලැබේ.