|
News Release
ශ‍්‍රී ලංකාව: චන්ද්‍රිකා ඡුායාරූප හා සාක්ෂිකරුවන් පෙන්නුම් කරනුයේ ෂෙල් ප‍්‍රහාර අඛණ්ඩ ව එල්ල වන බවය
සිවිල් වැසියන් පීඩා විඳින නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ක‍්‍රියා කිරීමට අසමර්ථ වෙයි
(නිව් යෝක්) - නව චන්ද්‍රිකා ඡුායාරූප හා සාක්ෂිකරුවන් සපයන විස්තර, උතුරු ශ‍්‍රී ලංකාවේ ජනයා බහුල ව පදිංචි වී සිටින ගැටුම් ප‍්‍රදේශයේ දී තම සන්නද්ධ හමුදාවන් විසින් තවදුරටත් බර අවි යොදා නොගන්නා බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කරන ප‍්‍රකාශයන්ට ප‍්‍රතිවිරුද්ධය යි හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවේ හමුදාවන් හා දෙමළ ඊළම් විමුක්ති කොටි අතර සටන අඛණ්ඩ ව සිදු වෙමින් පවතින වෙරළාශ‍්‍රිත පටු තීරුවට එල්ල වූ කාලතුවක්කු ප‍්‍රහාරයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, 2009 මැයි 9 දින සිට සිවිල් වැසියන් 400කට වඩා ඝාතනයට ලක් ව ඇති බවත්, 1,000කට වඩා තුවාල ලබා ඇති බවත්, දේශීය මූලාශ‍්‍ර විසින් වාර්තා කරනු ලැබ ඇත.
”මෑත චන්ද්‍රිකා ඡුායාරූප හා සාක්ෂිකරුවන්ගේ විස්තර මගින් පෙන්නුම් කෙරෙනුයේ, ගැටුම් ප‍්‍රදේශය තුළ සිටින සිවිල් වැසියන්ට එල්ල වන කුරිරු ෂෙල් ප‍්‍රහාර අඛණ්ඩ ව සිදු වෙමින් පවත්නා බවය” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසුවේය. ”සිවිල් වැසියන් මිනිස් බිලි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා හමුදාවට හෝ දෙමළ කොටින්ට කවර හෝ නොකැමැත්තක් පෙනෙන්නට නොමැත.”
විද්‍යාත්මක ප‍්‍රගතිය සඳහා ඇමරිකානු සංගමය (ඒඒඒඑස්* විසින් ගැටුම් කලාපය පිළිබඳ උසස් විභේදනයක් සහිත වාණිජ චන්ද්‍රිකා ඡුායාරූප සම්බන්ධ මූලික විශ්ලේෂණයක් අද දින නිකුත් කරන ලද අතර, ඒවා මගින් මැයි 6-10 අතර දී බර අවි යොදා ගැනීමෙන් ඇති වූ ආවාට ද, අභ්‍යන්තර අවතැන් වූවන් විසින් භාවිත කරන ලද තාවකාලික වාසස්ථාන යයි සිතිය හැකි ව්‍යුහයන් දහස් ගණනක් ඉවත් කරන ආකාරය ද පෙන්නුම් කෙරෙයි. ”බල කරන ආකාරයේ හේතුවක් නොමැති ව අභ්‍යන්තර අවතැන් වූවන් සියලූ දෙනා සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම කිසිසේත් සිදු විය නොහැකිය” යි ඒඒඒඑස් නිගමනය කළේය. සිවිල් වැසියෝ දසදහස් ගණනක් ගැටුම් ප‍්‍රදේශය තුළ කොටු වී සිටිති.
කාලතුවක්කු ප‍්‍රහාරයන්ගෙන් ආවරණය වෙමින් හා ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයන්ට පලා යාම එල්ටීටීඊය විසින් වළක්වනු ලැබ නොගැඹුරු බංකරවල ගත කළ අතිශය ඛේදජනක දවස් පිළිබඳ ව සාක්ෂිකරුවන් විසින් හියුමන් රයිට්ස් වොච් වෙත විස්තර කරනු ලැබුණි.
ආරක්ෂක හේතු මත තම නම හෙළි නොකළ 35 වියේ පසු වන ”කේ. කනගා” පැවසුවේ, මැයි 9 දින රාත‍්‍රී 7ට පමණ ට‍්‍රැක්ටරය මතට ෂෙල් ප‍්‍රහාරය එල්ල වන විට ඇය හා තවත් 15 දෙනෙකු සැඟවී සිටියේ තමන් විසින් ට‍්‍රැක්ටරය යට ඉදි කරන ලද බංකරයක බවය. ”ඒක වුනේ ට‍්‍රැක්ටරයට නොවේ නම් අපි සියලූ දෙනා මැරෙන්න තිබුණා,” ඇය පැවසුවාය. කූඩාරම් හා එවේලේ ඉදි කර ගත් බංකර විශාල සංඛ්‍යාවක් පැවති ආසන්න ප‍්‍රදේශයට ෂෙල් ප‍්‍රහාර 8-10ක් පමණ එල්ල වූයේය. 45 වයසේ පසු වූ කනගාගේ නෑනා ලැගුම් ගෙන සිටියේ ආසන්නයේ පිහිටි කූඩාරමකය; ඇය කිසි විටෙක බංකරය වෙත නොපැමිණි අතර, ප‍්‍රහාරයේ දී ඝාතනයට ලක් විය. ”තවත් බොහෝ අයත් තුවාල ලැබුවා. ඒත් කී දෙනෙක් ද කියා මම දන්නේ නැහැ” කනගා පැවසුවාය. ”ඔවුන් කෙඳිරිගාන හඬ මට ඇහුණා.”
29 වයසේ පසු වන ”ආර්. රාමන්” පැවසුවේ, තමන් හා තම පවුලේ අය දින කීපයක් පුරා මුල්ලෙයිවයික්කාල්හි පිහිටි තම බංකරයේ - කිසිත් ආවරණයකින් තොර හාරා සකස් කර ගත් කානුවක් වේ - සැඟවී සිටි බවය. ”අපිට හැම පැත්තෙන් ම පහර දුන්නා,” ඔහු පැවසුවේය. ”මගේ බිරිඳත් මමත් බංකරයෙන් පිටට ගියේ අපේ ළමයි තුන් දෙනාට කැමයි වතුරයි ගන්න පමණයි.”
මැයි 9 දින පාන්දර, ආසන්නයේ පිහිටි කූඩාරම්වලින් එකකට ෂෙල් ප‍්‍රහාරයක් එල්ල වූයේය. ඒ ප‍්‍රහාරයෙන් රාමන්ගේ වයස 15 පසු වූ බෑනා ඝාතනයට ලක් වූ අතර, ඔහුගේ බෑනාගේ වැඩිමල් සහෝදරයා හා සහෝදරිය තුවාල ලැබුවෝය. ෂෙල් වෙඩිල්ල පැමිණියේ ශ‍්‍රී ලංකා හමුදාවේ ස්ථානයන්ගෙන් බවත්, මීටර් 100ක් පමණ දුරින් පිහිටි කැළය තුළ විහිදුවා සිටි එල්ටීටීඊ බලකායන් ඉලක්ක කර ගන්නට ඇති බවත් රාමන් විශ්වාස කරයි. ෂෙල් කීපයක් අවතැන් වූ සිවිල් වැසියන් පදිංචි වී සිටි කූඩාරම් ප‍්‍රදේශයට වැදුණේය.
ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයන්ට පලා යාම සඳහා උත්සාහ කිරීමට තමන් හා තම පවුලේ අය බිය වූ බව රාමන් පැවසුවේය. අපේ‍්‍රල් මාසයේ මුල දී ඔවුන් හා තවත් කීප සියයක් ප‍්‍රදේශය හැර යාමට උත්සාහ දැරූ අවස්ථාවේ එල්ටීටීඊ සටන්කරුවෝ ඔවුන්ට වෙඩි තැබීමට පටන් ගත්හ. ”ඔවුන් 15 දෙනෙකුට පමණ වෙඩි තබනවා මම දුටුවා,” ඔහු පැවසීය. ”ඔවුන් පළවෙනි පේළියේ හිටපු අයට වෙඩි තියන්න පටන් ගත්තා. ඒත්, ඔවුන් ජීවත් වෙනවා ද මැරුණා ද කියා මම දන්නේ නැහැ. වෙඩි තබන්න පටන් ගන්නවාත් එක්ක අපි බිම දිගා වුණා. ඒක නැවතුණා ම හැකි තරම් ඉක්මනින් අපි ආපහු දිව්වා. මිනිස්සු අතරෙ වෙඩි වැදුණු ළමයිත් හිටියා.”
රාමන් පවසන ආකාරයට, එදින පුද්ගලයන්ගෙන් අඩක් පමණ පලා යාමට සමත් වූවෝය. අනෙක් අයට ආපසු යාමට බල කෙරුණහ. හියුමන් රයිට්ස් වොච් සමග කතා කළ වෛද්‍යවරුන් විසින් පවසන ලද ආකාරයට, මැයි 12 දින උදේ 8ට පමණ මුල්ලිවයික්කාල්හි පිහිටි තාවකාලික රෝහලට නැවතත් ෂෙල් ප‍්‍රහාර එල්ල විය. තුවාල ලැබූ සිවිල් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රැුඳී සිටි අය වූහ. ප‍්‍රහාරය එල්ල වන විට රෝගීහු 1,000ක් පමණ රෝහලේ සිටියෝය. ඉන් බොහෝ දෙනෙකු මැයි 9-10 ප‍්‍රහාරයන්ගෙන් තුවාල ලැබූ අයය. රෝගීන් බැලීම සඳහා බොහෝ ඥාතීන් එන හා වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් සේවය සඳහා පැමිණෙන රෝගීන් බැලීමේ වේලාවේ දී රෝගීන් ඇතුළත් කර ගැනීමේ වාට්ටුව ඉදිරියේ ෂෙල් වෙඩිල්ලක් පිපිරුණු බව වාර්තා විය. ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 49 දෙනෙකු (26 දෙනෙකු එවේලේ ම හා අනෙක් අය තුවාල හේතුවෙන් පසු ව* ඝාතනය වූ බවත්, තුවාල ලැබූ තවත් 31 දෙනෙකු රෝහලේ රැුඳී සිටින බවත්, වෛද්‍යවරුන් විසින් වාර්තා කරනු ලැබුණි. ඝාතනයට ලක් වූවන් අතර මුලතිවු සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන නිලධාරියා ද සිටියේය. රෝගීනි ඇතුළත් කර ගැනීමේ කටයුතු සැලසුම් කරනු ලැබුණේ ඔහු විසිනි. වෛද්‍යවරයෙකු පැවසුවේ, ෂෙල් වෙඩි පැමිණියේ ආණ්ඩුවේ හමුදාවන් විහිදුවා තිබෙන ඉරඞ්ඩයිවයිකාල් දෙසින් බවය. ගැටුම් ප‍්‍රදේශයට ප‍්‍රවේශ වීම සඳහා ආණ්ඩුව විසින් හියුමන් රයිට්ස් වොච් හා වෙනත් ස්වාධීන නිරීක්ෂකයන්ට අවසර ලබා දී නොමැති හෙයින් හානි සම්බන්ධ මෙම සංඛ්‍යා තහවුරු කර ගත හැකි නොවේ.
යුද පෙරමුණෙන් බැහැර අලූතින් ස්ථාන ගත කරන ලද මුල්ලිවයික්කාල් රෝහලට නැවත නැවතත් ෂෙල් ප‍්‍රහාර එල්ල වූ අතර, එම වෙඩි තබන ලද්දේ ශ‍්‍රී ලංකා හමුදාවේ බලකායන් විසින් යයි විශ්වාස කෙරේ. අද ෂෙල් ප‍්‍රහාරයෙන් පසු රෝහලේ ඡුායාරූප (........* බැලිය හැකිය.
ගැටුම සම්බන්ධ දෙපාර්ශ්වය විසින් සිදු කරනු ලැබුණු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ ව හියුමන් රයිට්ස් වොච් විසින් නැවත නැවතත් බරපතළ සැලකිල්ලක් දක්වා ඇත. සිවිල් වැසියන් ”මිනිස් පලිහවල්” ලෙස යොදා ගැනීම, මාරක බලය යොදා ගැනීමෙන් ද ඇතුළු ව සිවිල් වැසියන් සටන් කලාපයෙන් පලා යාම වැළැක්වීම හා ජනයා බහුල ව පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට ආසන්න ව හිතාමතා තම බලකායන් විහිදුවීම මගින් එල්ටීටීඊය විසින් යුද නීති උල්ලංඝනය කරනු ලැබ ඇත. ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් යුද නීති උල්ලංඝනය කරමින් රෝහල් ඇතුළු ජනයා බහුල ව පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට වගවිභාගයකින් තොර ව ෂෙල් ප‍්‍රහාරයන් එල්ල කරනු ලැබ ඇත.
ශ‍්‍රී ලංකා ආණ්ඩුව ජනයා බහුල ව පදිංචි වී සිටින ප‍්‍රදේශයන්හි දී, විශේෂයෙන් ම රෝහල් ආසන්නයේ දී බර අවි යොදා ගැනීම අවසන් කළ යුතු යයි ඉල්ලා සිටින ලෙස, හියුමන් රයිට්ස් වොච් - එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව, ජපානය හා චීනය ඇතුළු - ශ‍්‍රී ලංකාවට ආධාර දෙන්නන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය. ආණ්ඩුව හා එල්ටීටීඊය යන පාර්ශ්ව දෙක ම සිවිල් වැසියන්ට සටන් කලාපයෙන් පලා යාමට ඉඩ දීම සඳහා සුරක්ෂිත මානුෂීය බිම් තීරුවලට අවසර දිය යුතුය.
නිව් යෝක්හි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිල රැුස්වීමක් මගින් හා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ සැසියක් මගින් ශ‍්‍රී ලංකාව තුළ මානුෂීය තත්වය වහා සලකා බැලිය යුතු යයි හියුමන් රයිට්ස් වොච් නැවත නැවතත් ඉල්ලා සිටියේය.
GIVING TUESDAY MATCH EXTENDED:
Did you miss Giving Tuesday? Our special 3X match has been EXTENDED through Friday at midnight. Your gift will now go three times further to help HRW investigate violations, expose what's happening on the ground and push for change.
Region / Country
Related content
Most Viewed
-
October 14, 2025
ශ‍්‍රී ලංකාව: විනාශකාරී බදු ප්‍රතිපත්ති අසමානතාවයන් උග්‍ර කරයි.
-
-
-
January 16, 2025
ශ‍්‍රී ලංකාව : නව රජය ආර්ථික ප්‍රතිසංස්කරණ, යුක්තිය ගැන පොරොන්දු වෙයි
-