Skip to main content

ශ‍්‍රී ලංකාව: දෙමළ කොටි සැකකරුවන් අනියත කලකට රඳවා ගැනීම අවසන් කරමු

හුදකලා ”පුනරුත්ථාපනය” වධ දීම් හා බලාත්කාරී අතුරුදන් කිරීම් පිළිබඳ බිය මතු කරයි

(නිව් යෝක්) - ශ‍්‍රී ලංකා ආණ්ඩුව 11,000කට වැඩි ජනයා ඊනියා පුනරුත්ථාපන කඳවුරු තුළ අනියත කලකට අත්තනෝමතික ව රඳවා ගෙන සිටීම අවසන් කළ යුතු අතර, චෝදනා ඉදිරිපත් නොකරනු ලබන අය නිදහස් කළ යුතු යයි අද නිකුත් කළ වාර්තාවක දී හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.

”නීතිමය පොරොත්තු වීම: ශ‍්‍රී ලංකාවෙහි සැකකාර එල්ටීටීඊ රැුඳවියන්ගේ අවිනිශ්චිත ඉරණම” නමැති පිටු 30ක වාර්තාව පදනම් වනුයේ, රැුඳවියන්ගේ ඥාතීන්, මානුෂීය සේවකයන් හා මානව හිමිකම් අභිදේශකයන් හා තවත් අය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා මතය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව රැුඳවියන්ගේ මූලික අයිතිවාසිකම් අඛණ්ඩ ව උල්ලංඝනය කර ඇති බව හියුමන් රයිට් වොච් සොයා ගත්තේය. මෙම රැුඳවියන් එකොළොස්දහස, පරාජයට පත් කරනු ලැබුණු දෙමළ ඊළම් විමුක්ති කොටින්ගේ (එල්ටීටීඊ* හිටපු සටන්කරුවන් හෝ ආධාරකරුවන් යයි ආණ්ඩුව තර්ක කරයි.

”ආණ්ඩුව මාස ගණනක් පුරා 11,000ක් ජනයා නීතිමය පොරොත්තු වීමක රඳවා ගෙන සිටියි,” හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසීය. ”ආරක්ෂාවට සැබෑ තර්ජනයක් වන අය හඳුනා ගෙන ඉතිරි අය නිදහස් කිරීමට කාලය පැමිණ තිබේ.”

තමන් අත්අඩංගුවට ගනු ලැබුණේ කවර හේතුවක් මත ද යන්න දැන ගැනීමට, ස්වාධීන අධිකරණ බලයක් ඉදිරියේ රඳවා ගෙන සිටීමේ නීත්‍යනුකූලත්වය අභියෝගයට ලක් කිරීමට සහ නීතිමය උපදේශනය හා පවුලේ සාමාජිකයන් වෙත පිවිසීමේ අවස්ථාව ලබා ගැනීමට රැුඳවියන්ට ඇති අයිතිය ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත යි හියුමන් රයිට්ස් වොච් පැවසීය. අපරාධ සම්බන්ධයෙන් කවරෙකුට හෝ නිල වශයෙන් චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබෙනුයේ ද, ආණ්ඩුව විසින් රඳවා ගෙන සිටීමට හේතු වන අයුරින් ඔවුන් සිදු කළ බවට චෝදනා කෙරෙනුයේ කවර ක‍්‍රියාවන් ද යන්න නොපැහැදිලිය.

මහජන සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට ආණඩුවට අයිතියක් හා වගකීමක් ඇත ද, එය එම කටයුත්ත කළ යුත්තේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින් නීත්‍යනුකූල ආකාරයෙන් යයි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.

2009 මැයි මාසයේ දී එල්ටීටීඊයේ පරාජයෙන් නිම වූ ශ‍්‍රී ලංකා ආණ්ඩුව හා එල්ටීටීඊය අතර 26 වසරක් දීර්ඝ ගැටුමේ අවසන් මාසයන්හි දී, ආණ්ඩුව තමන් විසින් උතුරේ ”සුභසාධන කඳවුරු” ලෙස හඳුන්වනු ලැබුණු කඳවුරු තුළ, ගැටුම හේතුවෙන් අවතැන් වූ 30,000කට ආසන්න ජනයා සිර ගත කළේය. 2008 වර්ෂයේ මුල සිට, ඇත්ත වශයෙන් ම සටනින් පලා ගිය සියලූ ජනයා ම පාහේ මෙම කඳවුරු තුළ සිර ගත කරනු ලැබුණහ. මුර කපොලූවල දී හා කඳවුරු තුළ දී, එල්ටීටීඊය සමග සම්බන්ධකම් ඇති බවට සැක කළ පුද්ගලයන් 11,000කට වැඩි පිරිසක් තෝරා වෙන් කළ බලධාරීහු ඔවුන් ”පුනරුත්ථාපන මධ්‍යස්ථාන” වෙත යැව්වෝය. මෙම මධ්‍යස්ථාන වෙත මාරු කර යවන ලද පිරිස අතර ළමයි 550කට වඩා සිටියෝය. රඳවා ගෙන සිටින අයගෙන් බොහෝ දෙනා පුනරුත්ථාපනය සඳහා ස්වේච්ඡුාවෙන් යටත් වූයේ යයි ආණ්ඩුව විසින් තර්ක කරනු ලැබුණ ද, මානුෂීය ආයතනයන්ට හා වෙනත් ස්වාධීන නිරීක්ෂකයන්ට රැුඳවියන් වෙත ප‍්‍රවේශ වීමේ අවස්ථාවක් නොමැතිකම හේතුවෙන්, කී දෙනෙකු යටත් වූයේ ද, මෙම කණ්ඩායමෙන් කී දෙනෙකු ස්වේච්ඡුාවෙන් එසේ කළේ ද යන්න හා කී දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණේ ද යන්න දැන ගැනීම දුෂ්කරය.

ක‍්‍රියාවලියෙහි විනිවිද භාවයක් නොමැතිකම හා ඇතැම් රැුඳවියන්ගේ ඉරණම හා ඔවුන් කොහි සිටිනුයේ ද යන්න පිළිබඳ ව තොරතුරු නොමැතිකම හේතුවෙන්, අත්අඩංගුවේ දී වධ දීම්වලට හා දුෂ්ට ලෙස සැලකීමට ගොදුරු විය හැකිය යන්න හා ඇතැම් අය බලාත්කාරයෙන් අතුරුදන් කරනු ලැබ තිබිය හැකිය යන්න පිළිබඳ ව උනන්දුවක් ඇති වන බව හියුමන් රයිට්ස් වොච් පැවසුවේය. ”යළි පෙනෙන නපුරු සිහිනය: ශ‍්‍රී ලංකාවෙහි සිදු වන ‘අතුරුදන් වීම්’ හා පැහැර ගෙන යාම් සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම” නමැති 2008 වාර්තාවක හියුමන් රයිට්ස් වොච් විසින් ලේඛන ගත කරනු ලැබුණු ආකාරයට, බලාත්කාරී අතුරුදන් කිරීම ශ‍්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලූවක් වන අතර, ජනයා දහස් ගණනක් පිළිබඳ ව කිසිත් තොරතුරක් නොමැත.

නිදසුනක් ලෙස, තම බිරිඳ අනදි හා එක් වියැති පුතා සමග ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයට මාරු වීමෙන් පසු ව 2009 මැයි 15 දින හමුදාව 32 වියැති ජෙගනාදන් රඳවා ගත්තේය. අනදි දිගට ම කඳවුරේ සිටිය යුතු යයි හමුදාව විසින් අවධාරණය කරන ලද අතර, සති ගණනක් පුරා ඇයට තම සැමියා පිළිබඳ ව කිසිත් තොරතුරක් දැන ගැනීමට නොලැබුණි. ”මගේ බලාපොරොත්තු සේරම නැති වුණා,” අනදි හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවාය. ”මං හිතන්නේ මට ආයෙත් එයා දකින්න ලැබෙන එකක් නැහැ.”

අනදිගේ ඥාතියෙකු විසින් ජෙගනාදන් පුනරුත්ථාපන කඳවුරක සිටින බව සොයා ගනු ලැබුණි. අනදිට ඔහු බැලීමට යාමට හැකි වූයේ විටින්විටය. ඔහු කොතරම් කාලයක් මධ්‍යස්ථානයෙහි රැුඳී සිටිය යුතු ද යන්න, රඳවා ගනු ලැබීමෙන් මාස ගණනකට පසු ද ඔහුට දැනුම් දී නොමැත. නීතිඥයෙකු හමු වීමට ඔහුට අවස්ථාව නොමැති අතර, තමන් රඳවා තබා ගැනීම පිළිබඳ ව උසාවියක් ඉදිරියේ කරුණු කියා සිටීමට ද ඔහුට හැකියාවක් ලැබී නොමැත. අනදිය තම සැමියා බැලීමට ගිය අවසන් අවස්ථාවේ දී ඔහුට ඇයට පැවසුවේ, බලධාරින් අඛණ්ඩ ව තමන්ගෙන් ප‍්‍රශ්න කරන බවත්, ඔවුන් ”යටත් වූ අයගෙන්” ඇතැමුන්ට පහර දීමට පටන් ගෙන ඇති බවත්ය. ”පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට” මූල්‍ය සහාය සපයන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර අධාර දෙන්නන්ගෙන් ඉල්ලා ඇත. රැුඳවියන්ගේ අයිතිවාසිකම්වලට පූර්ණ වශයෙන් ගරු නොකරනු ලබතොත් හා ගරු කරනු ලබන තෙක් ආධාර දෙන්නන් සහාය නොසැපයිය යුතු යයි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.

”ක‍්‍රියාවලිය පිළිබඳ නිසි සහතිකයක් නොමැති බැවින්, මෙම මධ්‍යස්ථායන්ට සහාය දීම ආණ්ඩුවේ නීති විරෝධී රඳවා ගැනීමේ ප‍්‍රතිපත්තියට සහාය දීමක් වන්නේය,” ඇඩම්ස් පැවසීය. ”කවර හෝ ආධාර දෙන්නෙකු ඊට හවුල් නොවිය යුතුය.”

GIVING TUESDAY MATCH EXTENDED:

Did you miss Giving Tuesday? Our special 3X match has been EXTENDED through Friday at midnight. Your gift will now go three times further to help HRW investigate violations, expose what's happening on the ground and push for change.