Skip to main content

සිය ශ‍්‍රී ලංකා චාරිකාව පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් වෙත ලිපියක්

ප‍්‍රිය මහ ලේකම්තුමනි,
 
අප ලියනුයේ මැයි 23 දිනට එළඹෙන ඔබගේ ශ‍්‍රී ලංකා චාරිකාවට පෙරය. දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* පරාජය කරමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ලබා ගන්නා ලද ජයග‍්‍රහණය මගින් සංඥා කෙරෙනුයේ ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ 25 වසරක් දීර්ඝ විනාශකාරී යුද්ධය අවසන් වීමකි. එමගින් එල්ටීටීඊය විසින් සිවිල් ජනයාට එරෙහි ව සිදු කරනු ලැබුණු බොහෝ ක‍්‍රෑරකම්වල අවසානය ද සලකුණු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සටනේ ප‍්‍රතිඵලයක් ලෙස, සිවිල් වැසියන්ගේ ජීවිත හා පීඩාවන් සම්බන්ධයෙන් මග හැරිය හැකි ව තිබූ භයානක පිරිවැයක් දැරීමට සිදු වූ අතර, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ආසන්න හා දීර්ඝකාලීන ප‍්‍රතිවිපාක අඛණ්ඩ ව පවතිනු ඇත්තේය.
 
සටන හා ඒ ආශ‍්‍රිත මරණ හා තුවාල ලැබීම් දැන් අවසන් වී තිබීම සම්බන්ධයෙන් අප සතුටු වන අතර, මෙය අන් සියල්ලටත් වඩා පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ පවත්නා අවස්ථාවන් හා උද්වේගයන් පිළිබඳ ව සාකච්ඡුා කිරීම සඳහා බෙහෙවින් අවශ්‍ය වී තිබෙන අවස්ථාවක් විය යුත්තේය. ශ‍්‍රී ලාංකික ජනයාගේ වඩාත් ම ප‍්‍රබල උද්වේගයන් පිළිබඳ ව ජාත්‍යන්තතර අවධානය යොමු කිරීම සඳහා ඔබ ඔබගේ චාරිකාව යොදා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබගේ චාරිකාව සිදු වනුයේ, සටන හේතුවෙන් අවතැන් වූ 30,000ක් පමණ ජනයා අවිනිශ්චිත තත්වයක පසු වන කාලයක දීය. ප‍්‍රමාණවත් ආහාර හා වෛද්‍ය රැුකවරණයක් නොමැති ව ගැටුම් ප‍්‍රදේශය තුළ තව ම සිටින තුවාල ලැබූ සිවිල් වැසියන් ද මීට ඇතුළත්ය. එහෙත්, බරපතළඅවදානමකට ලක් ව සිටින අය වෙත එක්සත් ජාතීන් හා මානුෂීය ආයතන ප‍්‍රවේශ වීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් අඛණ්ඩ ව අනවශ්‍ය සීමාවන් පනවනු ලැබේ.
 
පසු ගිය වර්ෂයේ දී ඔබ විසින් බුරුමය වෙත සිදු කරන ලද චාරිකාවේ දී, මානුෂීය උද්වේගයන් වෙත අවධානය යොමු කිරීම මගින්, මානුෂීය සේවකයන් සඳහා විධිමත් ප‍්‍රවේශයක් සැපයීම ඇතුළු ව මානුෂීය ආධාර බෙදා හැරීම සම්බන්ධයෙන් සැලකිය යුතු වැඩි දියුණුවක් ඇති කළ හැකි බව ඔබ පෙන්නුම් කළෙහිය.
 
පෞද්ගලික ව හා ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග එක් ව හා ඔබගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයන්හි දී, විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු පහත අංශ ඉස්මතු කළ යුතු යයි හියුමන් රයිට්ස් වොච් ඔබගෙන් ඉල්ලා සිටී:
 
*අභ්‍යන්තර අවතැන් වූවන්ගේ රැුඳවුම් කඳවුරු හා තුවාල ලැබූවන්ට ප‍්‍රතිකාර කිරීම වෙත එක්සත් ජාතීන්ට හා මානුෂීය ආයතනයන්ට පූර්ණ ප‍්‍රවේශය සැපයීම;
*අතීත හා වර්තමාන අපයෝජනයන් එළිදරව් කරනු ලබන මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහි සියලූ ආකාරයේ අඩන්තේට්ටම් කිරීම්, බිය ගැන්වීම් හා තර්ජනයන් නතර කිරීම;
*දෙමළ ජනයාට හා ආණ්ඩුව විසින් එල්ටීටී සාමාජිකයන් ලෙස සැකකරනු ලබන පුද්ගලයන්ට එරෙහි ව සිදු වන නව මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහි රැුකවරණයන් සහතික කිරීම;
*වෙනස්කම් කිරීම හා නීතිය යටතේ පූර්ණ හා සමාන පුරවැසියන් ලෙස දෙමළ ජනයාට සැලකීම සඳහා ආණ්ඩුවට ඇති කැප වීම පිළිබඳ ව දෙමළ ප‍්‍රජාව තුළ පවත්නා උද්වේගයන් සලකා බැලීම; හා
*මෑත සටනේ දී සිදු වූ ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය පිළිබඳ උල්ලංඝනයන් සම්බන්ධයෙන් සියලූ පාර්ශ්වයන් ලවා වග වීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමක් නිර්මාණය කිරීම.
 
අභ්‍යන්තර අවතැන් වූවන්ගේ රැුකවරණය
 
දැන් ආණ්ඩුවේ සංවෘත ”සුභසාධන” කඳවුරු තුළ, රැුකියාව සඳහා පිටත් ව යාම හෝ ඥාතීන් හෝ වෙනත් පවුල් සමග පදිංචියට යාම වළක්වනු ලැබ සිටින සම්පූර්ණ පවුල් ඇතුළු 30,000කට ආසන්න සිවිල් වැසියෝ රඳවා සිටිති. 2008 දී මෙම කඳවුරු පිහිටුවනු ලැබුණු අවස්ථාවේ සිට පිට වී යාමට අවසර දී තිබෙනුයේ 1,500ක් පමණ ජනයාට පමණක් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වැඩිහිටියෝ වෙති. එසේ ම, එල්ටීටීඊ සමග සම්බන්ධකම් පැවතියේ යයි කියමින්, මූලික පරීක්ෂණ ක‍්‍රියාවලියේ දී හෝ කඳවුරුවලින් ම රැුගෙන ගොස් ආණ්ඩුව විසින් නොදන්නා ජන සංඛ්‍යාවක් අත්අඩංගවට ගනු ලැබ තිබේ. මෙම කොන්දේසි විසින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටිනු ලැබේ.
 
විශේෂ උද්වේගයක් වනුයේ, පලා යාමට බල කෙරෙන තෙක් යුද කලාපය තුළ පිහිටි එක ම ක‍්‍රියාත්මක රෝහල තුළ තුවාල ලැබූවන්ට ප‍්‍රතිකාර කිරීමෙහි නිරත වූ අවතැන් වූ වෛද්‍ය කාර්ය මාණ්ඩලිකයන්ගේ ඉරණමය. ආණ්ඩුව විසින් ගැටුම් කලාපයට ෂෙල් ප‍්‍රහාර එල්ල කරනු ලැබීම පිළිබඳ ව ඍජු ව කතා කිරීම හේතුවෙන් ම  ඕමන්තේ පරීක්ෂණ මුර පොළේ දී මෙම වෛද්‍යවරුන් අත්අඩංගුවට ගනු ලැබුණු බව වාර්තා වන අතර, කොළඹ ශ‍්‍රී ලාංකික බලධාරීන් විසින් හුදකලා ව රඳවා තබා ඇති බව විශ්වාස කෙරේ. ශ‍්‍රී ලාංකික ජනයා වෙනුවෙන් ඔවුන් විසින් ඉටු කරන ලද විශිෂ්ට සේවය අගය කිරීම වෙනුවට, ව්‍යාජ තොරතුරු පතළ කළේය යන චෝදනාව මත ආණ්ඩුව විසින් ඔවුන් රඳවා ගනු ලැබ ඇත. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ඉතිහාසය සැලකීමේ දී අප විශ්වාස කරනුයේ, ඔවුන් අත්තනෝමතික රඳවා ගැනීමේ, බලාත්කාරී අතුරුදන් වීමේ හා වධ දීමේ අවදානමට ලක් ව සිටින බවය.
 
අත්අඩංගුවට ගනු ලැබුණු සියලූ සිවිල් වැසියන්ගේ හා එල්ටීටීඊ සටන්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ පියවරයන් ගැනීමට ඔබ ශ‍්‍රී ලංකා ආණ්ඩුව උනන්දු කළ යුතු යයි අපි ඉල්ලමු. මීට ඇතුළත් වනුයේ, එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයන්හි සිටින සියලූ පුද්ගලයන් ලියාපදිංචි කිරීම හා ඔවුන් පිළිබඳ ව ප‍්‍රසිද්ධ තොරතුරු සැපයීම, එම ක‍්‍රියාවලියේ දී ජාත්‍යන්තර මානුෂීය ආයතනයන්ට සහභාගි වීමට ඉඩ දීම හා කඳවුරුවලට හා ගැටුම් ප‍්‍රදේශයට ප‍්‍රවේශ වීම වළක්වමින් මානුෂීය සංවිධානයන්ට හා මාධ්‍යයට පනවා ඇති තහනම ඉවත් කිරීමය. හදිසි අවස්ථා හෝ වෙනත් නීති යටතේ රඳවා ගෙන සිටින අයට පවුල්වල සාමාජිකයන් හා නීතිමය උපදෙස් වෙත කඩිනම් ප‍්‍රවේශය ලබා දිය යුතුය.
 
අභ්‍යන්තර අවතැන් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශක මූලධර්මයන්ට අනුව අභ්‍යන්තර අවතැන් වූවන්ට සැලකීම හා මූලික මානව හිමිකම්වලට ගරු කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පවත්නා බැඳීම් නැවත මතක් කර දීමට ඔබගේ චාරිකාව විසින් ඔබට අවස්ථාවක් පිරිනැමේ. මීට ඇතුළත් වනුයේ, සියලූ ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට හිමි විය යුතු නිදහසේ යාමේ ඒමේ අයිතිය හා අනවශ්‍ය සීමාවන්ගෙන් තොර ව අපක්ෂපාතී මානුෂීය ආයතනයන්ට මධ්‍යස්ථාන වෙත ප‍්‍රවේශය ලබා දීමය.
 
අනාගත මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීම
 
ශ‍්‍රී ලංකාවේ දීර්ඝ යුද්ධය අවසන් වීම මගින් මානව හිමිකම් සම්බන්ධයෙන් රට තුළ වැඩි ගරුත්වයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථා - හා අවදානම් - සම්පාදනය වේ. අයිතිවාසිකම්වලට ගරු කරන අනාගත ශ‍්‍රී ලංකාවක් සම්බන්ධ ඔබගේ බලාපොරොත්තු හා උද්වේගයන් ඔබ විසින් මතු කරනු ලැබීම වැදගත් වේ.
 
විරුද්ධවාදීන් ලෙස දකිනු ලබන්නන්ට එරෙහි ව, එල්ටීටීඊ ආධාරකරුවන් යයි සැක කරනු ලබන්නන් මුලිනුපුටා දැමීමේ ආණ්ඩුවේ ප‍්‍රයත්නයන්ට සම්බන්ධිත ව අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, බලාත්කාරී අතුරුදන් කිරීම් හා නීති විරෝධී ඝාතන සිදු කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ශ‍්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන්ට තිබේ. එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය වී තිබෙන තත්වයේ දී, විශේෂයෙන් ම එල්ටීටීඊයේ ඉතිරි වූ සටන්කරුවන් සිවිල් ජනයා ඉලක්ක කර ගනිමින් අඛණ්ඩ ව ප‍්‍රහාරයන් එල්ල කළ හොත්, මෙම උල්ලංඝනයන් නැවත නැවත් සිදු නොවීම තීරණාත්මක වනුයේය. පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ දෙමළ ජනයා සමාන අයිතිවාසිකම් භුක්ති විඳිනු ඇති බවට පැහැදිලි පණිවිඩයක් යවමින් අවතැන් වූවන්ගේ හා සිර භාරයට ගනු ලැබුණු සටන්කරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම තුළ ශ‍්‍රී ලංකාවේ අනාගත ස්ථාවරත්වය සම්බන්ධයෙන් වැදගත් දීර්ඝකාලීන ඇඟවුම් ඇත්තේය.
 
නීතිය යටතේ සමාන ආකාරයෙන් සලකන ලෙස හා ශ‍්‍රී ලංකාවේ දෙමළ සුලූතරයට වෙනස්කම් කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටීම යනු දශක ගණනාවක් දීර්ඝ ශ‍්‍රී ලංකාවේ ගැටුමේ මූලය වන අතර, යුද්ධය පුරා සිවිල් වැසියන්ට සැලකීම සමන්විත වූයේ ඒ මගිනි. එල්ටීටීඊය සමග යුද්ධය උග‍්‍ර වන විට දෙමළ සිවිල් ජනයා මත එල්ල වූ පීඩනය ද උග‍්‍ර වූයේය. ආණ්ඩුවේ බලධාරීන් විසින් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ ඇත්තේ මුළුමනින් ම පාහේ ඔවුන්ගේ ජනවාර්ගිකත්වය පදනම් කර ගෙනය. සාක්ෂි ඔප්පු කිරීමට පවත්නා බැඳීම අවලංගු කළ හා රැුඳවියන්ට විධිමත් ක‍්‍රියාවලීන් සම්පාදනය කිරීම ප‍්‍රතික්ෂේප කළ ත‍්‍රස්ත විරෝධී පණත හා හදිසි අවස්ථා රෙගුලාසි, එල්ටීටීඊ ආධාරකරුවන් යයි බොහෝ විට සාවද්‍ය ලෙස සැක කරනු ලබන දෙමළ ප‍්‍රජාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් යොදා ගනු ලැබ තිබෙනුයේ ප‍්‍රමාණානුකූල නොවන ආකාරයෙනි. දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාව තුළ නිල භාෂාවක් බවට පත් කරන ලද නීතිය හා නිල ස්ථානයන්හි දෙමළ භාෂා හැකියාව වැඩි දියුණු කිරීමට දරනු ලබන පරිශ‍්‍රමයන් නොතකා, කාර්යාලයීය කටයුතු සිදු කිරීමේ දී භාෂාමය වෙනස්කම් කිරීම පුළුල් ව පැතිරී ඇත්තේය. උසාවි ලේඛන, පොලිස් වාර්තා හා දෙමළ සැකකරුවන් විසින් අත්සන් තැබූ පාපොච්චාරණ පවා නීතියට පටහැණි ව යමින් සකස් කර තිබෙනුයේ සිංහල භාෂාවෙන් වන අතර, මෙය දෙමළ කතා කරන්නන්ගේ මූලික අයිතිවාසිකම්වලට හානි කරන්නේය.
 
පෙර සඳහන් කරන ලද ආකාරයට, අයිතිවාසිකම් අපයෝජනය සම්බන්ධයෙන් දඬුවම් නොලැබ බේරීම ශ‍්‍රී ලංකාව තුළ පුළුල් වශයෙන් පැතිරුණු ගැටලූවක් වේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත නම් ශ‍්‍රී ලංකාවේ දුෂ්ට පණත පිළිබඳ ව දශක ගණනාවක් පුරා විශ්වාසය තැබීම හා හදිසි අවස්ථා තත්වයක් යටතේ එය අඛණ්ඩ ව ම පාහේ ක‍්‍රියාත්මක වී සාමාන්‍ය යුක්ති ක‍්‍රියාවලීන් පැහැර ගැනීම හේතුවෙන්, දඬුවම් නොලැබ බේරී යාමේ චක‍්‍රයට එරෙහි ව සටන් කිරීමට දරනු ලබන පරිශ‍්‍රමයන් නිශ්ඵල වී ඇත. මෙම නීතිය සංශෝධනය කිරීමේ හෝ අවලංගු කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතිනුයේය. අපගේ අධිකරණ ක‍්‍රමයේ පවත්නා ආන්තික අප‍්‍රමාණවත් භාවය, සාක්ෂිකරුවන්ට රැුකවරණය සැලසීමේ ක‍්‍රියාත්මක වැඩ සටහනක් නොමැති වීම හා අධිකරණ පද්ධතිය දේශපාලන පීඩනයට ගෙදුරු වීමට මහත් ඉඩක් තිබීම හේතුවෙන් ගැටලූව වඩාත් දරුණු වනුයේය.
 
මාධ්‍යවේදීන් වඩ වඩා ආණ්ඩුවේ සීමා පැනවීම්වලට ලක් වන, ප‍්‍රචණ්ඩත්වයේ හා අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වල ඉලක්ක බවට පත් වන ශ‍්‍රී ලංකාව තුළ වැඩි මාධ්‍ය නිදහසක් අවශ්‍ය බව ඉස්මතු කරන ලෙස ද අපි ඔබ උනන්දු කරමු.
 
පරීක්ෂණ කොමිසම
 
එක්සත් ජාතීන් වෙතින් ලැබෙන තොරතුරුවලට අනුව 2009 ජනවාරි මාසයේ සිට සටන්වල දී සිවිල් වැසියන් 7,000කට වැඩි සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ අතර, ඊට වඩා සංඛ්‍යාවක් තුවාලවලට ගොදුරු වූහ. හියුමන් රයිට්ස් වොච් විසින් මෙම කාල පරිච්ෙඡ්දයේ දී ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන් හා එල්ටීටීඊය යන පාර්ශ්ව දෙක විසින් ම සිදු කරනු ලැබුණු ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ බරපතළ උල්ලංඝනයන් ලේඛන ගත කරනු ලැබ ඇත. නැවත නැවතත් ප‍්‍රතික්ෂේප කරන ලද නමුත්, ආණ්ඩුවේ හමුදාවන් විසින් ජනයා විශාල වශයෙන් පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට නැවත නැවතත් ෂෙල් ප‍්‍රහාර එල්ල කරනු ලැබුණි. පදිංචි වන ලෙස සිවිල් වැසියන් උනන්දු කරමින් ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුණු ”යුද මුක්ත කලාප” තුළ පිහිටා තිබූ රෝහල්වලට එල්ල කෙරුණු ප‍්‍රහාරයන් 30ක් හෝ මීට ඇතුළත්ය. එල්ටීටීඊය, සිවිල් වැසියන් මිනිස්පලිහවල් ලෙස යෙදා ගැනීම, ඔවුන් පලා යාම වැළැක්වීම සඳහා මාරක බලය යොදා ගැනීම හා ජනයා බහුල ව පදිංචි වී සිටි ප‍්‍රදේශ තුළ හා ඒ ආසන්නයේ තම බලකායන් විහිදුවීම මගින් යුද නීති උල්ලංඝනය කළේය.
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් සහන සැපයුම් ප‍්‍රමාණවත් ලෙස බෙදා නොහැරීම හා ජාත්‍යන්තර මානුෂීය නීතිය මගින් නියම කරනු ලබන ආකාරයට ආධාර ආයතනයන්ට ප‍්‍රදේශයට ප‍්‍රවේශ වීම සඳහා අවසර දීම ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිවිල් වැසියන්ගේ තත්වය තවත් නරක් වූයේය. කෙසේ වෙතත්, මාධ්‍යය හා මානව හිමිකම් සංවිධාන ඇතුළු ස්වාධීන නිරීක්ෂකයන් යුද කලාපය ආසන්නයේ කටයුතු කරීමෙන් වළක්වනු ලැබුණු බැවින් සටන හා සිදු වන්නට ඇති යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව පවත්නා තොරතුරු සීමාසහිතය.
 
බරපතළ මානව හිමිකම් අපයෝජනයන් පරීක්ෂා කිරීම පිළිබඳ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඉතිහාසය දුර්වල එකක් වන අතර, දඬුවම් නොලැබ බේරීම අඛණ්ඩ ගැටලූවක් වී තිබේ. හියුමන් රයිට්ස් වොච් 2009 දී නිකුත් කළ ”නැවත නැවත පෙනෙන නපුරු සිහිනය” නම් වාර්තාව තුළ උදාහරණ ලෙස විස්තර කරනු ලබන ආකාරයට, මානව හිමිකම් පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සිදු වෙමින් තිබෙන අතර, බලාත්කාරී අතුරුදන් වීම හා නීති විරෝධී ඝාතන පිළිබඳ නොවිසª සිදුවීම් සංඛ්‍යාව දසදහස් ගණනක් වෙමින් පවතියි. ඓතිහාසික වාර්තාව මෙය වුව ද, නීතිමය පියවරයන් ගෙන තිබෙනුයේ ඉතා සුලූ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පමණි. ශ‍්‍රී ලංකාව තුළ අවස්ථානුකූල ව යන්ත‍්‍රණයන් ඇති කිරීම මගින් උල්ලංඝනයන් සලකා බැලීමට අතීතයේ දී දරන ලද පරිශ‍්‍රමයන් තොරතුරු සම්පාදනය වීමට හෝ නීතිමය පියවරයන් ගැනීමට හේතු වී නොමැත.
 
මෑත සටනේ දී සිදු වූ අපයෝජනයන් සලකා බැලීම සඳහා සිදු වන්නට ඇති යුද අපරාධයන් ද ඇතුළු ව දෙපාර්ශ්වය විසින් ම සිදු කරන ලද බව කියන බොහෝ යුද නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමක හදිසි අවශ්‍යතාව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ලෙස අප ඔබෙන් ඉල්ලමු.
 
ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් හා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් අපේක්ෂා කරනුයේ කුමක් ද යන්න ප‍්‍රසිද්ධියේ හා පෞද්ගලික ව පැහැදිලි කිරීමට ඔබගේ චාරිකාව මගින් වැදගත් අවස්ථාවක් සම්පාදනය වේ. ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමක්; කඳවුරු, මානුෂීය හා මානව හිමිකම් සංවිධානයන්ට හා මාධ්‍යයට පෙර ගැටුම් ප‍්‍රදේශ වෙත හා ගැටුමේ බලපෑමට ලක් වූ සිවිල් වැසියන් වෙත ස්වාධීන ප‍්‍රවේශය ලබා දීම ඇතුළු ව අභ්‍යන්තර අවතැන් වූවගේ පූර්ණ ආරක්ෂාව; අඛණ්ඩ ව සිදු වන විශේෂයෙන් ම රටේ දෙමළ සුලූතරය මුහුණ පාන මානව හිමිකම් උල්ලංඝනයන් සලකා බැලීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් විශේෂ කැප වීමක් කිරීම ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට ඔබ මෙම අවස්ථාව යොදා ගනිති යි අපි බලාපොරොත්තු වෙමු. ආණ්ඩුවේ ආරක්ෂක පූර්වෝපායන් මගින් බලාත්කාරී අතුරුදන් වීම් කිසි විටෙක යුක්ති සහගත නොවන බව පැහැදිලි කරන ලෙස අපි ඔබ උනන්දු කරමු.
 
ඔබේ සැලකිලිමත් වීමට ස්තුති යි.
 
මීට අවංක,
කෙනත් රොත්
විධායක අධ්‍යක්ෂ
 
පිටපත්:
ඇන්ටෝනියෝ ගූටරේස් මහතා, සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය;
ජෝන් හෝම්ස් මහතා, මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහ ලේකම්;
ලින් පැස්කෝ මහතා, දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහ ලේකම්;
නවනීදම් පිල්ලේ මහත්මිය, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්.
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.