Skip to main content

ශ‍්‍රී ලංකාව: යුක්තිය සම්බන්ධයෙන් කිසිත් ප‍්‍රගතියක් නැත

මාධ්‍යය, සිවිල් සමාජය, සුලූතර ප‍්‍රජාවන් තවදුරටත් මර්දනය කෙරේ

(නිව් යෝක්) - රටේ පැවති 26 වසරක් දීර්ඝ සිවිල් ගැටුමට ගොදුරු වූ අය උදෙසා යුක්තිය හා වග වීම පෙරට ගෙන යාමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වර්ෂයේ දී අසමර්ථ වී යයි, හියුමන් රයිට්ස් වොච් අද සිය 2012 ලෝක වාර්තාව තුළ ප‍්‍රකාශ කළේය. යුද්ධයෙන් විනාශ වූ ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වඩා විවෘත තත්වයට පත් වුවත්, ආණ්ඩුව රට පුරා මූලික නිදහසවල් මර්දනය කිරීම ගැඹුරු කළේය. ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලද අපයෝජනයන් සම්බන්ධයෙන් වග වීම පිළිබඳ ව අඛණ්ඩ ව කේවෙල් කරමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව, මාධ්‍යයට හා සිවිල් සමාජ කණ්ඩායම්වලට තර්ජනය කළ අතර, උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයන්හි අනාරක්ෂිතතාව හා ඉඩම් පැහැර ගැනීම පිළිබඳ ව කරනු ලැබුණු පැමිණිලි බොහෝදුරට නොතකා හළ බව හියුමන් රයිට්ස් වොච් පැවසීය. දිගු කලක් පුරා බලාපොරොත්තු ව සිටි උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (එල්එල්ආර්සී* වාර්තාව දෙසැම්බර් මාසයේ දී ප‍්‍රසිද්ධ කරනු ලැබුණු අතර, දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සමග ගෙන ගිය 2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධයේ අවසන් ලේවැකි මාසයන්හි ඉටු කළ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන්, එය බොහෝදුරට හමුදාව නිදොස් කළේය. ”2011 වර්ෂයේ දී, වග වීම අදිසි ගැටලූවක් වී තිබුණි, මාධ්‍යය වැඩිවැඩියෙන් වාරණයට මුහුණ පෑවේය, ගැටුමට හේතු වූ දිගුකාලීන දුක්ගැනවිලිවලට බැ?රුම් අවධානයක් යොමු නොවුණි” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසීය. ”ශ‍්‍රී ලාංකිකයන් මුහුණ පා සිටියේ, යුක්තිය නොමැතිකමට, නීතියේ පාලනය දුර්වල වීමට, ඉඩම් පැහැර ගැනීමට හා වැඩිවැඩියෙන් ඒකාධිපතිවාදී වෙමින් තිබූ ආණ්ඩුවක් විසින් වාරණය කරන ලද මාධ්‍යයකටය.”
 
පිටු 676කින් යුක්ත සිය වාර්තාවේ දී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය, ස්වල්ප දෙනෙකු විසින් පමණක් පරිකල්පනය කරනු ලබන්නට ඇති අරාබි ලෝකයෙහි මහජන නැගිටීම් ද ඇතුළු ව රටවල් 90කට වැඩි සංඛ්‍යාවක පසුගිය වසරේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රගතිය තක්සේරු කළේය. ප‍්‍රචණ්ඩ බලකායන් විසින් ”අරාබි වසන්තයට” ප‍්‍රතිරෝධය පාමින් සිටින තත්වයේ දී ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉටු කිරීමට වැදගත් භූමිකාවක් ඇත” යි වාර්තාවේ දී හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. අපයෝජනයන් සිදු කළ වරදකරුවන් ලවා වග වීමට ආණ්ඩුව අසමර්ථ වීම වසර පුරා පැවති ප‍්‍රධාන ගැටලූවක් විය. එල්ටීටීඊය සමග ගැටුමේ දී සිදු කරන ලද කුරිරු ක‍්‍රියාවන් සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහි ව නීතිමය පියවර ගැනීමක් සිදු නොවුණි.
 
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් පත් කරන ලද ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයක් කළ සොයා ගැනීම් ආණ්ඩුව විසින් නොතකා හැරුණේය. ආණ්ඩුවේ හමුදාවන් හා එල්ටීටීඊය යන පාර්ශ්ව දෙක ම විසින් සිදු කරනු ලැබුණු ප‍්‍රචණ්ඩ අපයෝජනයන් සොයා ගත් එම මණ්ඩලය, යුද නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ ව පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර යන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු යයි ඉල්ලා සිටියේය. ඒ වෙනුවට ආණ්ඩුව කළේ, යුදකාලීන අපයෝජනයන් පිලිබඳ ව අවධානය යොමු කරන යන්ත‍්‍රණය වනු ඇත්තේ සිය එල්එල්ආර්සීය යයි අවධාරණය කිරීමය. එහෙත් කොමිසමේ බලතල, සංයුතිය හා ක‍්‍රියා පටිපාටි ගැඹුරින් ම දෝෂ සහිත විය. යුද නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ හමුදාවන් නිදොස් කළ එල්එල්ආර්සීය, දීර්ඝ කාලයක් පුරා කරනු ලැබුණු නිර්දේශයන් ම අලූත් මුහුණුවරකින් ඉදිරිපත් කළ අතර, වග වීම පෙරට ගෙන යාම සම්බන්ධයෙන් කිසිත් සංයුක්ත පියවරක් නොගත්තේය.
 
එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය, අධිකරණ තීන්දුවකින් තොර ව මරණ දඬුවම් පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සබැඳියාකරු හා හියුමන් රයිට්ස් වොච් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කළ සොයා ගැනීම් සමග කොමිසමේ සොයා ගැනීම් සම්පූර්ණයෙන් ම පටහැණි විය. ආණ්ඩුවේ ෂෙල් ප‍්‍රහාරයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන්ට හානි සිදු වූ බව - මෙය ආණ්ඩුව දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළ චෝදනාවකි - එල්එල්ආර්සීය විසින් ප‍්‍රකාශ කරනු ලැබුණ ද, සිවිල් වැසියන් සිටි ප‍්‍රදේශයන්ට හා රෝහල්වලට යළියළිත් එල්ල වූ ප‍්‍රහාරයන් යුද නීති යටතේ තහනම් කරන ලද වගවිභාගයකින් තොර ප‍්‍රහාරයන් විය හැකිය යන්න පිළිබඳ ව එය සලකා බැලූවේ හෝ නැති බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.
 
”එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ වාර්තාව තුළ විස්තර කෙරෙන ආණ්ඩුවේ හමුදාවන් විසින් කරනු ලැබුණු අපයෝජනයන් එල්එල්ආර්සී සොයා ගැනීම්වල දී පුදුමාකාර ලෙස අත් හැරී ඇත” යි ඇඩම්ස් පැවසීය. ”එල්එල්ආර්සීයේ ප‍්‍රයෝජනවත් නිර්දේශයන් පවා, අනෙක් ශ‍්‍රී ලාංකික කොමිසම් මෙන් ම අවසානයේ දී ලිපිගොනු ගත කර නොතකා හරිනු ඇත.” 2011 දී, ශ‍්‍රී ලංකාව තුළ නිදහස් අදහස් පළ කිරීම ප‍්‍රහාරයකට ලක් විය. ජුලි මාසයේ අග දී, හඳුනා නොගත් තරුණයන් කණ්ඩායමක් විසින් යාපනයේ පළ වන පුවත්පතක කර්තෘවරයාට යකඩ පොලූවලින් පහර දෙන ලදී.
 
ජුලි මාසයේ දී ම, රේඩියෝ නෙදර්ලන්ඞ්ස්හි මාධ්‍යවේදීන් කණ්ඩායමකට පොලීසිය විසින් අඩන්තේට්ටම් කරනු ලැබුණු අතර, පසු ව සිදු වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් විසින් තුවක්කු පෙන්වා මංකොල්ලකා පහර දෙනු ලැබුණි. මෙය ශ‍්‍රී ලංකාව තුළ ත‍්‍රස්තවාදයේ කුප‍්‍රකට සංකේතයක් වන්නේය. 2009 දී වෙඩි තබා ඝාතනය කරන ලද ලසන්ත වික‍්‍රමතුංගගේ සොහොයුරා වන සන්ඬේ ලීඩර් සභාපතිවරයාට ජනාධිපති රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, ඉහළ මට්ටමේ ¥ෂණය පිළිබඳ ව සන්ඬේ ලීඩර් පත‍්‍රයෙහි පළ වූ ලිපිවලට ප‍්‍රතිචාර වශයෙන් ඔහුට පෞද්ගලික ව පහර දෙන බවට රාජපක්ෂ තර්ජනය කළේය.
 
දෙසැම්බර් මාසයේ දී, ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගනාදන් යන මානව හිමිකම් ක‍්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වූ අතර, යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතා රැුළියකට සහභාගි වීම සඳහා යමින් සිටිද්දී පැහැදිලි ව ම ඔවුහු පැහැර ගෙන යනු ලැබුණහ. වීරරාජ්ගේ පියා පැවසුවේ, විරෝධතාවට පෙර තමන්ගේ පුතාට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණු බවත්, ඔහු සිය දේශපාලන කටයුතු අඛණ්ඩ ව කර ගෙන ගියොත් ඔහු තරන් කර දමන්නේ යයි පවසන ලද බවත්ය. නොවැම්බර් මාසයේ දී, ආණ්ඩුව රටේ මාධ්‍යය උදෙසා මාර්ගෝපදේශයන් හා චර්යා ධර්ම සංග‍්‍රහයක් නිකුත් කරන බව ආණ්ඩුවට අයත් ඬේලි නිවුස් පත‍්‍රය නිවේදනය කළේය. සියලූ ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි විය යුතු යයි ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියේය. අවම වශයෙන්, අනතුරු ව, ආණ්ඩුව විවේචනය කළ වෙබ් අඩවි පහක් රට තුළ දී පිවිසිය නොහැකි අයුරින් අවහිර කරනු ලැබුණි.
 
”නිදහස් මාධ්‍යය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය තැනුම් ඒකකයක්,” ඇඩම්ස් පැවසීය. ”විවේචනයන්ට එරෙහි ව මර්දනකාරී පියවරයන් මගින් ප‍්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පරිපාලනය මෙය විනාශ කරමින් සිටිනවා.” ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් අර්ථපූර්ණ ප‍්‍රගතියක් අත්කරගනිමින් සිටින බව ආණ්ඩුව පවසන නමුත්, එම තර්කයට සහාය වශයෙන් තිබෙනුයේ සාක්ෂි ස්වල්පයකි යි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. 2011 වර්ෂයෙන් වැඩි කොටසක දී, බලය බෙදා හැරීම පිළිබඳ ව ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ* අතර සිදු වන සාකච්ඡුා ඇනහිට තිබුණි. ජූනි මාසයේ දී මැතිවරණයට පෙර යාපනයේ දී උද්ඝෝෂණය කරමින් සිටි ටීඑන්ඒ සාමාජිකයන්ට හා ආධාරකරුවන්ට, හමුදා කාර්ය මාණ්ඩලිකයන් විසින් මුගුරු, බැටන් පොලූ හා රිටි යොදා ගෙන පහර දෙනු ලැබුණි.
 
2011 දී උතුරු හා නැගෙනහිර දෙමළ ජනයා සම්බන්ධයෙන් ඇතැම් වැඩි දියුණු වීම් සිදු විය. උතුරට යාමේ ඒමේ නිදහස හේතුවෙන් මානුෂීය, දේශීය මානව හිමිකම් හා මාධ්‍ය කණ්ඩායම්වලට මෙන් ම පවුල්වලට ද විශාලතර ප‍්‍රවේශයකට ඉඩ සැලසී තිබිණ. කෙසේ වෙතත්, ජීවන තත්ත්වයන් සාමාන්‍ය අතට හැරවීම සඳහා ආණ්ඩුව විසින් 2011 දී ගැනු ලැබුණු පියවරයන් අප‍්‍රමාණවත්ය. ප‍්‍රදේශයේ ආරක්ෂාව දුර්වල විය. ස්ත‍්‍රී-පුරුෂ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය හා බලාත්කාරී ගණිකා වෘත්තිය පිළිබඳ ව අනතුරු අඟවන සිදුවීම් වාර්තා විය. වසර මැද කැලඹූ ප‍්‍රහාරයන් එල්ල කළේ ”ග‍්‍රීස් යකුන්” හෙවත් හඳුනා නොගත් පිරිමි ප‍්‍රහාරකයන්ය. ආරක්ෂාව සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට තිබෙන අවශ්‍යතාවන්ට ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රතිචාර දැක්වීමට ආරක්ෂක හමුදාවන්ට නොහැකි බව ඉන් අනාවරණය විය. උතුර හා නැගෙනහිර තුළ මිලිටරිය විශාල වශයෙන් රැුඳී සිටීම විශාල වශයෙන් දෙමළ ජනයාගෙන් සමන්විත ජනගහනය අතර අඛණ්ඩ ව සැක ඇති කරන මූලාශ‍්‍රයක් වූයේය.
 
දශක ගණනක් පුරා පැවති ගැටුමට හේතු වූ ප‍්‍රධාන ගැටලූවලින් එකක් වන ඉඩම් පිළිබඳ ගැටලූව විසඳී නොමැත. විශේෂයෙන් යුද්ධය අතරේ පලා ගිය අයගේ ඉඩම් හිමිකම හා තරගකාරී හිමිකම් කීම් පිළිබඳ ගැටලූව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අපේ‍්‍රල් මාසයේ දී චක‍්‍ර ලේඛයක් අනුමත කරනු ලැබුණ ද, එම විධිවිධාන ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කර තිබෙනුයේ සුලූ දෙයකි. එපමණක් නොව, 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉල්ලා සිටිනු ලැබෙන ජාතික ඉඩම් කොමිෂන් සභාව පත් කිරීමට ආණ්ඩුව අසමර්ථ විය.
 
උතුරේ දී හා රටේ වෙනත් ස්ථානයන්හි දී හමුදාව විසින් ඉඩම් පැහැර ගැනීම පිළිබඳ වාර්තා 2011 පුරා ඉහළ ගියේය. ඇතැම් අවස්ථාවන්හි දී, හමුදාව විසින් යම් වන්දියක් ගෙවන ලද නමුත්, එය සිදු වූයේ කඩින් කඩ වූ අතර, අල්ලා ගත් අය නොව හිමිකරුවන් විසින් මුල පිරුණු විටය.
 
”දෙමළ ජනයාගේ දුක්ගැනවිලි කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ආණ්ඩුව පරිශ‍්‍රම දරා ඇත්තේ ස්වල්ප වශයෙනි” යි ඇඩම්ස් පැවසීය. ”ආණ්ඩුවේ පහසුකම් සැපයීම යටතේ පුළුල් සාකච්ඡුාවක් සිදු වීම වෙනුවට දෙමළ දේශපාලන නියෝජිතයන් තර්ජනයන්ට හා අඩන්තේට්ටම්වලට ලක් කර ඇත.”
 
යුද්ධයෙන් පසු ව 300,000කට ආසන්න අවතැන් වූවන්ගෙන් බොහෝ දෙනෙක් හමුදාවේ පාලනය යටතේ පැවති රැුඳවුම් කඳවුරු තුළ නීති විරෝධී ලෙස සිර කරනු ලැබ සිට, 2010 මුල දී ඉවත් ව යාමට සමත් විය. එහෙත් තව ම බොහෝ දෙනෙකුට තමන් කලින් සිටි නිවාස හා ප‍්‍රජාවන් වෙත ආපසු යාමට හැකි වී නොමැත. 57,000ක් පමණ ජනයා ජීවත් වනුයේ සත්කාරක පවුල් සමගය. තවත් 53,000කට ආසන්න ප‍්‍රමාණයක් කඳවුරුවල රැුඳී සිටිති. ඊට එක් හේතුවක් වනුයේ, ඔවුන්ගේ මුල් නිවාස පිහිටි ප‍්‍රදේශයන්හි තව ම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණ කර නොමැති වීමය.
 
දෙසැම්බර් වෙද්දී ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබ තිබුණේ 12,000කට ආසන්න එල්ටීටීඊ ”යටත් වූවන්ගෙන්”, සටන්කරුවන් යයි කියනු ලැබෙන්නන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් පමණි. ඔවුන් රඳවා ගෙන සිටියේ චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ නඩු විභාගයකින් තොර ව වන අතර, 2012 මැද වන විට ඉතිරි අය නිදහස් කරන බව ප‍්‍රකාශ කරනු ලැබුණි. මේ හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කර ඇති බවත්, සිවිල් ජීවිතයට පිවිසීමට පුහුණු කර ඇති බවත් ආණ්ඩුව පවසයි. තවත් ”දැඩි මතධාරී” එල්ටීටීඊ සාමාජිකයන් 1,000ක් බූස්ස කඳවුරේ රඳවා ගෙන සිටියි. මෙම සියලූ රැුඳවියන්ගේ තත්වය පිළිබඳ ව කිසිවෙක් නොදනිති.
 
අත්අඩංගුවේ දී දුෂ්ට ලෙස සැලකීම හා වධ දීම සම්බන්ධ චෝදනාවන් පරීක්ෂාවට ලක් කොට නොමැත.
 
අගොස්ත්ු 31 දින හදිසි නීති රෙගුලාසිවල කල් ඉකුත් වීමට හැරි නමුත්, 1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත (පීටීඒ* හා වෙනත් නීති හා රෙගුලාසි හේතුවෙන් චෝදනා ඉදිරිපත් කිරීමකින් තොර ව මාස 18ක් රඳවා ගෙන සිටීමට අවසර ලැබෙන බැවින් අපයෝජනකාරී රැුඳවුම් තන්ත‍්‍රයක් බිහි වී තිබේ. මාර්තු හා ඔක්තෝබර් මාසයන්හි දී පවත්වන ලද පළාත් පාලන මැතිවරණ, රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ග‍්‍රහණය තවදුරටත් ශක්තිමත් කළේය. එය, තරග වැදුණු පළාත් පාලන ආයතන 322න් 270ක පාලනය දිනා ගත්තේය. පෙර වසරවල දී මෙන් ම, ආණ්ඩුව මත තම ග‍්‍රහණය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයන් කෙරෙහි විශ්වාසය තැබීය. නානාවිධ රාජපක්ෂ සොහොයුරෝ වැදගත් අමාත්‍ය තනතුරු දරමින් කැබිනට් ඇමතිවරුන් ලෙස කටයුතු කරති. විරුද්ධ පක්ෂ සාර්ථක ව පසෙකට තල්ලූ කර දමනු ලැබුණි.
 
2010 ජනාධිපතිවරණය අතරතුරේ රාජපක්ෂට අභියෝග කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට, 2012 ජනවාරි මාසයේ දී වර්තමාන දඬුවම අවසාන වූ පසු ව අතිරේක අවුරුදු තුනක දඬුවමක් නියම කරනු ලැබුණි. ”රාජපක්ෂ ආණ්ඩුව සිය දේශපාලනික ග‍්‍රහණය ශක්තිමත් කර ගනිද්දී, රට තුළ මුලික අයිතිවාසිකම් රැුකවරණයන් පිරිහී තිබේ,” ඇඩම්ස් පැවසීය.
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.