Skip to main content

ශ‍්‍රී ලංකාව: නිල වාර්තාව හමුදාව කළ අපයෝජනයන් වසං කරයි

සිවිල් මරණ සිදු වූ බව පළමු වරට පිළිගන්නා නමුත් සියලූ වැරදි එල්ටීටීඊය පිට පටවයි

(නිව් යෝක්) - දෙමළ කොටින් සමග ගැටුමේ අවසන් මාසයන්හි දී ආණ්ඩුවේ හමුදාවන් නිසා සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වූ බව ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ නව වාර්තාවක් පළමු වරට පිළිගෙන ඇති නමුත් යුද නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කිසිත් වගකීමක් භාර ගෙන නොමැති බව හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. 2011 අගෝස්තු 1 දින නිකුත් කරන ලද ”මානුෂීය මෙහෙයුම - කරුණු පිළිබඳ විශ්ලේෂණය” නමැති වාර්තාව, ආණ්ඩුවේ හමුදාවන් ජනයා පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට එරෙහි ව කාලතුවක්කු ප‍්‍රහාර යොදා ගත් බවට සැලකිය යුතු සාක්ෂි පවතිද්දී එසේ නොකළ බව ප‍්‍රකාශ කරන අතර, තම සොල්දාදුවන් විසින් නොවිධිමත් මරණ දඬුවම් පැමිණවීම් සිදු කරන ලද බවට පවත්නා ප‍්‍රබල සාක්ෂි නොසලකා හරියි. 2009 මැයි මාසයෙන් අවසන් වූ යුද්ධයේ අවසන් මාසයන්හි දී ආණ්ඩුවේ හමුදාවන් ”අනුගමනය කළේ ‘සිවිල් වැසියන්ට කිසිත් හානියක් නොකිරීමේ’ ප‍්‍රතිපත්තියක්” යයි වාර්තාව ප‍්‍රකාශ කරයි.
 
එහෙත්, ”...ක‍්‍රියාකාරී ව සිවිල් වැසියන් අනතුරේ හෙලූ අනුකම්පා විරහිත සතුරෙකුට එරෙහි මේ සා පරිමාණ සටනක දී සිවිල් වැසියන්ට සිදු වන හානි වැළැක්වීම කළ නොහැකි දෙයක් විය” යි එය ප‍්‍රකාශ කරයි. ”ගැටුමේ අවසන් මාසයන්හි දී තම හමුදාවන් නිසා සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වූ බව ශ‍්‍රී ලංකා ආණ්ඩුව අවසානයේ පිළිගනිමින් සිටින නමුත් කිසිත් වගකීමක් භාර නොගන්නා බව ප‍්‍රකාශ කිරීම ඒත්තු ගත නොහැකි දෙයකි” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසීය. ”මෙය, සටන අතරතුර දී ආණ්ඩුව විසින් සිදු කරන ලද කුරිරු ක‍්‍රියාවන් පිළිබඳ සාක්ෂි වැඩි වෙමින් පවතිද්දී ඒවා වසං කිරීම සඳහා දරන මෑත ම හා පැහැදිලි ම උත්සාහය පමණක් වේ.”
 
හියුමන් රයිට්ස් වොච් හා වෙනත් සංවිධාන විසින් වාර්තා කරනු ලැබ ඇති දෙමළ කොටින් විසින් වසර ගණනාවක් පුරා කරන ලද බොහෝ අපයෝජනයන් පිළිබඳ ව වාර්තාව විස්තර කළ ද, එය ශ‍්‍රී ලාංකික හමුදාවන් විසින් සිදු කරන ලද බව කියන යුද අපරාධ පිළිබඳ ව කවර හෝ බරපතළ සාකච්ඡුාවක් සම්පාදනය නොකරන බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. දෙමළ කොටින් ”මිනිස් පලිහවල්” යොදා ගැනීම හා දෙමළ කොටින්ගේ පාලනයට නතු ව පැවති ප‍්‍රදේශයන්ගෙන් පලා යාමට උත්සාහ කළ සිවිල් වැසියන්ට වෙඩි තැබීම පිළිබඳ ව වාර්තාව විස්තර කරන නමුත්, සිවිල් මරණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික හමුදාව ඉටු කළ භූමිකාව එය විසින් නොතකා හරිනු ලබන බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. ආණ්ඩුව විසින් ඒකපාර්ශ්වීය ව යුද මුක්ත කලාප ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳ ව සඳහන් කරන වාර්තාව මෙසේ කියා සිටියි, ”...යුද මුක්ත කලාප තුළ දී කවර හෝ කාලතුවක්කු බලයක් යොදා ගනු නොලැබුණි. කෙසේ වෙතත්, මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්නයිපර් ප‍්‍රහාර ඇතුළු සුලූ අවිවලින් සිදු කළ වෙඩි තැබීම් යොදා ගැනුණි.” දහස් ගණන් සිවිල් වැසියන්ට හානි සිදු කරමින් ශ‍්‍රී ලාංකික හමුදාවන් විසින් සිවිල් වැසියන් සිටි ප‍්‍රදේශයන්ට එල්ල කළ වගවිබාගයක් නොමැති ව නිරන්තරයෙන් එල්ල කරන ලද ෂෙල් ප‍්‍රහාරයන් පිළිබඳ ව වාර්තාව කිසිවක් ප‍්‍රකාශ නොකරයි. ආණ්ඩුවේ හමුදාවන් විසින් නැවත නැවතත් රෝහල්වලට එල්ල කරන ලද ෂෙල් ප‍්‍රහාර පිළිබඳ ව ද කිසිත් සඳහනක් නොකෙරෙයි.
 
එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ 2011 වාර්තාව, ශ‍්‍රී ලංකාවේ මෑත ගැටුම තුළ දී සිදු වුණු සිදුවීම් පිළිබඳ ව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එක්සත් ජනපද කොන්ග‍්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ වාර්තාව හා හියුමන් රයිට්ස් වොච් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද වාර්තා තුළ, සති ගණනක් පුරා එල්ල වුණු මෙම ප‍්‍රහාරයන් පිළිබඳ ව පුළුල් ව විස්තර වේ. සිවිල් වැසියන් සිටි ප‍්‍රදේශයන්හි දී බර අවි යොදා ගත් බව 2009 අපේ‍්‍රල් මාසයේ දී ශ‍්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය ද ක‍්‍රියාකාරී ව පිළිගත්තේය. කාර්යාලය මෙසේ ප‍්‍රකාශ කළේය: ”සිවිල් වැසියන්ට හානි සිදු විය හැකි බර අවි ගණයට අයත් තුවක්කු, සටන් ගුවන් යානා හා ගුවනින් පහර දෙන ආයුධ යොදා ගැනීම අවසන් කරන ලෙස අපගේ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දී ඇත (අවධාරණය එකතු කරන ලදී*.”
 
අල්ලා ගැනුණු දෙමළ කොටි සටන්කරුවන්ට සටනේ අවසන් දිනයන්හි දී ආණ්ඩුවේ සොල්දාදුවන් විසින් නොවිධිමත් මරණ දඬුවම් පමුණුවන ලද ආකාරය වීඩියෝ පටවලට හසු කර ගෙන තිබුණ ද, එම ඝාතන සම්බන්ධයෙන් කෙරෙන චෝදනාවන් පිළිබඳ ව කවර හෝ සඳහනක් කර නොමැත. 2006 වර්ෂයේ අගෝස්තු මාසයේ දී ත‍්‍රිකුණාමලයේ මුතූර් නගරය වටා සිදු කරන ලද හමුදා මෙහෙයුම් පිළිබඳ ව වාර්තාව විස්තර කරන නමුත්, එවක මුතූර්හි දී මරණ දඬුවම් පමුණුවන ආකාරයෙන් මානුෂීය ආධාර සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ ව එය කිසිවක් නොපවසන්නේය. හමුදා ආඥාපතිවරුන් බරපතළ ලෙස විශ්වාසය තැබුවේ මිනිසුන් රහිත ඩ්‍රෝන් ගුවන් යානාවන්ගෙන් (යූඒවී යානා* ලබා ගත් ඡුායාරූප කෙරෙහි බව වාර්තාව පැහැදිලි කරයි: ”පෙරමුණු ස්ථානයන්හි සිටි පෙරමුණු ආඥාපතීන්ට එක දිගට ම යූඒවී ඡුායාරූප යැවීම, ආයුධ සහිත සටන්කරුවන්ගෙන් ඇතැමුන් සිටියේ සිවිල් ඇඳුමින් සැරසී වුවත්, එම සටන්කරුවන් හඳුනා ගැනීම සඳහා වඩාත් ම ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රය වූයේය.”
 
”සටන් බිම පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කර ගැනීම සඳහා ශ‍්‍රී ලාංකික ආඥාපතීන් විසින් මිනිසුන් රහිත ඩ්‍රෝන් ගුවන් යානා යොදා ගැනීම, රෝහල්වලට හා වෙනත් සිවිල් ප‍්‍රදේශයන්ට එල්ල කළ කාලතුවක්කු ප‍්‍රහාර හිතාමතා සිදු කළ ඒවා බවටත්, ‘යුද්ධයේ පවත්නා අවිනිශ්චිත බව’ හේතුවෙන් ම ඇති වූ අත්වැරැුද්දක් නොවන බවටත් උද්වේගයන් මතු කළේය” යි ඇඩම්ස් පැවසුවේය. තම හමුදාවන් විසින් සිදු කරන ලද බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව කළ පරීක්ෂණ පිළිබඳ ව වාර්තාව ප‍්‍රමාණවත් තොරතුරු නොසපයන්නේය. ”නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඤමෙය සඳහන් වූයේ ඒ ආකාරයෙනි% අධිචෝදනාවන්ට මිලිටරි කාර්ය මාණ්ඩලිකයන් ලක් වූ අවස්ථා කීපයක් පවතින්නේය” යි වාර්තාව පවසන නමුත් කිසිත් විස්තරයක් නොසපයයි. 2005 හා 2010 අතර දී උතුරේ හා නැගෙනහිර දී ශ‍්‍රී ලංකා හමුදා කාර්ය මාණ්ඩලිකයන් විසින් සිදු කරන ලද ”ප‍්‍රධාන අපරාධ” සාරාංශ ගත කරන එය, ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කිරීම් අටක් ද, ස්ත‍්‍රී ¥ෂණය සම්බන්ධයෙන් හතරක් ද, ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් එකක් ද ලැයිස්තු ගත කරයි. කෙසේ වෙතත්, මෙම අපරාධ සිදු කරන ලද්දේ හමුදා මෙහෙයුම් අතරතුර දී ද නැතහොත් සාමාන්‍ය අපරාධයන් ද යන්න පිළිබඳ ව හෝ ඉහළ උසාවියකින් තීන්දුවක් දෙන ලද්දේ ද යන්න පිළිබඳ ව කිසිත් ඇඟවීමක් නොකරයි.
 
දෙමළ කොටින් විසින් සිදු කරන ලද යුද නීති උල්ලංඝනය කිරීම් මගින් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලද අපයෝජනයන් යුක්ති සහගත නොවේ යයි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින් ම සිදු කරන ලද යුද නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යයි හියුමන් රයිට්ස් වොච් නැවත නැවතත් ඉල්ලා සිටියේය. ”ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාව, ප‍්‍රතිවිරුද්ධ සාක්ෂි වැඩි වෙමින් පවතිද්දී ඒවා නොතකා, දෙමළ කොටින් සමග ගැටුමේ දී ආණ්ඩුවේ හමුදාවන් විසින් කිසිත් අපරාධයක් නොකරන ලද බවට ලෝකය ඒත්තු ගැන්වීම සඳහා දැරූ තවත් දුර්වල උත්සාහයකි” යි ඇඩම්ස් පැවසීය. ”එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබුණු ආකාරයට ජාත්‍යන්තර වග වීමේ පරිශ‍්‍රමයන් වහා ආරම්භ කිරීම සඳහා අදාළ ආණ්ඩු විසින් මෙම කරුණුමය වශයෙන් අභියෝගාත්මක වාර්තාව යොදා ගත යුතුය.”
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Most Viewed