Skip to main content

ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වග වීම පිළිබඳ ප‍්‍රශ්න හා පිළිතුරු

2009 මැයි මාසයේ දී ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වීමට පෙර සිට ම, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන් හා දෙමළ ඊළම් විමුක්ති කොටි යන පාර්ශ්ව දෙක ම විසින් සිදු කරන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හියුමන් රයිට්ස් වොච් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. මෙම ප‍්‍රශ්න හා පිළිතුරු මගින් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වග වීමට අදාළ නානාවිධ ගැටලූ සලකා බලනු ලැබේ.
 
හැඳින්වීම
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුව වසර 25කට වැඩි කාලයක් පුරා බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සමග සන්නද්ධ ගැටුමක නිරත ව සිටියේය. මෙම ගැටුම බොහෝ මානව හිමිකම් අපයෝජනයන්ගෙන් සමන්විත වූ අතර, හියුමන් රයිට්ස් වොච් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඒවා වාර්තා කරනු ලැබ ඇත. 2002 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ආරම්භ වූ සටන් විරාමය 2006 වර්ෂයේ මැද ප‍්‍රධාන හමුදා මෙහෙයුම් නැවත ආරම්භ වීමත් සමග අවසන් විය. දෙමළ ජනවාර්ගික සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට තමන් සමග ඒමට බල කරමින්, එල්ටීටී බලකායෝ දිවයිනේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි වට වූ භූමි ප‍්‍රදේශයකට සෙමින් පසුබැස්සහ. 2009 ජනවාරි මාසයේ දී ආරම්භ වූ වට වූ භූමි ප‍්‍රදේශය තුළ සටන, එල්ටීටීඊය විසින් සිවිල් ජනයා මිනිස් පලිහවල් ලෙස යොදා ගැනීමත්, ආණ්ඩුවේ හමුදාවන් විසින් වගවිභාගයකින් තොර ව ජනයා පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට විශාල කාලතුවක්කුවලින් වෙඩි තැබීමත් සමග උග‍්‍ර විය. ආණ්ඩුවේ හමුදාවන් අඛණ්ඩ ව ඉදිරියට ගිය අතර, අවසානයේ දී ඉහළ පෙළේ නායකත්වය ද ඇතුළු එල්ටීටීඊය වෙරළ තීරයේ කුඩා බිම් තීරුවකට කොටු කළේය. මැයි 18 දින, එල්ටීටීඊයේ පරාජයෙන් සටන අවසන් වූ අතර, එල්ටීටීඊ නායකත්වයේ බොහෝ දෙනෙක් ඝාතනය කරනු ලැබුණහ.
 
ආණ්ඩුව විසින් මාධ්‍යයට, මානව හිමිකම් කණ්ඩායම්වලට හා බොහෝ මානුෂීය ආයතනයන්ට ගැටුම් ප‍්‍රදේශයට යාම තහනම් කිරීම හේතුවෙන් ඒ වන විට පැවති තත්වය පිළිබඳ තොරතුරු තියුණු ලෙස අඩු විය. කෙසේ වෙතත්, එතැන් සිට හියුමන් රයිට්ස් වොච් හා වෙනත් සංවිධාන විසින් යුද කලාපය තුළ කොටු වී සිටි ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඍජු ව ම විස්තර හා ඡුායාරූප රැුස් කර ගනු ලැබ ඇත. ඒවා මගින් පින්තාරු කෙරෙනුයේ සටන, මන්දපෝෂණය හා අප‍්‍රමාණවත් වෛද්‍ය රැුකවරණය හේතුවෙන් ඇති වූ මරණය පිළිබඳ භයානක චිත‍්‍රයකි. මෙම ගැටුමේ දී, විශේෂයෙන් ම 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා අවසන් මාස පහ තුළ දී සිවිල් වැසියෝ විශේෂයෙන් බරපතළ මිලක් ගෙවූහ. මෙම මාසයන්හි දී කොපමණ ජනයා මිය ගියේ ද යන්න පැහැදිලි නොමැති නමුත්, යටත් පිරිසෙයින් සිවිල් වැසියන් 7,000ක් මිය ගිය බවත්, 13,000ක් තුවාල ලැබූ බවත් එක්සත් ජාතීන් විසින් මධ්‍යස්ථ ව තක්සේරු කරනු ලැබුණි. 2009 වර්ෂයේ ආරම්භයේ සිට ශ‍්‍රී ලංකාව හා එල්ටීටීඊය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීති* සම්බන්ධයෙන් සිදු කරන ලද බව කියන බරපතළ උල්ලංඝනයන් ගණනාවක් පිළිබඳ ව හියුමන් රයිට්ස් වොච් විසින් විමර්ශනය කරනු ලැබ ඇත. ආණ්ඩුවේ හමුදාවන් විසින් සිදු කරන ලද අපයෝජනයන්ට ඇතුළත් වනුයේ: ප‍්‍රකාශිත යුද මුක්ත කලාප ඇතුළු ජනයා බෙහෙවින් පදිංචි වී ප‍්‍රදේශයන්හි දී විශාල කාලතුවක්කු වැනි ආයුධ වගවිභාගයකින් තොර ව යොදා ගැනීම; සිවිල් වැසියන්ට, රෝහල්වලට හා මානුෂීය පහසුකම්වලට නැවත නැවත් ෂෙල් ප‍්‍රහාරයන් එල්ල කිරීම; සැකකාර එල්ටීටීඊ සටන්කරුවන් බලාත්කාරයෙන් අතුරුදන් කිරීම; අධිකරණ තීන්දුවකින් තොර ව මරණ දඬුවම් පැමිණවීම. එල්ටීටීඊය විසින් සිදු කරන ලද අපයෝජනයන්ට ඇතුළත් වනුයේ: සිවිල් වැසියන් මිනිස් පලිහවල් ලෙස යොදා ගැනීම හෝ ඔවුන් අනවශ්‍ය අවදානම්වලට ලක් කිරීම; ගැටුම් කලාපයෙන් පලා යාමට උත්සාහ කරමින් සිටි සිවිල් වැසියන්ට හිතාමතා වෙඩි තැබීම; ළමා සොල්දාදුවන් යොදා ගැනීම.
 
සන්නද්ධ ගැටුමකට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් - රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් යන දෙපාර්ශ්වය ම - ජාත්‍යන්තර මානුෂීය නීතියේ අවශ්‍යතාවන්ට අනුකූල ව ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුය. එනම්, සෑම පාර්ශ්වයක් ම යුද නීතිවලට ගරු කළ යුතු අතර, තම සන්නද්ධ හමුදාවන් හා තම නියෝග මත හෝ තම මෙහෙයවීම හෝ පාලනය යටතේ ක‍්‍රියා කරන වෙනත් පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් ඒවාට ගරු කෙරෙන බව සහතික කළ යුතුය. මෙම බැඳීම රඳා පවතිනුයේ, විරුද්ධ පාර්ශ්වය ඊට ගරු කළා හෝ නොකළා ගැටුමට සම්බන්ධ අන්‍යෝන්‍ය පාර්ශ්වයන් විසින් අවශ්‍යතාවන්ට ගරු කළ යුතුය යන්න මතය. එය රඳා පවතිනුයේ, අදාළ පාර්ශ්වයන් - රාජ්‍යයක් වේවා (”ත‍්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම”* සන්නද්ධ කණ්ඩායමක් වේවා (”ජනවාර්ගික නිජභූමිය”* - යුද්ධයට යන හේතුව මත ද නොවේ. එසේ ම, චුදිත උල්ලංඝනයන් හේතුවෙන් ඇති වන හානියේ වෙනස්කම් නොතකා සන්නද්ධ ගැටුමට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් එම ප‍්‍රමිතීන්ට බැඳී සිටිය යුතුය.
 
තම සන්නද්ධ හමුදාවන් හා යටතේ තම අධිකාරය, මෙහෙයවීම හෝ පාලනය යටතේ ක‍්‍රියා කරන පුද්ගලයන් හෝ ආයතනයන් බරපතළ යුද නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් සන්නද්ධ ගැටුමේ සියලූ පාර්ශ්වයන් වගකිව යුතුය. එම වගකීම, රාජ්‍යයක් විසින් වේවා රාජ්‍ය නොවන ක‍්‍රියාකාරකයෙකු විසින් වේවා, සිදු වූ මරණ හෝ තුවාල සඳහා පූර්ණ වන්දි ලබා දීමේ අවශ්‍යතාවක් ඇති කරන අතර, මෙම වන්දිවල ස්වරූපය, වෙනත් රාජ්‍යයකට, ආයතනයකට හෝ පුද්ගලයන්ට ප‍්‍රතිෂ්ඨාපනය (පෙර පැවති තත්වය නැවත ඇති කිරීම*, අලාභ ගෙවීම (මූල්‍යමය ගෙවීම්* හෝ තෘප්තිය (නිල වශයෙන් සමාව ගැනීමක් හෝ වෙනත් ක‍්‍රියාවක් යනාදිය* ලබා දීම විය හැකිය. පහත සාකච්ඡුා කරනු ලබන ආකාරයට, තම පාලනය යටතේ ක‍්‍රියා කරන යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් ලවා වග වීම සඳහා ද රාජ්‍යයන්ට බැඳීමක් ඇත.
 
ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමට අදාළ ජාත්‍යන්තර නීති කවරේ ද?
 
ශ‍්‍රී ලංකාව හා එල්ටීටීඊය අතර සන්නද්ධ ගැටුම, ජාත්‍යන්තර ගිවිසුම් මගින් හා ව්‍යවහාර ජාත්‍යන්තර මානුෂීය නීතියේ නියමයන් මගින් පාලනය වේ. ආයතන ගත රාජ්‍ය ප‍්‍රතිපත්ති මත පදනම් වන ව්‍යවහාර මානුෂීය නීතිය විසින්, ශ‍්‍රී ලංකාව වැනි රාජ්‍යයන් වේවා එල්ටීටීඊය වැනි රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් වේවා ගැටුමට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් බැඳ තැබෙන අතර, සතුරුකම් පවත්වා ගෙන යන ආකාරය සලකා බලනු ලැබේ. යම් පාර්ශ්වයක පාලනය යටතේ සිටින පුද්ගලයන්ට සැලකීම සම්බන්ධ අවම ප‍්‍රමිතීන් විස්තර කරන 1949 ජිනීවා ප‍්‍රඥප්තියේ 3 වන පොදු වගන්තිය ද අදාළ ගිවිසුම් නීතිවලට ඇතුළත් වේ.
 
වග වීම වැදගත් වනුයේ ඇයි?
 
යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුද්ගලයන් ලවා වග වීම වැදගත් වේ. එය අනාගත උල්ලංඝනයන් වැළැක්වීමට, නීතියට ගරු කිරීමට අනුබල දීමට හා ගොදුරු වූ අයට සහන සැපයීමේ ක‍්‍රම සම්පාදනය කිරීමට හේතු විය හැකිය. මෙම නීති යටතේ වැරදිකාර පුද්ගලයන් ලවා වග වන සන්නද්ධ හමුදාවන් විසින් තම හමුදාවන් තුළ විනය හා වෘත්තීය දක්ෂතා දියුණු කෙරේ, වගකිව හැකි ආඥාවන් පවත්වා ගනු ලබයි, සිවිල් ජනයා සමග සම්බන්ධතා වැඩි දියුණු කෙරෙයි. එවැනි වග වීමක් තහවුරු කිරීමට අසමර්ථ වන රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් ගැටුම් ප‍්‍රදේශවල දී හා ගෝලීය වශයෙන් තම කීර්තියට හානි කර ගනු ලබයි, තමන්ට එරෙහි ව ජාත්‍යන්තර පියවරයන් ගැනීමට තිබෙන අවස්ථා වැඩි කර ගනු ලබයි. තමන් පත් ව සිටින අවාසනාවන්ත තත්වයට යුක්තිය ඉටු කර ගැනිමට උත්සාහ කරන යුද නීති උල්ලංඝනයන්ට ගොදුරු වූ අය හා ඔවුන්ගේ පවුල් සඳහා ද එවැනි වග වීමක් අත්‍යවශ්‍ය වේ.
 
යුද නීතිවලට ගරු කරන බව සහතික කිරීම සඳහා රාජ්‍යයන්ට පොදුවේ පවත්නා බැඳීම් කවරේ ද?
 
ගැටුමක පාර්ශ්වයක් වූවත් නොවූවත්, ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් නතර කිරීම සඳහා තම බලය යොදා ගැනීමට 1949 ජිනීවා ප‍්‍රඥප්තිය යටතේ සියලූ රාජ්‍යයන්ට වගකීමක් ඇත. එවැනි පියවරයන් ඒකපාර්ශ්වීය ව හෝ රාජ්‍යයකට හෝ සන්නද්ධ කණ්ඩායමකට හෝ යම් පුද්ගලයන්ට එරෙහි ව සාමූහික ව සම්බාධක පැනවීම වැනි බහුපාර්ශ්වීය පියවරයන්හි කොටසක් ලෙස ගනු ලැබිය හැකිය.
 
යුද නීති උල්ලංඝනය කර තිබෙන පුද්ගලයන්ගේ වග වීම සහතික කිරීම සම්බන්ධයෙන් මූලික වගකීම දරන්නේ කවුද?
 
බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කෙරෙන බව සහතික කිරීම, පළමු ව තම ජාතිකයන් උල්ලංඝනයන්ට තම පුරවැසියන් සම්බන්ධ රාජ්‍යයන්ගේ වගකීමක් වන්නේය. තම සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන් හෝ තම අධිකරණ බලය යටතේ සිටින වෙනත් පුද්ගලයන් සම්බන්ධ බව ඇඟවෙන බරපතළ උල්ලංඝනයන් පරීක්ෂාවට ලක් කිරීමට රාජ්‍යයන්ට වගකීමක් තිබේ. හමුදා හෝ දේශීය අධිකරණයන් හෝ වෙනත් ආයතනයන් විසින් බරපතළ උල්ලංඝනයන් සිදු වූයේ ද යන්න පිළිබඳ ව අපක්ෂපාතී ව පරීක්ෂණ පවත්වනු ලබන බවත්, ජාත්‍යන්තර සාධාරණ නඩු විභාග ප‍්‍රමිතීන්ට අනුකූල ව එම උල්ලංඝනයන්ට වගකිව යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන්ට විරුද්ධ ව නීතිමය පියවර ගනු ලබන බවත්, වැරදිකරුවන් බවට පත් වන පුද්ගලයන්ට ඔවුන්ගේ ක‍්‍රියාවයන්ට සරිලන දඬුවම් පනවනු ලබන බවත්, රාජ්‍යය විසින් සහතික කළ යුතු වේ.
 
තම සොල්දාදුවන් අතර සිටින යුද නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීම පිළිබඳ එම නීතිමය බැඳීම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වලට නොමැති නමුත් යුද නීතිවලට අනුකූල ව කටයුතු කරන බව සහතික කිරීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු අතර, නඩු විභාගයන් සිදු කරන අවස්ථාවන්හි දී ජාත්‍යන්තර සාධාරණ නඩු විභාග ප‍්‍රමිතීන්ට අනුව එසේ කිරීමට ඔවුන්ට වගකීමක් ඇත.
 
ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උල්ලංඝනයන් යුද අපරාධයන් ලෙස සැලකෙනුයේ කුමන අවස්ථාවන්හි දී ද?
 
අපරාධ චේතනාවක් ඇති ව - එනම්,  ඕනෑකමින් හෝ සාහසික ව - ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සිදු කරන පුද්ගලයන් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තේය. යුද අපරාධයන්ට වැරදි මාලාවක් ම ඇතුළත් වන අතර, සිවිල් වැසියන්ට හානි සිදු කරමින් හිතාමතා, වගවිභාගයකින් තොර ව හා ප‍්‍රමාණානුකූල නොවන ආකාරයෙන් ප‍්‍රහාර එල්ල කිරීම, මිනිස් පලිහවල් යොදා ගැනීම සහ වධ දීම්, බලාත්කාරී අතුරුදන් කිරීම් හා නොවිධිමත් ලෙස මරණ දඬුවම් පැමිණවීම් සිදු කිරීම ඒ අතර ඇත. යුද අපරාධයක් සිදු කිරීමට උත්සාහ දැරීම සහ යුද අපරාධයකට සහාය දීම, පහසුකම් සැපයීම හෝ ආධාර කිරීම හා අනුබල දීම සම්බන්ධයෙන් ද පුද්ගලයන් විසින් අපරාධ වගකීම දැරිය යුත්තේය.
 
යුද අපරාධයක් සිදු කිරීමට සැලසුම් කරන හෝ පොලඹවන පුද්ගලයන් මත ද වගකීම පැටවේ. යුද අපරාධ සිදු කරන බව දන්නා හෝ දැන සිටිය යුතු හා ඒවා වැළැක්වීම හෝ වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීම සඳහා ප‍්‍රමාණවත් පියවරයන් නොගන්නා ලද අවස්ථාවන්හි දී අණ දීම පිළිබඳ වගකීමක් ලෙස අණ දෙන නිලධාරීන්ට හා සිවිල් නායකයන්ට එරෙහි ව ද යුද අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකිය.
 
යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් පරීක්ෂා කිරීමට ඇති බැඳීම ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් සපුරනු ලබනුයේ ද?
 
බොහෝ අවස්ථාවන්හි දී, තම පුරවැසියන් බරපතළ යුද නීති උල්ලංඝනයන්ට සම්බන්ධ බව ඇඟවෙන රාජ්‍යයන්ට මෙම අපරාධයන් පිළිබඳ ව පරීක්ෂා කොට ඒවාට එරෙහි ව නීතිමය පියවරයන් ගැනීම සඳහා කැමැත්තක් හෝ හැකියාවක් නොමැත. හියුමන් රයිට්ස් වොච් විසින් අවස්ථා ගණනාවක දී, උදාහරණයක් වශයෙන් සෝමාලියාව තුළ ඉතියෝපියානු හමුදාවන්, ඉරාකය හා ඇෆ්ඝනිස්ථානය තුළ එක්සත් ජනපද හමුදාවන්, ගාසා තීරය තුළ ඊස්රායල් හමුදාවන් හා චෙච්නියාව තුළ රුසියානු හමුදාවන් සම්බන්ධයෙන්, මෙම අසමර්ථතාව පිළිබඳ ව වාර්තා කරනු ලැබ ඇත.
 
ගැටුම අවසන් වීමෙන් පසු වර්ෂය තුළ දී, යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව කවර හෝ අර්ථවත් පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අසමර්ථ වී ඇත. එය අවස්ථනුකූල ව පරීක්ෂණයන් දෙකක් පනවා ඇති නමුත්, ඒ දෙක ම විධිමත් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන බලතලයන්ගෙන් තොරය.
 
යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනා සිය ගණනක් විස්තර කරමින් ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුණු වාර්තාවකට ප‍්‍රතිචාර වශයෙන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව එම වාර්තාව තුළ ඇතුළත් වන චෝදනාවන් පරීක්ෂා කිරීම සඳහා ප‍්‍රවීණයන්ගේ කමිටුවක් පිහිටුවූයේය. එම කමිටුව විසින් නියමිත කාලසීමාවන් දෙකක් මග හරිනු ලැබ ඇති අතර, තමන්ට පරීක්ෂණ බලතල කිසිවක් නොමැති බව 2010 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී කමිටුවේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබුණු අතර එය පරීක්ෂණයට බාධාවක් විය. පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් වැඩි වන විට, 2010 මැයි 17 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවස්ථානුකූල ව පරීක්ෂණයක් නියම කරනු ලැබුණු අතර, එය ගැටුම අවසන් වීමෙන් පසු ව නියම කරනු ලැබුණු දෙවන පරීක්ෂණය වූයේය. සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුක්ත වූ එම පරීක්ෂණ කොමිසම උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී* ලෙස හඳුන්වනු ලැබුණි. 2002 සටන් විරාමය අසාර්ථක වීම හා එතැන් සිට ඇති වූ ”සිදුවීම් මාලාව” පරීක්ෂා කිරීම ඊට පැවරුණු නමුත්, යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් පරීක්ෂා කිරීම සඳහා කොමිසමට බලතල නොමැත.
 
එල්එල්ආර්සීය වෙත පැවරුණු බලතලයන්හි පෙර ශ‍්‍රී ලංකා කොමිසම්වල (පහත දැක්වෙන විස්තර බලන්න* කටයුතුවලට බාධාවක් වූ අඩුපාඩුකම් ද පැවති අතර, තම සීමිත බලතල ක‍්‍රියාත්මක කිරීමට කොමිසමට නොහැකි වීමට එය හේතු විය. උදාහරණයක් වශයෙන්, ගොදුරු වූ අය හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විධිමත් වැඩ සටහනක් නොතිබුණු අතර, ආණ්ඩුව පිළිබඳ ව විවේචනාත්මක වන පුද්ගලයන් සාක්ෂි දීම සඳහා පසුබට වීමට එය හේතු වූයේය.
 
චිත්තා රන්ජන් ද සිල්වා සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීම ද, තම බලතල වාස්තවික ව ක‍්‍රියාත්මක කිරීමට කොමිසමට හැකි වේ ද යන ප‍්‍රශ්නය මතු කළේය. ද සිල්වා කලින් නීතිපතිවරයා ලෙස සේවය කර තිබූ අතර, 2006 ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් ඔහු විවේචනයන්ට ලක් ව තිබුණි (පහත දැක්වෙන විස්තර බලන්න*.
 
මෙම චෝදනාවන් පරීක්ෂා කිරීම සඳහා තමන්ට පවත්නා බැඳීම ශ‍්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු යයි ඉල්ලා සිටීමට ශ‍්‍රී ලංකාවේ ගොදුරු වූ අයට, සිවිල් සමාජයට හා මාධ්‍යයට හැකියාවක් තිබෙනුයේ ද?
 
දශක ගණනාවක් දීර්ඝ ගැටුම තුළ දී, බලයට පත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු හා එල්ටීටීඊය යන පාර්ශ්ව දෙක ම තම ක‍්‍රියාවන් පිළිබඳ ව විවේචනාත්මක වූ සිවිල් සමාජ ක‍්‍රියාකාරකයන්ට හා මාධ්‍යයට පහර දුන්නේය. 2006 වර්ෂයේ දී ප‍්‍රධාන හමුදා මෙහෙයුම් නැවත ආරම්භ වීමත් සමග, මාධ්‍යය හා සිවිල් සමාජය වැඩි වැඩියෙන් පීඩනයට ලක් වූයේය. ආණ්ඩුව හා එල්ටීටීඊය පිළිබඳ ව විවේචනාත්මක වූ මාධ්‍යවේදීහු කිහිප දෙනක් ඝාතනය කරනු ලැබුණහ, බලාත්කාරී අතුරුදන් වීම්වලට ගොදුරු කරනු ලැබුණහ, තර්ජනය කිරීම්වලට හෝ ප‍්‍රහාරයන්ට ලක් කෙරුණහ. ගැටුම අවසන් වූ අවස්ථාවේ සිට ද විවේචකයන්ට පහර දීම හා ඔවුන් බිය ගැන්වීම අඛණ්ඩ ව සිදු වේ. 2009 අගෝස්තු මාසයේ දී, ආණ්ඩුව පිළිබඳ ව විවේචනාත්මක වූ මාධ්‍යවේදියෙකුට එරෙහි ව ආණ්ඩුව විසින් නීතිමය පියවර ගනු ලැබුණි; සැක සහිත සාක්ෂි ඉදිරිපත් වූ නඩු විභාගයකින් පසු ව ඔහුගේ මාධ්‍යවේදී ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඔහුට 20 වසරක සිර දඬුවමක් නියම කරනු ලැබුණි. මනා හැසිරීමකින් යුක්ත ව කටයුතු කරන බවට ප‍්‍රතිඥාවක් ලබා ගෙන, ආණ්ඩුව විසින් මෑත දී ඔහුට සමාව දෙන බව ප‍්‍රකාශ කර තිබුණ ද, මෙම දඬුවම අනෙක් මාධ්‍යවේදීන්ට හා සිවිල් සමාජ ක‍්‍රියාකාරකයන්ට කළ ප‍්‍රබල සංඥාවක් යැව්වේය. එහි ප‍්‍රතිඵලය ලෙස, පසු ගිය වසර කීපයේ දී මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරකයන් දුසිම් ගණනක් ශ‍්‍රී ලංකාව හැර ගොස් තිබෙන අතර, සක‍්‍රිය ව තිබූ ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජයට හානියක් ඇති විය.
 
ගැටුමේ අවසන් මාසයන්හි දී ආණ්ඩුවේ හමුදාවන් විසින් කර ගෙන යන ලද්දේ ”සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුමක්” බව ශ‍්‍රී ලාංකික බලධාරීහු අවධාරණය කරති. ආණ්ඩුවේ හමුදාවන් විසින් කිසිත් උල්ලංඝනයක් සිදු නොකරන ලද බවත්, ආණ්ඩුවේ හමුදාවන් අතින් කිසිත් සිවිල් වැසියෙකු මිය නොගිය බවත්, ජනාධිපති රාජපක්ෂ ඇතුළු ඉහළ පෙළේ ආණ්ඩු නිලධාරීන් අවස්ථා කීපයක දී ප‍්‍රකාශ කර ඇත. ගැටුමේ අවසන් මාසයන් පිළිබඳ මෙම විස්තරය, 2009 ජනවාරි මාසයේ දී ජනාධිපති රාජපක්ෂ සාර්ථක ලෙස නැවත බලයට පත් වීමේ දී වැදගත් භූමිකාවක් ඉටු කළේය.
 
මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, ආණ්ඩුවේ හමුදාවන් විසින් යුද නීති උල්ලංඝනය කරනු ලැබුණු බවට හෝ ඉහළ පෙළේ නිලධාරින් යුද අපරාධයන්ට සම්බන්ධ බවට චෝදනා කිරීම ශ‍්‍රී ලංකාව තුළ දී විශේෂයෙන් අවදානම් සහගත වී තිබේ. මැයි 6 දින, ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්මුඛ සාකච්ඡුාවක දී ප‍්‍රකාශ කළේ, ශ‍්‍රී ලංකාවේ ස්වෛරී භාවයට හානි කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සහයෝගී වන කවරෙකු වුව ද ද්‍රෝහියෙකු බව හා ඔවුන්ට මරණ දණ්ඩනය හිමි විය යුතු බවය. ප‍්‍රකාශය එල්ල කරනු ලැබුණේ, විශ‍්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා වෙත බව පැහැදිලි වේ. ගැටුම තුළ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ ව සාක්ෂි දීමට තමන් කැමැත්තෙන් සිටින බව රාජපක්ෂට එරෙහි ව ජනාධිපති තනතුර සඳහා ගෙන ගිය උද්ඝෝෂණයේ දී ඔහු පැවසුවේය. යුද අපරාධ සිදු කරන ලද බවට ගෝඨාභය රාජපක්ෂට චෝදනා කර නොසන්සුන්තාවක් ඇති කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ශ‍්‍රී ලාංකික බලධාරීන් විසින් ෆොන්සේකාට එරෙහි ව අපරාධ චෝදනා ගොනු කරනු ලැබ ඇත. යුද්ධය පිළිබඳ ව කරනු ලබන නිල විස්තරයට එල්ල වන කවර හෝ අභියෝගයක් ආණ්ඩුව විසින් නොඉවසනු ලබන බවට තවත් උදාහරණයක් වනුයේ, 2010 මැයි 18 දින යුද්ධය අවසන් වීමෙන් පසු පළමු සංවත්සරයේ දී උතුරේ යාපනේ වැසියන් යුද්ධයට ගොදුරු වූ අය සැමරීම සඳහා රැුස් වීම ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් වළක්වනු ලැබීමය.
 
යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් ලවා වග වීම සඳහා තමන්ට පවත්නා අතීත බැඳීම් ශ‍්‍රී ලංකාව හා එල්ටීටීඊය විසින් සපුරනු ලැබ තිබෙනුයේ ද?
 
ශ‍්‍රී ලංකාවේ දීර්ඝ සිවිල් යුද්ධය, බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වරදකරුවන් දඬුවම් නොලැබ බේරීමේ වාතාවරණයකින් සමන්විත වී තිබේ. භයානක අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් වරදකරුවන් කිරීම කෙසේ වෙතත්, නීතිමය පියවරයන් පවා ගනු ලැබ ඇත්තේ ආරක්ෂක හමුදා සාමාජිකයන් ඉතා සුලූ සංඛ්‍යාවකට එරෙහි ව පමණි. දේශීය හා ජාත්‍යන්තර විවේචනයන්ට ප‍්‍රතිචාර වශයෙන්, අපයෝජනයන් පිළිබඳ චෝදනාවන් පරීක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් වසර ගණනාවක් පුරා විශේෂ කොමිසම් පිහිටුවනු ලැබ ඇත. ඒ අතර, 1991 හා 1998 අතර වෙන වෙන ම පිහිටුවනු ලැබුණු බලාත්කාරී අතුරුදන් වීම් පිළිබඳ ව පරීක්ෂා කිරීමට විශේෂයෙන් කැප වූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් අටක්; 1995 දී නීති විරෝධී ලෙස රැුඳවුම් හා වධ දීමේ ස්ථානයක් පිහිටුවනු ලැබූ හා පවත්වා ගෙන යන ලද බවට කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිසමක්; 2000 ඔක්තෝබර් මාසයේ දී බිඳුණුවැව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි දෙමළ නිවැසියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිසමක්; සහ 2011 දී, 1981-1984 සිදුවීම් ආවරණය වන අයුරින් පිහිටුවනු ලැබුණු ජනවාර්ගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ සත්‍යය සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළත්ය. 1990 හා 1998 අතර යාපනයේ දී වාර්තා වූ බලාත්කාරී අතුරුදන් වීම් පිළිබඳ ව පරීක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද විශේෂ කමිටුවක් පත් කරනු ලැබුණි.
 
මෙම කොමිසම් විසින් පැමිණිලි දසදහස් ගණනක් පිළිබඳ ව පරීක්ෂණ පවත්වනු ලැබුණි. ”අතුරුදන් වීම්” පිළිබඳ කොමිසම්වලට පමණක් පැමිණිලි 30,000ක් පමණ (ඇතැම් ඒවා දෙවරක් ලැබී තිබුණි* ලැබුණු අතර, එය විසින් මෙම සිදුවීම්වලින් 20,000කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගනු ලැබුණි. තවත් සිදුවීම් 16,305ක් පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීමට තිබේ. එය වරදකරුවන් යයි කියනු ලබන්නන් දහස් ගණනක් හඳුනා ගත් අතර, ගොදුරු වූ අයට වන්දි ලබා දීම හා අනාගත උල්ලංඝනයන් වැළැක්වීම සඳහා නීති ප‍්‍රතිසංස්කරණ ද සහිත ව නීතිමය පියවරයන් නිර්දේශ කළේය.
 
මෙම කොමිසම්වලින් බොහෝ ඒවායේ වාර්තා ප‍්‍රසිද්ධ කරනු ලැබුණු අතර, ඇතැම් පවුල්වලට මූල්‍ය වන්දි ලැබුණු අතර, මෙම කොමිසම් විසින් කරනු ලැබුණු බොහෝ නිර්දේශයන් කිසි විටෙක ක‍්‍රියාත්මක කර නොමැත. වාර්තාවන්හි නම් සඳහන් අය පිළිබඳ ව නීතිමය පියවරයන් කීපයක් ගනු ලැබ ඇති අතර, වරදකරුවන් කරනු ලැබ තිබෙනුයේ ඊටත් වඩා අඩු ප‍්‍රමාණයකි. කොමිසම් විසින් කරන ලද සොයා ගැනීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් ආරක්ෂක හමුදාවන්හි කාර්ය මාණ්ඩලිකයන් සිය ගණනකට චෝදනා කරනු ලැබුණු නමුත්, 2001 දී පොලිස්පතිවරයා විසින් ඔවුහු නැවත සේවයට යවනු ලැබුණහ.
 
ජනාධිපති රාජපක්ෂගේ ප‍්‍රථම ධුර කාලයේ දී, ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් හා එල්ටීටීඊය විසින් සිදු කරන ලද අපයෝජනයන් රැුල්ලක් ඇති වූයේය. නව පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීම සඳහා පීඩනය එල්ල කළ 2006 අගෝස්තු මාසයේ ආධාර සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම වැනි යුද නීති උල්ලංඝන ද ඊට ඇතුළත් විය. 2006 නොවැම්බර් මාසයේ දී, රාජපක්ෂ විසින් මහත් උත්සවශ‍්‍රීයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම පිහිටුවනු ලැබුණි. ඊට පවරනු ලැබුණේ දෙපාර්ශ්වය ම සම්බන්ධ බව ඇඟවුණු ඉහළ ප‍්‍රසිද්ධියක් ලැබී තිබූ සිදුවීම් 16ක් පරීක්ෂා කිරීමය. කෙසේ වෙතත්, පෙර කොමිසම් සේ ම මෙම කොමිසම ද අසාර්ථක වූයේය. ජාත්‍යන්තර නියමයන්ට හා ප‍්‍රමිතීන්ට අනුව පරීක්ෂණය පවත්වනු ලබන බව සහතික කිරීම සඳහා පත් කරන ලද ජාත්‍යන්තර ප‍්‍රවීණයෝ කණ්ඩායමක්, එය ”කොමිසමේ කටයුතු විනිවිද භාවයෙන් යුක්ත යයි හෝ මූලික ජාත්‍යන්තර නියමයන් හා ප‍්‍රමිතීන් සැපිරී යයි...නිගමනය කිරීමට නොහැකි” වීම හේතුවෙන් 2008 වර්ෂයේ දී ඉල්ලා අස් වූහ. තම ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රවීණයන් විසින් දක්වනු ලැබ තිබූ හේතු අතර, කොමිසමේ වැඩ කටයුතුවල දී නීතිපතිවරයා විසින් ඉටු කරන ලද අනිසි භූමිකාව, ගොදුරු වූ අය හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩ සටහනක් නොමැති වීම හා පැමිණිලි විභාග කිරීම සඳහා දේශපාලන කැමැත්තක් නොමැති වීම තිබුණි.
 
තමන්ට පැවරුණු සිදුවීම් 16න් 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබුණු නමුත්, 2009 ජූනි මාසයේ දී, රාජපක්ෂ විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම විසුරුවා හරිනු ලැබුණි. ජනාධිපතිවරයා එහි වාර්තාව ප‍්‍රසිද්ධ කර නොමැත.
 
මෙම උල්ලංඝනයන් පරීක්ෂා කිරීමට රාජ්‍යය අසමර්ථ වන අවස්ථාවන්හි දී පවත්නා වෙනත් යන්ත‍්‍රණයන් කවරේ ද?
 
ඉතිහාසයේ දී, යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අසමර්ථ වූ රාජ්‍යයන් වෙනත් කවර හෝ අධිකාරයක් විසින් කාරණය පරීක්ෂා කිරීමට උත්සාහ දරනු ලබන විට ස්වෛරී භාවය පිළිබඳ මූලධර්මය කැඳවමින් දඬුවම් නොලැබීම පිළිබඳ ගැටලූව වසං කළේය. කෙසේ වෙතත්, පසු ගිය දශක දෙකේ දී ජාත්‍යන්තර අපරාධ නීතිය සම්බන්ධයෙන් සිදු වූ සැලකිය යුතු හා වැදගත් පෙරට යාම් මගින්, වග වීම සහතික කිරීම සඳහා රාජ්‍යයන්ගේ පාර්ශ්වයෙන් නැමැත්තක් නොමැති අවස්ථාවන්හි දී පවා වග වීම පිළිබඳ බලාපොරොත්තුව බොහෝ දුරට යථාර්ථයක් බවට පත් කරනු ලැබ තිබේ.
 
1998 දී සම්මත කර ගනු ලැබ හා 2002 දී බලාත්මක කොට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයිසීසී* නිර්මාණය කරන ලද ගිවිසුම, රාජ්‍යයන් අකැමැති හා අසමර්ථ වන අවස්ථාවන්හි දී, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ජන සංහාර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ ව පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහි ව නීතිමය පියවරයන් ගැනීමට අධිකරණය බල ගන්වයි. සැකකාර වරදකරුවන් අයිසීසී ගිවිසුමේ පාර්ශ්වකාරයෙකු වන රාජ්‍යයක පුරවැසියන් වුව හොත්, චුදිත උල්ලංඝනයන් සිදු කරනු ලැබ තිබෙනුයේ අයිසීසී ගිවිසුමේ පාර්ශ්වකාරයෙකු වන රාජ්‍යයක භූමිය තුළ දී වුව හොත් හා ගිවිසුමේ පාර්ශ්වකාරයෙකු නොවන රාජ්‍යයක් තම භූමිය තුළ දී සිදු කරනු ලැබ ඇති උල්ලංඝනයන් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස අයිසීසීයෙන් ඉල්ලා සිටිය හොත්, අපරාධ පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවරයන් ගැනීමට අයිසීසීයට හැකිය. ශ‍්‍රී ලංකාව අයිසීසීහි පාර්ශ්වකරුවෙක් නොවේ. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අධිකරණය වෙත තත්වයක් යොමු කරනු ලැබුණ හොත් අයිසීසීයට අධිකරණ බලය පවරා ගත හැකිය. සුඩානය අයිසීසී ගිවිසුම අනුමත කර නොතිබුණ නමුත්, 2005 දී ආරක්ෂක මණ්ඩලය විසින් ඩාෆූර්හි තත්වය අධිකරණය වෙත යොමු කරනු ලැබුණු අවස්ථාවේ ඒ ආකාරයේ පවරා ගැනීමක් ඇති වූයේය. අන් හැම අවස්ථාවක දී සේ ම, ආරක්ෂක මණ්ඩලයේ ක‍්‍රියාව රඳා පවතිනුයේ මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් නව දෙනෙකු පක්ෂ ව ඡුන්දය දීම හා නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් කවරෙකු හෝ විරුද්ධ ව ඡුන්දය නොදීම හෝ නිෂේධ බලය නොයෙදීම මතය.
 
පෙර සාකච්ඡුා කරනු ලැබුණු ආකාරයට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ද, යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැනවීමට හා ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පැවැත්වීම හා නීතිමය පියවරයන් ගැනීම සුදුසු ද යන්න නිර්දේශ කිරීමට හැකිය.
 
ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය සම්බන්ධ යුද අපරාධ හා වධ දීම වැනි ඇතැම් බරපතළ අපරාධ වර්ග ද සාර්ව භෞමික අධිකරණ බලයට යටත් වේ. මෙහි අදහස වනුයේ, වැරදිකරුවන්ට විරුද්ධ ව නඩු විභාග කිරීම සඳහා අධිකරණයකට බලය පැවරීමට කවර හෝ රටකට හැකි බවය. ජිනීවා ප‍්‍රඥප්තිය හා වධ දීමට එරෙහි ප‍්‍රඥප්තිය වැනි ඇතැම් ගිවිසුම්, අපරාධ පරීක්ෂණ ආරම්භ කරන ලෙස හා සැකකාර වැරදිකරුවන් තම රාජ්‍යයේ අධිකරණ බලය යටතේ සිටින්නේ තාවකාලික ව වුවත් - එනම්, අපරාධය සිදු කරනු ලැබ තිබෙනුයේ විදේශීය පුරවැසියෙකු විසින් වෙනත් විදේශීය පුරවැසියෙකුට එරෙහි ව විදේශීය රටක් තුළ දී වුවත් - සුදුසු නම් ඔවුන්ට එරෙහි ව නීතිමය පියවරයන් ගන්නා ලෙස රාජ්‍ය පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
 
ශ‍්‍රී ලංකාව තුළ ගැටුමේ දී සිදු වූ බව කියන යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනා පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ට හැකියාව තිබෙනුයේ ද?
 
ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලද බරපතළ යුද නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී ව හා නිසි කලට පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය දුර්වල එකක් වීම හේතුවෙන්, වන්නියේ සටනට සම්බන්ධ වූ සියලූ පාර්ශ්වයන් විසින් කරනු ලැබුණු බව කියන උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පනවන ලෙස හියුමන් රයිට්ස් වොච් දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත.
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් එවැනි පරීක්ෂණයකට බලය පැවරිය හැකිය. ඩාෆූර්හි හෝ පෙර යුගෝස්ලාවියාවෙහි වැනි වෙනත් ගැටුම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය විසින් මීට සමාන පරීක්ෂණයන්ට බලය පවරනු ලැබ ඇත. ඩාෆූර් කොමිසම ඉහත සඳහන් කරන ලද ආකාරයට ගැටලූව අයිසීසීය වෙත යොමු කිරීමට හේතු විය; යුගෝස්ලාවියානු කොමිසම පෙර යුගෝස්ලාවියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවීමට හේතු විය. මෙම කොමිසම් මගින් ජාත්‍යන්තර ප‍්‍රවීණයන් ලවා සූදානම් කරනු ලැබුණු වාර්තාවන්ට අපයෝජනයන් පිළිබඳ ව කරුණු සෙවීම හා වග වීම සහතික කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළත් වූයේය.
 
එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය යටතේ, පරීක්ෂණ යන්ත‍්‍රණයක් පිහිටුවීම සඳහා වැඩියෙන් ම ශක්තිය හා අධිකාරය තිබෙනුයේ ආරක්ෂක මණ්ඩලයටය. ආරක්ෂක මණ්ඩලය විසින් මීට පෙර ශ‍්‍රී ලංකාව තුළ වග වීම සම්බන්ධ ගැටලූ සලකා බලා නොමැති හෙයින් යුක්ති යසඳහා වෙනත් ක‍්‍රම සොයා යාම අවශ්‍ය විය හැකිය.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින්, මීට පෙර, ගාසා තීරය සම්බන්ධ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ ¥තමෙහෙය වැනි මීට සමාන පරීක්ෂණයන්ට බලය පවරනු ලැබ ඇත. අපයෝජනයන් විශාල වශයෙන් පැතිරී තිබුණ ද, ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය පිළිබඳ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වග වීම දියුණු කිරීම කෙරෙහි මානව හිමිකම් මණ්ඩලය මේ දක්වා පෙන්නුම් කර ඇත්තේ සුලූ උනන්දුවකි.
 
2009 මැයි මාසයේ දී, ගැටුම අවසන් වීමෙන් දින කීපයකට පසු ව, මෙම රජය යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව සලකා බලනු ඇති බවට ජනාධිපති රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන්ට පොරොන්දු විය. වසරක් ගත වී ඇතත් රජය එම පොරොන්දුවට ගරු කිරීමට අසමර්ථ වී ඇත.
 
2010 මාර්තු 5 දින, මහ ලේකම්වරයා ජනාධිපති රාජපක්ෂට පැවසුවේ, ශ‍්‍රී ලංකාව තුළ වග වීම සම්බන්ධයෙන් ගත යුතු ඊළඟ පියවරයන් පිළිබඳ ව තමන්ට උපදෙස් දීම සඳහා ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයක් පිහිටුවීමට තමන් අදහස් කරන බවය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ, බැන් කි-මූන් සිය සැලසුම් ක‍්‍රියාත්මක කිරීම අධෛර්යමත් කිරීම අදහස් කර ගත් ඒකාබද්ධ උද්ඝෝෂණයකිනි.
 
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මීට පෙර අවස්ථාවන්හි දී ජාත්‍යන්තර පරීක්ෂණ නිර්මාණය කරනු ලැබ ඇති අතර, 2009 සැප්තැම්බර් මාසයේ දී ගිනියාවේ සිදු වූ ජන සංහාරය පරීක්ෂාවට ලක් කළ පරීක්ෂණ කොමිසම ඉන් එකක් වේ.
 
ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ බරපතළ අපරාධයන්ට සම්බන්ධ බව ඇඟවෙන පුද්ගලයන් පිළිබඳ ව පරීක්ෂණ පවත්වා නීතිමය පියවරයන් ගැනීමට වෙනත් ජාත්‍යන්තර අධිකරණයකට හැකියාව තිබෙනුයේ ද?
 
කාම්බෝජය, ලෙබනනය, පෙර යුගෝස්ලාවියාව, රුවන්ඩාව හා සියෙරා ලියොන් යන රටවල්වල දී සිදු කරනු ලැබුණු අපරාධයන්ට එරෙහි ව නීතිමය පියවරයන් ගැනීම සඳහා පිහිටුවනු ලැබුණු ඒවා ද ඇතුළු පවත්නා වෙනත් ජාත්‍යන්තර හෝ ජාත්‍යන්තර/දේශීය මිශ‍්‍ර අපරාධ අධිකරණයන්ට ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ අපරාධයන් සම්බන්ධයෙන් නීතිමය පියවරයන් ගැනීමට අධිකරණ බලයක් නොමැත්තේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව හෝ එක්සත් ජාතීන් හා අපරාධ සිදු වූ රට අතර ඇති කර ගන්නා ලද ගිවිසුම් මගින් ඒවායේ බලතල ඇතැම් අපරාධයන්ට හා විශේෂයෙන් ම භූගෝලීය ප‍්‍රදේශයන්ට සීමා වී තිබුණි. අසීසීයෙන් බාහිර අධිකරණයක් මගින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි ආරක්ෂක මණ්ඩලය විසින් භාර ගනු ලැබීමට නම් එය අවස්ථානුකූල ව නව අධිකරණයක් පිහිටුවිය යුතු වේ.
 
ජාත්‍යන්තර අධිකරණයට භූමිකාවක් ඉටු කළ හැකි ද?
 
 
 
ජාත්‍යන්තර අධිකරණයට බලය තිබෙනුයේ, සම්බන්ධ ආණ්ඩුවල අනුමැතිය ලැබෙන්නේ නම් පමණක් රාජ්‍යයන් අතර මතභේදයන් විනිශ්චය කිරීම සඳහා පමණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හෝ ආරක්ෂක මණ්ඩලය විසින් යොමු කරනු ලබන නීතිමය ප‍්‍රශ්නයන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි එක්සත් ජාතීන්ගේ බලය ලත් ශාඛා හෝ ආයතන විසින් යොමු කෙරෙන ක‍්‍රි්යාකාරකම්වලට සම්බන්ධ නීතිමය ප‍්‍රශ්නයන් පිළිබඳ ව උපදේශාත්මක අදහස් දැක්වීමට ද ඊට හැකියාව තිබේ. පුද්ගලයන්ට එරෙහි ව පරීක්ෂණ පැවැත්වීම හෝ ඔවුන්ට එරෙහි ව නීතිමය පියවරයන් ගැනීම සඳහා අධිකරණ බලයක් ජාත්‍යන්තර අධිකරණයට නොමැත්තේය.
 
යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන්ට එරෙහි ව වෙනත් රටක දී නීතිමය පියවරයන් ගත හැකි ද?
 
ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් දඬුවම් නොලැබ බේරී යාමට එරෙහි ව සටන් කිරීමේ දී ජාතික අධිකරණයන් විසින් භූමිකාවක් ඉටු කළ හැකි හා ඉටු කළ යුතු වේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි ඇතැම් ඉහළ පෙළේ ශ‍්‍රී ලාංකික නිලධාරීන්ට එක්සත් ජනපද පුරවැසි භාවය ද තිබෙන හෙයින් ඇතැම් වැරදි සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණයන්ට අධිකරණ බලය ඇත. එක්සත් ජනපදයේ ස්ථිර පුරවැසියෙකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පිළිබඳ ව ද ඇතැම් වැරදි සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණයන්ට අධිකරණ බලයක් තිබිය හැකිය.
 
චුදිත අපරාධයට ඍජු සම්බන්ධයක් නොමැති අවස්ථාවන්හි දී පවා ජාතික අධිකරණයන් විසින් භූමිකාවක් ඉටු කළ හැකිය. ජිනීවා ප‍්‍රඥප්තියේ හා වධ දීමට එරෙහි ප‍්‍රඥප්තියේ ඇතුළත් ”බරපතළ උල්ලංඝනයන්” පිළිබඳ විධිවිධානයන් විසින් සාර්වභෞමික අධිකරණ බලයට බලය පැවරේ. ”සාර්වභෞමික අධිකරණ බලය” යනු යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වධ දීම හෝ ජන සංහාරය වැනි බරපතළ ජාත්‍යන්තර අපරාධයකට සැක කෙරෙන පුද්ගලයෙකුට එරෙහි ව නඩු විභාග කිරීම සඳහා ජාතික අධිකරණයකට තිබෙන සුදුසුකමය.
 
සාර්වභෞමික අධිකරණ බලය යොදා ගැනීමට හා බරපතළ අපරාධයන්ට එරෙහි ව නීතිමය පියවරයන් ගැනීම අවසර ලැබෙන නීති බොහෝ රටවල තිබේ. එහෙත්, එවැනි පරීක්ෂණයන් හා නීතිමය පියවර ගැනීම් කර ගෙන යාම සඳහා අවශ්‍ය කරන අධිකාරය දේශපාලනීකරණය වීමට ඇති ඉඩ හා සම්පත් පිළිබඳ ගැටලූ නොසලකා හැරීම හේතුවෙන් භාවිතය තිබෙනුයේ නීතියට පිටුපසිනි. පසු ගිය දශකයේ දී, විශේෂයෙන් ම බටහිර යුරෝපය තුළ දී, සාර්වභෞමික අධිකරණ බලය පිළිබඳ නීති යටතේ නීතිමය පියවරයන් ගනු ලැබුණු සිදුවීම් සංඛ්‍යාව අඛණ්ඩ ව ඉහළ ගොස් තිබේ. ප‍්‍රංශය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, බෙල්ජියම හා නෝර්වේ ඇතුළු රටවල දී, මොරිටානියාව, ඇෆ්ඝනිස්ථානය, කොන්ගෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාණ්ඩුව, රුවන්ඩාව හා බොස්නියාව සහ හර්සෙගොවිනාව වැනි නානාවිධ රටවල් තුළ දී සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධයන් පිළිබඳ ව ජාතික අධිකරණයන්හි දී සාර්ථක ව නීතිමය පියවරයන් ගැනීම මගින් පෙන්නුම් කරනු ලබනුයේ, සාර්වභෞමික අධිකරණය යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බවය. ඇතැම් රටවල්වල දී, සාර්වභෞමික අධිකරණය ක‍්‍රමයෙන් අපරාධ නීති පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය තුළට උකහා ගනු ලබමින් ද පවතින්නේය.
 
ජාත්‍යන්තර යුක්තිය සම්බන්ධයෙන් සැලකීමේ දී රාජ්‍යයන්ට අයත් අඩු දේශපාලන බලපෑමකින් යුක්ත පුද්ගලයන්ට එරෙහි ව පමණක් නීතිමය පියවරයන් ගැනීම තුළ පක්ෂපාතිත්වයක් නොමැත්තේ ද?
 
ජාත්‍යන්තර යුක්තිය සඳහා දරන පරිශ‍්‍රමයන් අප‍්‍රිකානු හා අරාබි පාර්ශ්වයන් කෙරෙහි පමණක් යොමු කරනු ලැබීම සම්බන්ධයෙන් බොහෝ පුද්ගලයන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විවේචනය කරනු ලැබ ඇත. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් බරපතළ අපරාධයන් සිදු කරන අපරාධකරුවන්ගේ ජාතිකත්වය නොතකා ඔවුන් ලවා වග විය යුත්තේය. එහෙත්, ජාත්‍යන්තර යුක්තියේ වාස්තවික භූදර්ශනය සමතල එකක් නොවේ. රාජ්‍යයන්, බොහෝ විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ක‍්‍රියා කරමින්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයන් පිහිටුවනු ලැබිය යුත්තේ කුමන අවස්ථාවන්හි ද යන්නත්, ඒවාට සම්පාදනය කරනු ලැබිය යුත්තේ කුමන බලතලයන් ද යන්නත් තීරණය කර ඇත. දේශපාලන සලකා බැලීම් සාධකයක් ව තිබෙන අතර, ඒවා විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන ආයතනයන්හි විෂය පථය, සිදු කරනු ලබන බරපතළ අපරාධයන්හි ප‍්‍රමාණයට ගැළපී නොමැත. මෙම තේරීම් කිරීම නොතකා, මෙම ආයතනයන් විසින් යටත් පිරිසෙයින් තම බලතලයන්ට අදාළ වන ගැටුම් සම්බන්ධයෙන් වග වීම තහවුරු කිරීමට දායකත්වය ලබා දී ඇත. ගොදුරු වූ තවත් අයෙකුගේ අවාසනාවන්ත තත්වය නොසලකා හැරෙන බැවින් යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයකට ගොදුරු වූ අයෙකු තම උසාවි දිනය ප‍්‍රතික්ෂේප කළ යුතු යයි නොකිව යුතු හෙයින්, කළ යුතු ව තිබෙන නිවැරදි දේ එයය. එමගින් කියැවෙනුයේ, දරුණු ම අපරාධයන් සිදු වනුයේ කොතැන වුව ද ඒවා සම්බන්ධයෙන් වග වීමේ ප‍්‍රයත්නයන් පුළුල් කිරීමට හියුමන් රයිට්ස් වොච් පරිශ‍්‍රම දරමින් සිටින බවය.
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Most Viewed