Skip to main content

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම: ශ‍්‍රී ලංකාවට හිමි ඡුන්දය යුක්තිය උදෙසා ප‍්‍රබල පණිවිඩයකි

වග වීම පිළිබඳ යෝජනාවට පුළුල් ජාත්‍යන්තර සහායක්

(ජිනීවා) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිගැනීමෙන් පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ දී සිදු වූ අපයෝජනයන්ට වග වීම සම්බන්ධයෙන් ප‍්‍රබල ජාත්‍යන්තර සහායක් පවතින බව යයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අද ප‍්‍රකාශ කළේය. කොමිසම යෝජනාව සම්මත කළේ 15ට 24ක ඡුන්දයකින් වන අතර, රටවල් 8ක් ඡුන්දය දීමෙන් වැළකුණි. යෝජනාවට පක්ෂ ව ඡුන්දය දුන් සාමාජික රටවල් අතරට ඉන්දියාව, නයිජීරියාව සහ එක්සත් ජනපදය ද ඇතුළත් විය.

”මානව හිමිකම් කොමිසමේ ඡුන්දය, යුද්ධය නිම වීමෙන් පසු ව ගත වූ වසර තුන තුළ වග වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දරා ඇති පරිශ‍්‍රමයන් කෙරෙහි ජාත්‍යන්තර ව පවත්නා පුළුල් අප‍්‍රසාදය පිළිබිඹු කරන්නකි” යි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ජිනීවා අභිදේශන අධ්‍යක්ෂිකා ජුලියට් ද රිවේරෝ පැවසුවාය. ”බොහෝ රටවල පිළිගැනීම වී ඇත්තේ, මෙම යෝජනාව ගැටුම තුළ දී දෙපාර්ශ්වය ම කළ බොහෝ අපයෝජන බැ?රුම් ව පරීක්ෂා කිරීමට තැබූ වැදගත් ප‍්‍රථම පියවරක් බවයි.”

ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුක්තිය හා වග වීම සම්බන්ධයෙන් තමන්ට පවත්නා නීතිමය බැඳීම් සපුරාලිය යුතු බවත්, සිය උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට පුළුල් ක‍්‍රියාකාරී සැලැස්මක් කඩිනමින් සම්පාදනය කළ යුතු බවත්, එමෙන් ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ බවට කෙරෙන චෝදනා පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතු බවත් යෝජනාව ඉල්ලා සිටී. එසේ ම, යෝජනාව විසින්, මෙම පියවරයන් ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හා මානව හිමිකම් පිළිබඳ ව කටයුතු කරන එක්සත් ජාතීන්ගේ වෙනත් නියෝජිතයන් උනන්දු කෙරෙයි.

මානව හිමිකම් කොමිසමේ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව ජිනීවාහි දී ද විදේශීය අගනුවරවල දී ද අසාර්ථක උද්ඝෝෂණයක් ගෙන ගිය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලාංකික මානව හිමිකම් අභිදේශකයෝ, යෝජනාවට සහාය දීම නිසා ජිනීවාහි දී ද ශ‍්‍රී ලංකාවේ දී ද මීට පෙර සිදු නොවූ අයුරින් ආණ්ඩුවේ විවේචනවලට හා අඩන්තේට්ටම්වලට ලක් වූහ. නිදසුනක් ලෙස, රාජ්‍ය අයිතිය යටතේ පවතින ඬේලි නිව්ස් පුවත්පත, යෝජනාවට පක්ෂ ව කතා කරමින් සිටි මානව හිමිකම් අභිදේශකයන් දෙදෙනෙකුට හා පුවත්පත් කලාවේදියෙකුට දෝෂාරෝපණය කළේය. බෙදුම්වාදී දෙමල ඊළම් විමුක්ති කොටින්ගේ සහායකයන් යයි ද, ”ශ‍්‍රී ලංකාව පාවා දීමට” ක‍්‍රියා කරන්නේ යයි ද, එය ඔවුන්ට චෝදනා නැගීය. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සැසියට සහභාගි වෙමින් සිටි මානව හිමිකම් අභිදේශකයන් ඡුායාරූප ගත කොට, ඒ ඡුායාරූප ජාතික මාධ්‍යයේ සහ බ්ලොග්වල ප‍්‍රසිද්ධ කර, ඔවුන් ද්‍රෝහීන් ලෙස හැඳින්වීමට පියවර ගැනුණි.

”කොමිසමේ යෝජනාවට බාධා කිරීමට දැරූ පරිශ‍්‍රමයන් අසාර්ථක වූ බැවින්, මානව හිමිකම් අභිදේශකයන්ට දුෂ්ට පෞද්ගලික ප‍්‍රහාර එල්ල කර තමන්ගේ ම පුරවැසියන් අවදානමේ හෙළීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව තීන්දු කළේය”යි රිවේරෝ පැවසුවාය. ”ආණ්ඩුව බියට පත් ව වග වීම මග හැරීමට යොදන උපායන් තේරුම් ගත් බැවින් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් පැසසුමට ලක් විය යුතුයි.”

කොමිසමේ යෝජනාව ශ‍්‍රී ලංකාව තුළ වග වීම සම්බන්ධයෙන් වැදගත් ඉදිරි පියවරක් යයි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් සමග ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟ විය. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ ව සලකා බලන බවට ඔහු එහි දී පොරොන්දු විය. කෙසේ වෙතත්, ආණ්ඩුව ගත් එක ම සැලකිය යුතු පියවර වූයේ, 2010 අපේ‍්‍රල් මාසයේ දී උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම පිහිටුවීම පමණි. කොමිසම බරපතළ ලෙස දෝෂ සහිත වූ අතර, 2011 දෙසැම්බරයේ දී ප‍්‍රසිද්ධ කෙරුණු එහි වාර්තාව, ආණ්ඩුවේ හමුදා ඒවා කළ ක‍්‍රියාවන්ගෙන් බොහෝ දුරට නිදහස් කරයි.

2011 අපේ‍්‍රල් මාසයේ, ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන්ට කරනු ලැබුණු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් කොමිසම තවදුර පියවරයන් ගත යුතු යයි තමන් කළ ඉල්ලීම, හියුමන් රයිට්ස් වොච් යළියළිත් ඉදිරිපත් කළේය. ආණ්ඩුවේ හමුදාවන් හා එල්ටීටීඊය, බරපතළ යුද නීති උල්ලංඝනය කිරීම්වල යෙදුණු බවට විශ්වසනීය චෝදනා එහි පැවතුණි. චුදිත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන ජාත්‍යන්තර යන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු යයි මණ්ඩලය ඉල්ලා සිටියේය.

”වග වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කරන්නේ කටින් බතල කොළ සිටුවීම පමණක් යයි මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෝ පිළිගත්හ,” රිවේරෝ පැවසුවාය. ”ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන යුද්ධයට ගොදුරු වූවන්ට අවසානයේ යම් යුක්තියක් ඉටු වන බව සහතික කිරීමට, යෝජනාව ක‍්‍රියාත්මක කිරීමේ දී එම ක‍්‍රියාවලිය සමීප ව නිරීක්ෂණය කිරීම තීරණාත්මකය.”

 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.