|
News Release
ශ‍්‍රී ලංකාව: හමුදාවේ පරීක්ෂණය, පමා කිරීමේ උපායකි
යෝජනාව ජාත්‍යන්තර පීඩනය වැළැක්වීම අරමුණු කර ගත්තක් බව පෙනෙයි
(නිව් යෝක්) - තම බලකායන් යුද නීති සම්බන්ධ බරපතළ උල්ලංඝනයන් කළ බවට එල්ල වන චෝදනා පරීක්ෂා කිරීම සඳහා සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුක්ත විමර්ශන උසාවියක් පත් කළ බව ශ‍්‍රී ලංකා හමුදාව විසින් නිවේදනය කරනු ලැබ ඇති අතර, එම නිවේදනය වර්ධනය වන ජාත්‍යන්තර පීඩනය ඉදිරියේ ආණ්ඩුව විසින් යොදනු ලබන තවත් පමා කිරීමේ උපායක් බව පෙනෙන්නට තිබේ යයි හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය.
2009 මැයි මාසයේ නිම වූ සන්නද්ධ ගැටුමේ අවසන් මාසයන්හි දී ආණ්ඩුවේ හමුදාවන් හා බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය පිළිබඳ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වග වීමක් නොමැතිකම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඊළඟ සැසියේ දී සාකච්ඡුා කිරීමට අපේක්ෂිතය. සැසිය ආරම්භ වනුයේ 2012 පෙබරවාරි 27 දිනය.
”ශ‍්‍රී ලංකා හමුදාව විසින් නිවේදනය කරනු ලැබ ඇති පරීක්ෂණය, යුද්ධය නිම වී වසර තුනකට ආසන්න කලකට පසු ඇති වූ හදිසි උද්‍යෝගයක් හේතුවෙන් ගනු ලැබුණු තීරණයක් නොවේ. එය සැබෑ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ගෝලීය වශයෙන් එල්ල වන පීඩනය වෙන අතකට යොමු කිරීම අරමුණු කර ගත් විනිවිද පෙනෙන කූට උපායකි” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසුවේය. ”මානව හිමිකම් කොමිසමේ දී ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වීමට ඔන්න මෙන්න කියා තිබෙද්දී නිවේදනය කරන ලද මෙම පරීක්ෂණය තවත් නරුම හා අර්ථශූන්‍ය පියවරක් බව පෙනෙයි.”
පෙර දී ශ‍්‍රී ලංකාවේ හමුදාව තරයේ කියා සිටියේ, සටනේ අවසන් මාසයන්හි දී සිදු වූ කුමන හෝ සිවිල් මරණයක් සම්බන්ධයෙන් තමන් වගකීමක් නොදරන බවය. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හා හියුමන් රයිට්ස් වොච් වැනි මානව හිමිකම් සංවිධාන ඉදිරිපත් කල වාර්තාවන්ගෙන්, ශ‍්‍රී ලංකා සන්නද්ධ බලකායන් විසින් වගවිභාගයකින් තොර ව සිවිල් වැසියන්ට එල්ල කරන ලද ෂෙල් ප‍්‍රහාර හා අධිකරණ තීන්දුවකින් තොර ව කරන ලද ඝාතන පිළිබඳ ව විස්තරාත්මක තොරතුරු සැපයී ඇත. මෙම වාර්තාවන් සහ මානව හිමිකම් කොමිසමේ දී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් යළියළිත් ප‍්‍රතක්ෂේප කරනු ලැබ ඇත. හමුදා අධිකරණයේ සාමාජිකයන් පත් කරන ලද්දේ ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය විසිනි. යුද්ධයේ අවසන් වසර කීපයේ දී, ප‍්‍රධාන ගැටුම් කලාපය වූ වන්නියෙහි ආරක්ෂ හමුදා ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේ ඔහුය. හමුදාවේ නිල වෙබ් අඩවියට අනුව, ජගත් ජයසූරිය ”වන්නියේ සියලූ මිලිටරි සැලසුම්වල දී හා මෙහෙයුම්වල දී ක‍්‍රියාකාරී ව සම්බන්ධ විය”.
බරපතළ උල්ලංඝනයන්ට සම්බන්ධ බවට ඇඟවී තිබෙනු විය හැකි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධීක්ෂණය කළ හා ඔවුන්ගේ සගයෙකු වන ආඥාපතිවරයෙකු විසින් පත් කරන ලද පරීක්ෂණයක්, ස්වාධීන ව හා අපක්ෂපාතී ව තොරතුරු සොයන පරීක්ෂණයක් වේ යයි බලාපොරොත්තු විය නොහැකි බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. මහජන පීඩනය ඉදිරියේ කොමිෂන් සභා පිහිටුවීමේත්, ආණ්ඩුවට හිතවත් අය එම සභාවන්හි සාමාජිකයන් ලෙස පත් කිරීමේත්, සොයා ගැනීම් විනාශ කිරීමේ හා නොතකා හැරීමේත් දීර්ඝ ඉතිහාසයක් ශ‍්‍රී ලංකාවට ඇති බව හියුමන් රයිට්ස් වොච් කියා සිටියේය.
ශ‍්‍රී ලාංකික ගැටුමේ දී සිදු වූ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ ව පරීක්ෂා කිරීමට ස්වාධීන ජාත්‍යන්තර යන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු යයි එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් මහ ලේකම් බැන් කි-මූන්ට කරන ලද නිර්දේශයට, හියුමන් රයිට්ස් වොච් දීර්ඝ කාලයක් පුරා සහාය දී ඇත. 2011 වර්ෂයේ නොවැම්බර් මාසයේ ප‍්‍රසිද්ධ කරන ලද ආණ්ඩුවේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ :ඛඛඍක්* වාර්තාව විසින් මානව හිමිකම් කාරණා සම්බන්ධයෙන් දැඩි නිර්දේශයන් කරනු ලැබුණ ද, ආණ්ඩුවේ අපයෝජනයන් සම්බන්ධයෙන් වග වීමේ කාරණය සම්පූර්ණයෙන් ම නොතකා හරින ලද බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.
”මෙම අධිකරණය, ගොදුරු වූවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන්, මානව හිමිකම් කොමිසමේ දී ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වීම වැළැක්වීමට වඩා වැඩි දෙයක් කළ යුතුය” යි ඇඩම්ස් පැවසුවේය. ”බරපතළ අපයෝජනයන් සම්බන්ධයෙන් පුද්ගලයන්ට එරෙහි ව චෝදනා එල්ල වන විටත්, නඩු විභාග කෙරෙන විටත්, ඔවුන් එම පුද්ගලයන්ගේ තනතුර නොතකා වග වීම පිළිබඳ ව බැ?රුම් ව කටයුතු කරති යි අපි විශ්වාස කරමු. එසේ නොවෙතොත් මෙම කොමිසම ද, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මෑත අවුරුදුවල දී වග වීම පිළිබඳ ව දුන් අනෙක් බිඳුණු පොරොන්දු සියල්ලත් සමග සාමයට පෑහෙනු ඇත.”
Every piece on our website is resource intensive. If you donate whatever you can today, we will use it to continue investigating abuses and advocate for change in 100+ countries.
Region / Country
Topic
Most Viewed
-
October 14, 2025
ශ‍්‍රී ලංකාව: විනාශකාරී බදු ප්‍රතිපත්ති අසමානතාවයන් උග්‍ර කරයි.
-
-
-
January 16, 2025
ශ‍්‍රී ලංකාව : නව රජය ආර්ථික ප්‍රතිසංස්කරණ, යුක්තිය ගැන පොරොන්දු වෙයි
-