(නිවුයෝක්) – 2009දී අවසාන වූ සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීමෙහිලා 2013වර්ෂයේදී
ශ්‍රී ලංකාව දක්වා තිබෙන්නේ සුළු ප්‍රගතියක් බව 2014ලෝක වාර්තාවප්‍රකාශයට පත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අද පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර හෙළාදැකීම උත්සන්න වෙත්ම ආණ්ඩුව විවේචනයට ලක් කරන මානව හිමිකම් ක්‍රියාධරයන්ට සහ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම තර්ජනවලට සහ බියගැන්වීම්වලට මුහුණ දීමට සිදු විය.
ආසියානු කටයුතු භාර හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් කියා සිටියේ, “යුධසමයේ සිදු කරන ලද උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව බොහෝ ප්‍රකාශ කරන නමුත් එවන් පරීක්ෂණවල කිසියම් හෝ ප්‍රතිඵලයක් දකින්නට ලෝකය තවමත් බලා සිටින” බවයි. “උල්ලංඝනයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා සැබෑ ප්‍රගතියක් ලැබීමට නම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අන් කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබේ.”
ලෝක වාර්තාව -2014එහි 24සංස්කරණය තුළ 667පිටුවේ, හියුමන් රයිට්ස් වොච් සංවිධානය රටවල් 90කට වැඩි රටවල්වල මානව හිමිකම් පිළිබඳ සමාලෝචනය කරයි. සිරියාවේ ව්‍යාප්ත සිවිල් ජනතාව මරාදැමීම භිතිය අනාවරණය කලද ලෝක නායකයන් එය නැවැත්වීමට පියවර ගෙන ඇත්තේ අඩුවෙන් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. “ආරක්ෂා කිරීම සඳහා වගකීම”පිළිබඳ නැවත පනගන්වන ලද මූලධර්මයක් අප්‍රිකාව තුළ සමහර බොහෝ දාමරිකකම් වලක්වා ඇති බව පෙනෙන්නට ඇත. ඊජිප්තු බලය තුළ සහ වෙනත් රටවල බහුතරය සුළුතරයේ අයිතිවාසිකම් මර්දනය කර ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳ එඩ්වර්ඩ් ස්නෝව්ඩන්ගේ හෙලිදරව්කිරීම් ලෝකය වටා ප්‍රතිරාව ඇති කරන ලදී.
ආණ්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමට අනුව වගවීම සම්බන්ධ විවිධ ක්‍රියාමාර්ගයන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රතිචාරය පළ කළේය. 2006දී ත්‍රිකුණාමලයේ “පංචශිෂ්‍යය” ඝාතනයට සම්බන්ධ ඇතැම් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සහ සිවිල් යුද්ධයේදී මියගිය සහ අතුරුදහන් වූ පුද්ගලයන් සොයා බැලීම සඳහා වූ මාස හයක ජාතික සංගණනය ආරම්භ කිරීම වැනි ඇතැම් කරුණු සාධනීය වුවත්, ඒවායේ අවසාන ප්‍රතිඵලය සහ වගවීම සම්බන්ධයෙන් ඒ මගින් ඇති කෙරෙන බලපෑම කවරක් වනු ඇත්දැයි තවමත් ස්ථිර නැත. සතියක සංචාරයක හමාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය, නවී පිල්ලේ, කියා සිටියේ කිසිදු ප්‍රගතියක් සම්බන්ධයෙන් තමන්ට විශ්වසනීය සාක්ෂි දක්නට නොලැබුන බවයි.
වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් නැති බව හුවා දැක්වීමට ආණ්ඩු ගණනාවක්ම නොවැම්බරයේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව යොදා ගත්තේය. කැනඩාව, මුරුසි දිවයින සහ ඉන්දියාවේ අගමැතිවරුන් සමුළුවට සහභාගි නොවීම කැපී පෙනිණ. දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන යාපනය නගරයේ සංචාරය කරමින් සහ “විශේෂයෙන්ම යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ භයංකර දේ” සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මානව හිමිකම් තත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීය.
ආණ්ඩුව විවේචනය කරන ශ්‍රී ලාංකිකයන්ට තවමත් තර්ජනවලට සහ හිරිහැරවලට ලක් වීමට සිදු වී තිබේ. ආණ්ඩුව “ශීඝ්‍රයෙන් අධිකාරිවාදී දිශාවකට” ගමන් කරමින් සිටින බව පිල්ලේ වාර්තා කළාය. සිය සංචාරයේදී පිල්ලේ මුණ ගැසුණු පුද්ගලයන්ගේ නිවාසවලට ඉන් පසුව ආරක්ෂක හමුදා සාමාජිකයෝ පැමිණියහ. ආණ්ඩුවේ ජනමාධ්‍ය විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයන් නම් කරමින් සහ විවේචනයට ලක් කරමින් සිටියේය.
පරාජය කරන ලද දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්. ටී. ටී. ඊ) සමඟ සම්බන්ධතා පැවැත්වූ බව සැලකෙන සුළුතර දෙමළ ජනතාව, දරුණු අතවරයන්ට මුහුණ දුන්හ. ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවේ සිටි රැඳවූවන්බන්ධනවලට ලක් කිරීම, දූෂණය කිරීම සහ පහත් ලෙස සැලකීම පුළුල් වශයෙන් සිදු විය. රැඳවූවන්වධ බන්ධනවලට ලක් කරන බවට එල්ල කරන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන නමුත්, එල්. ටී. ටී. ඊ යට සම්බන්ධ දෙමළ ජාතිකයන් යළිසිය රට යැවු අවස්ථාවල ඔවුන් වධ බන්ධනවලට ලක් වීමේ අවදානමක් පවතින බව හෙළිවීමෙන් අනතුරුව යුරෝපා රටවල් ගණනාවක්ම ඔවුන් යලි ශ්‍රී ලංකාවට පිටත් කිරීම නවතා දැමුවේය.
“2014වර්ෂය උදා වෙද්දී, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ජාත්‍යන්තර බලපෑම උත්සන්න කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එල්ල වෙමින් තිබෙන තර්ජනය ආපසු හැරවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී,” යනුවෙන් ද ඇඩම්ස් පැවසීය.