ගරු නියෝජිතතුමනි,
 
අප මෙය ලියනුයේ, ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ යුදකාලීන අපයෝජනයන්ට වග වීම පිළිබඳ ගැටලූව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ :්‍යඍක්‍* 2012 මාර්තු සැසියේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට, අනෙක් සාමාජික හා නිරීක්ෂක රාජ්‍යයන් සමග එක්ව ක‍්‍රියා කරන ලෙස ඔබගේ නියෝජිත කණ්ඩායම උනන්දු කිරීමටය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව හා බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* අතර මිලිටරි ගැටුම නිම වී වසර තුනකට ආසන්න කලක් ගත වී ඇත. එසේ වෙතත්, ආණ්ඩුව කටයුතු කර ඇත්තේ, ප‍්‍රකට හා බරපතළ යුදකාලීන අපයෝජනයන්ට යුක්තිය හා වග වීම ඉටු කිරීමේ විශ්වසනීය පියවරයන්ට මුල පිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනතාව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා මානව හිමිකම් කොමිසම කෙරෙහි තමන්ට පවතින කැප වීම් අනුව නොවේ.
 
දීර්ඝ කාලයක් පමා වී ආණ්ඩුවේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව නිකුත් වූ පසු ව ද, චෝදනා එල්ල වී තිබෙන යුද අපරාධයන් හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ ව ශ‍්‍රී ලංකා ආණ්ඩුව මේ වත තෙක් කිසිත් අවධානයක් යොමු කර නොමැත. ප‍්‍රයෝජනවත් නිර්දේශයන් කිහිපයක් ඇතුළත් වුව ද, එල්එල්ආර්සීය ආණ්ඩුවේ හමුදාවන් විසින් සිදු කරන ලද දරුණු අපරාධ නොතකා හැරියේය. අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු ආණ්ඩුවේ හා මිලිටරියේ නිලධාරීන් ලවා වග වීම සම්පාදනය කිරීම සඳහා පියවරයන් නිර්දේශ කිරීමට එය අසමර්ථ වූයේය.
 
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නාවි පිල්ලේ ඇතුළු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කීප දෙනෙකු ද, අධිකරණ තීන්දුවකින් තොර, නොවිධිමත් හෝ අත්තනෝමතික මරණ දඬුවම් පැමිණවීම් පිළිබඳ එවක-විශේෂ සබැඳියාකරු ෆිලිප් ඇල්ස්ටන් ද, ගැටුම තුළ දී ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ ව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඇත. හියුමන් රයිට්ස් වොච් හා වෙනත් බොහෝ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස දීර්ඝ කාලයක් පුරා ඉල්ලීම් කර ඇත.
 
ශ‍්‍රී ලංකාවේ ගැටුමේ අවසන් මාසයන්හි දී සිවිල් වැසියන් දසදහස් ගණනකට සිදු වූ මරණ හා තුවාල පිළිබඳ ව විධිමත් ලෙස පරීක්ෂණ පවත්වන ලද බවත්, අපයෝජනයන්ට වරදකරුවන් අධිකරණය හමුවට පමුණුවන ලද බවත්, ගොදුරු වූ අයට සහන සලසන ලද බවත් සහතික කිරීම සඳහා අවශ්‍ය පියවරයන්ට, මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක‍්‍රියාකාරී ප‍්‍රමුඛ අන්තර් ආණ්ඩු මණ්ඩලය වන මානව හිමිකම් කොමිසම සහාය දීම තීරණාත්මක වනුයේය. එම නිසා, මානව හිමිකම් කොමිසමේ දී,
 
ගැටුම තුළ දී සියලූ පාර්ශ්වයන් විසින් සිදු කරන ලද අපරාධ සැබෑ ලෙස හා බැ?රුම් ව පරීක්ෂාවට ලක් කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අසමර්ථ වීම පිළිබඳ ව බරපතළ සැලකිල්ලක් දක්වන,
 
ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් මහ ලේකම්වරයාට කරන ලද නිර්දේශ (චුදිත උල්ලංඝනයන් පිළිබඳ ව ස්වාධීන ව පරීක්ෂණ පැවැත්වීම සඳහා සාර්ථක දේශීය වග වීමේ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කිරීමටත්, එහි දී සම්පාදනය වන තොරතුරු රැුස් කිරීමට හා අනාගතයේ දී ඒවා අදාළ ලෙස ප‍්‍රයෝජනයට ගැනීම පිණිස සුරක්ෂිත කිරීමටත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව කොතරම් දුරට කටයුතු කර තිබෙන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමට හා තක්සේරු කිරීමට ස්වාධීන ජාත්‍යන්තර යන්ත‍්‍රණයක් පිහිටුවීම ද මීට ඇතුළත් වේ* ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින
 
යෝජනාවකට සහාය දෙන ලෙස අපි ඔබගේ නියෝජිත කණ්ඩායම උනන්දු කරමු.
 
යුදකාලීන අපයෝජනයන් සම්බන්ධයෙන් වග වීම පිළිබඳ ගැටලූව එක්සත් ජාතීන් දිගු කාලයක් පුරා උනන්දු වී තිබෙන කරුණකි. 2009 වර්ෂයේ මැයි මාසයේ දී එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ව, ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහ ලේකම් බැන් කි-මූන් සමග ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට එකඟ විය. ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරන බවට ඔහු එහි දී පොරොන්දු වූයේය.ඤ1% 2010 වර්ෂයේ මැයි මාසයේ දී, ජනාධිපති රාජපක්ෂ එල්එල්ආර්සීය පිහිටුවූයේය. එය සැලසුම් කරනු ලැබුණේ, 2002 සටන් විරාම ගිවිසුම බිඳ වැටීමට හේතු වූ තත්වයන් විභාග කිරීමට හා ප‍්‍රතිසන්ධානය ප‍්‍රවර්ධනය කිරීම සඳහා පියවරයන් නිර්දේශ කිරීමටය. එල්එල්ආර්සීය පිහිටුවනු ලැබුණේ යුක්තිය හා වග වීම සඳහා මාර්ගයක් ලෙස නොවේ.
 
කෙසේ වෙතත්, මෙම ගැටලූ පිළිබඳ ව පියවර ගැනීමට අසමර්ථ වීම සම්බන්ධයෙන් එල්ල වූ පීඩනය වර්ධනය වූ තත්වයේ දී, ආණ්ඩුව යුදකාලීන අපයෝජනයන් සම්බන්ධ එල්එල්ආර්සීය සතු බලතල පුළුල් කළේය. ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ වාර්තාව නිගමනය කළේ, යුක්තිය හා වග වීම පිළිබඳ ආණ්ඩුවේ ආකල්පය බැ?රුම් නම් එල්එල්ආර්සීයේ බලතල, සංයුතිය හා ක‍්‍රමවේදය ඒ සඳහා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවය.
 
එල්එල්ආර්සීය පිහිටුවනු ලැබීමෙන් පසු ව, අපයෝජනයන් සම්බන්ධයෙන් යුක්තිය හා වග වීම සම්පාදනය කිරීම ශ‍්‍රී ලාංකික බලධාරීහු ප‍්‍රතික්ෂේප කළහ. උනන්දුවක් දක්වන ආණ්ඩු හා ජාත්‍යන්තර ක‍්‍රියාකාරකයන් එල්එල්ආර්සීයේ වාර්තාව නිකුත් වන තෙක් බලා සිටිය යුතු යයි එය කියා සිටියේය. මේ කාලය තුළ දී, ආණ්ඩුවේ හමුදාවන් කවර හෝ උල්ලංඝනයක් කළ බව ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් විසින් යළියළිත් ප‍්‍රතික්ෂේප කරනු ලැබුණි. ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් වන තත්වයේ දී, ආණ්ඩුවේ හමුදාවන් ඇතැම් අවස්ථාවල දී සිවිල් වැසියන්ට මරණ හා තුවාල සිදු කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකු මෑත දී පිළිගෙන ඇත. එහෙත්, සිවිල් මරණවල හා තුවාලකරුවන්ගේ සංඛ්‍යාවත්, ආණ්ඩුවේ හමුදාවන් වගවිභාගයකින් තොර ව බර ආයුධ යොදා ගත් බවත්, ඇතැම් විට හිතාමතා ම සිවිල් වැසියන්ට හා රෝහල්වලට ප‍්‍රහාර එල්ල කරන්නට ඇති බවත්, ඔවුහු අඛණ්ඩ ව මුළුමනින් ම නොවැදගත් කොට සලකති. ආණ්ඩුව වගකිව යුත්තන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීම සඳහා කිසි ම පරිශ‍්‍රමයකට මුල පුරා හෝ මෙය සිදු වූ බව අඟවා හෝ නොමැත.
 
වග වීම සම්බන්ධයෙන් 2009 මැයි මාසයේ දී දුන් පොරොන්දුව ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති රාජපක්ෂ අසමර්ථ වීමට ප‍්‍රතිචාර දැක්වූ මහ ලේකම් බැන් කි-මූන්, එල්එල්ආර්සීය පිහිටුවා මාසයකට පසු ව 2010 ජූනි මාසයේ දී ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය පිහිටුවූයේය. ඉන්දුනීසියාවේ මර්සුකි දරුස්මාන්, දකුණු අප‍්‍රිකාවේ යස්මින් සූකා හා එක්සත් ජනපදයේ ස්ටීවන් රැුට්නර් යන අයගෙන් සමන්විත වූ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයට පැවරුණු කර්තව්‍යය වූයේ ශ‍්‍රී ලංකාවෙහි වග වීම සම්බන්ධයෙන් ගත යුතු ඊළඟ පියවරයන් පිළිබඳ ව මහ ලේකම්වරයාට උපදෙස් දීමය.
 
2011 අපේ‍්‍රල් 11 දින, ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය සිය වාර්තාව මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළේය. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය ම, ”සනාථ වුවොත් ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් පුළුල් පරාසයක බරපතළ උල්ලංඝනයන් සිදු කළේ යයි ඇඟවෙන විශ්වසනීය චෝදනා” මණ්ඩලය විසින් සොයා ගනු ලැබුණි.ඤ2% මණ්ඩලයේ වාර්තාව සමාලෝචනය කිරීම සඳහා මාස කීපයක් පමා වී 2011 දෙසැම්බර් මාසයේ දී නිකුත් කරනු ලැබුණු එල්එල්ආර්සී වාර්තාව, ආණ්ඩුවේ අපයෝජනයන් පිළිබඳ ව මණ්ඩලය විසින් කරන ලද විස්තරාත්මක සොයා ගැනීම් බොහෝ දුරට නොතකා හැරියේය. ”වෙඩි හුවමාරුවේ” ප‍්‍රතිඵලයක් වශයෙන් සිවිල් වැසියන්ට හානි සිදු වූ බව නිගමනය කළ ද, සුලූ සිදුවීම් අතළොස්සක් පිළිබඳ ව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටිය ද, එල්එල්ආර්සීය මිලිටරියේ යුදකාලීන ක‍්‍රියාවන් බොහෝ දුරට නිදොස් කළේය. ”එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප‍්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා