Skip to main content

ශ‍්‍රී ලංකාව: එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානියා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇති කළ යුතුය

රුසියාව හා චීනය ගොදුරු වූ අයට යුක්තිය ඉටු කිරීමට බාධා කිරීම නතර කළ යුතුය

(නිව් යෝක්) - 2009 මැයි මාසයේ දී අවසන් වූ ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම තුළ දී සිදු වූ අපයෝජනයන් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇති කළ යුතු යයි එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය කළ නිර්දේශයන් මත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් ක‍්‍රියා කළ යුතු යයි හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. අන්තර් රාජ්‍ය මණ්ඩලයක් මගින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අනුමැතිය පළ කිරීමේ හෝ ක‍්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් 2011 අපේ‍්‍රල් 25 දින බැන් කි-මූන් විසින් කරන ලද ප‍්‍රකාශය, යුක්තිය ඉටු කිරීමේ යන්ත‍්‍රණයක් පිහිටුවීමට අනවශ්‍ය බාධාවක් නොවිය යුතු යයි හියුමන් රයිට්ස් වොච් කියා සිටියේය.
 
2011 අපේ‍්‍රල් 25 දින ප‍්‍රසිද්ධ කරන ලද මණ්ඩලයේ වාර්තාව නිගමනය කළේ, ශ‍්‍රී ලංකාවේ 26 වසරක් දීර්ඝ යුද්ධයේ අවසන් මාසයන්හි දී ආණ්ඩුවේ හමුදාවන් හා බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* ”සිවිල් වැසියන්ගේ රැුකවරණය, අයිතිවාසිකම්, සුභසාධනය හා ජීවිත නින්දිත ලෙස නොතකා හරිමින්” මිලිටරි මෙහෙයුම් සිදු කළ බවත්, ඔවුන් ”ජාත්‍යන්තර නීතියේ සම්මතයන්ට ගරු කිරීමට අසමර්ථ වූ” බවත්ය. ”යුද්ධය අවසන් වී වසර දෙකකට පමණ පසු ව ද, ශ‍්‍රී ලංකාවේ පරිශ‍්‍රමයන් පවතිනුයේ වග වීම පිළිබඳ ජාත්‍යන්තර සම්මතයන්ට වඩා විස්මිත ලෙස පහළ මට්ටමක වන අතර, ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ හා මහ ලේකම්වරයාගේ ඒකාබද්ධ කැප වීම හෝ ශ‍්‍රී ලංකාවේ නීතිමය යුතුකම් සැපිරීමට එම පරිශ‍්‍රමයන් අසමර්ථය” යි ද මණ්ඩලය නිගමනය කළේය.
 
”දෙමළ කොටින් විසින් අපයෝජන සිදු කරන ලද්දේය, තම හමුදාවන් ලවා වග වීමට ආණ්ඩුව අසමර්ථ වී ඇත යන ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ නිගමන මගින් පෙන්නුම් කෙරෙනුයේ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයි,” හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසීය. ”රුසියාව හා චීනය, ශ‍්‍රී ලංකාව තුළ ගොදුරු වූ අයට යුක්තිය ඉටු කිරීම සඳහා දරන පරිශ‍්‍රමයන්ට බාධා කිරීම නතර කර මණ්ඩලයේ නිර්දේශයන්ට සහාය දිය යුතුය.”
 
ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ බව කියන උල්ලංඝනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡුාවට රුසියාව හා චීනය කලින් විරුද්ධ වූ අතර, මෙම ගැටලූව සම්බන්ධයෙන් බැන් කි-මූන් වැඩිදුර පියවර ගැනීම පිළිබඳ ඔවුන්ගේ නොකැමැත්ත අපේ‍්‍රල් 18 දින නැවත ප‍්‍රකාශ කළේය. මණ්ඩලයේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමට සහාය දෙන ලෙස හියුමන් රයිට්ස් වොච් එක්සත් ජාතීන්ගේ සියලූ සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. 2010 මැයි මාසයේ දී බැන් කි-මූන් සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුක්ත ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය පිහිටුවූයේ, සිදු වූ බව කියන අපයෝජනයන් පිළිබඳ ව පරීක්ෂණ පවත්වන බවට යුද්ධය අවසන් වහා ම දුන් පොරොන්දුවට ගරු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අසමර්ථ වීමෙන් පසු ව ශ‍්‍රී ලංකාව තුළ වග වීම සම්බන්ධයෙන් ගත යුතු ඊළඟ පියවරයන් පිළිබඳ ව තමන්ට උපදෙස් දීම පිණිසය.
 
ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර ව සිටින ජාත්‍යන්තර නීතිය පිළිබඳ ප‍්‍රවීණයන් තිදෙනෙකුගෙන් යුක්ත ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය, ”එක්සත් ජාතීන්ගේ නානාවිධ ආයතන, දෙපාර්තමේන්තු, අරමුදල්, කාර්යාල හා වැඩ සටහන් සහ වෙනත් අන්තර් රාජ්‍ය සංවිධාන, ඤරාජ්‍ය නොවන සංවිධාන% සහ මාධ්‍යවේදීන් හා ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂඥයන් වැනි පුද්ගලයන් විසින් ප‍්‍රසිද්ධ කරන ලද වාර්තා, ලියවිලි හා වෙනත් ලිඛිත විස්තර ද, චන්ද්‍රිකා ඡුායාරූප, ඡුායාරූප හා වීඩියෝ පට ද” විමර්ශනය කළේය. එය එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය මාර්ගයෙන් කරන ලද නිවේදනයන්ට ප‍්‍රතිචාර වශයෙන් ලද අදහස් සමාලෝචනය කළේය, සන්නද්ධ ගැටුම් සම්බන්ධයෙන් විශේෂඥ භාවයක් හෝ අත්දැකීම් සහිත පුද්ගලයන් ගණනාවකගෙන් උපදෙස් ලබා ගත්තේය. ”අදාළ හා විශ්වසනීය යයි මණ්ඩලය විසින් කල්පනා කරනු ලබන ප‍්‍රාථමික මූලාශ‍්‍ර පදනම් කර ගත් විට” චෝදනාවන් විශ්වසනීය යයි මණ්ඩලය සැලකීය. ”අනෙක් ආකාරවලින් ඍජු ව හෝ වක‍්‍ර ව ලැබුණු තොරතුරු මගින් මෙම ප‍්‍රාථමික මූලාශ‍්‍රයන් සනාථ වූයේය.”
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග සම්බන්ධ වීමට මණ්ඩලය දැරූ ප‍්‍රයත්න ප‍්‍රතික්ෂේප කරනු ලැබිණ. ආණ්ඩුව ප‍්‍රශ්නවලට ලිඛිත ව පිළිතුරු දුන් නමුත්, රට වෙත චාරිකා කර ආණ්ඩුවේ නිලධාරීන් හා අපයෝජනයන් පිළිබඳ සාක්ෂිකරුවන් හමු වීමට මණ්ඩලයට අවසර නොදුන්නේය.
 
එල්ටීටීඊය සිවිල් වැසියන් ”මිනිස් පලිහවල්” හා ප‍්‍රහාරයන්ට එරෙහි අවරෝධකයක් ලෙස යොදා ගත් බවත්, එල්ටීටීඊ පාලනයෙන් පලා යාමට උත්සාහ දරමින් සිටි සිවිල් වැසියන් ඝාතනය කළ බවත්, සිවිල් වැසියන් ආසන්නයේ සිට මිලිටරි උපකරණ භාවිත කළ බවත්, බලෙන් ළමයින් බඳවා ගත් බවත්, මරා ගෙන මැරෙන ප‍්‍රහාර මාර්ගයෙන් සිවිල් වැසියන් ඝාතනය කළ බවත් මණ්ඩලය නිගමනය කළේය.
 
විශාල ප‍්‍රදේශයක පැතුරුණු හා වගවිභාගයකින් තොර ෂෙල් ප‍්‍රහාර මගින් ආණ්ඩුවේ හමුදාවන් සිවිල් වැසියන් ඝාතනය කළ බව, රෝහල්වලට හා මානුෂීය ඉලක්කයන්ට පහර දුන් බව හා යුද කලාපය තුළ සිටි ජනයාට මානුෂීය ආධාර අහිමි කළ බව ද මණ්ඩලය නිගමනය කළේය. වාර්තාව මෙසේ ප‍්‍රකාශ කරන්නේය: ”ආණ්ඩුව, තමන් බර අවි යොදා ගැනීම නතර කරන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ව පවා, අනුපිළිවෙළින් පිහිටුවූ යුද මුක්ත කලාප තුනට විශාල පරිමාණයෙන් ෂෙල් ප‍්‍රහාර එල්ල කළ අතර, එම කලාපයන්හි එක්රැුස් වන ලෙස ආණ්ඩුව සිවිල් ජනයා දිරි ගන්වා තිබුණි.... යුද පෙරමුණුවල තිබූ රෝහල්වලට ආණ්ඩුව ක‍්‍රමානුකූල ව ෂෙල් ප‍්‍රහාර එල්ල කළේය. රෝහල් පිහිටි ස්ථාන ආණ්ඩුව හොඳින් ම දැන සිටි නමුත්, ඤයුද කලාපය% තුළ තිබූ සියලූ රෝහල්වලට මෝටාර් හා කාලතුවක්කු ප‍්‍රහාර එල්ල විය. ඉන් ඇතැම් ඒවාට නැවත නැවතත් පහර දෙනු ලැබුණි.”
 
ආණ්ඩුව විසින් පරීක්ෂා කිරීමේ ක‍්‍රියාවලිය තුළ දී අවතැන් වූ සිවිල් ජනයාගෙන් වෙන් කරනු ලැබුණු ඇතැම් ජනයාට නොවිධිමත් මරණ දඬුවම් පමුණුවන ලද බව, ඇතැම් කාන්තාවන් ¥ෂණය කරනු ලබන්නට ඇති බව හා අනෙක් අය බලාත්කාරී අතුරුදන් කිරීමට ලක් වන්නට ඇති බව ද මණ්ඩලය නිගමනය කළේය. ප‍්‍රදේශයේ සිට ගැටුමේ අවසන් මාසයන්හි දී අවතැන් වූ සියලූ වැසියෝ සංවෘත කඳවුරු තුළ රඳවනු ලැබුණහ. ඒවායේ දී ඇතැම් රැුඳවියෝ ප‍්‍රශ්න කිරීම්වලට හා වධ දීම්වලට ලක් වූහ. ”තමන් කර ගෙන ගියේ සිවිල් වැසියන්ට කිසිත් හානියක් නොකිරීමේ ප‍්‍රතිපත්තියකින් යුක්ත ‘මානුෂීය මුදා ගැනීමේ මෙහෙයුමක්’ය යන මතය අඛණ්ඩ ව දරා සිටින ආණ්ඩුවේ ස්ථාවරයට” තම නිගමන ”මුළුමනින් ම ප‍්‍රතිවිරුද්ධය” යි මණ්ඩලය කියා සිටියේය. වාර්තාව මෙසේ නිගමනය කරන්නේය: ”යුද්ධයේ අවසන් අදියරේ දී සිවිල් වැසියන්ට සිදු වූ හානිවලින් බොහෝ ඒවා ඇති වූයේ ආණ්ඩුවේ ෂෙල් ප‍්‍රහාර හේතුවෙනි.” ජනාධිපති රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් ආණ්ඩුවේ හමුදාවන් සිවිල් හානිවලට හේතු වූ බව නැවත නැවතත් ප‍්‍රතික්ෂේප කර ඇත.
 
වාර්තාව තුළ චන්ද්‍රිකා ඡුායාරූප 16ක් අඩංගු වන අතර, රෝහල්වලට නැවත නැවතත් කාලතුවක්කු ප‍්‍රහාර එල්ල වූ බවත්, ආණ්ඩුව විසින් ප‍්‍රකාශිත යුද මුක්ත කලාප තුන ඉලක්ක කර ගැනීම සඳහා ආණ්ඩුවේ කාලතුවක්කු සමූහය නිතර ම නැවත දිශා ගත කෙරුණු බවත් ඒවායින් පෙන්නුම් කෙරේ.
 
ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද හා තම වග වීමේ යන්ත‍්‍රණය යයි ආණ්ඩුව විසින් නිතර සඳහන් කරනු ලබන මණ්ඩලයක් වන උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම ”අතිශයින් දෝෂ සහගත බව, සාර්ථක වග වීමේ යන්ත‍්‍රණයකට අදාළ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් නොසපුරන බව හා ඒ නිසා වග වීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා මහ ලේකම්වරයා ප‍්‍රකාශයට පත් කළ ඒකාබද්ධ කැප වීම සම්පූර්ණ නොකරන බව” මණ්ඩලය නිගමනය කළේය. එල්ටීටීඊය විසින් සිදු කරන ලද අපයෝජනයන් පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරන වග වීම සම්බන්ධ ආණ්ඩුවේ ප‍්‍රවිෂ්ටය, ”යුද්ධය කර ගෙන යාමේ දී තමන් ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් වග වීම පිළිබඳ කවර හෝ අදහසකින්” තොර බව මණ්ඩලය සඳහන් කළේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් අව්‍යාජ පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත්, සිදු වූයේ යයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර යන්ත‍්‍රණයක් ඇති කිරීමට මහ ලේකම්වරයා වහා ක‍්‍රියා කළ යුතු බවත් මණ්ඩලය නිර්දේශ කළේය.
 
වාර්තාව ”නීති විරෝධී,” ”පක්ෂපාතී, පදනම් විරහිත හා ඒකපාර්ශ්වීය” යයි හඳුන්වමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව තම නිල ප‍්‍රවෘත්ති බිහිදොර තුළ ප‍්‍රකාශ කළේ තමන් වාර්තාව ”ප‍්‍රබල ලෙස ප‍්‍රතික්ෂේප කරන” බවය. සන්නද්ධ හමුදාවන්ට සහයෝගය දක්වන බව පෙන්නුම් කිරීම සඳහා මැයි 1 දින පෙළපාළිවල යෙදෙන ලෙස ජනාධිපති රාජපක්ෂ ඉල්ලා ඇත. ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ ඇත්තේ මණ්ඩලයේ නිර්දේශයන් මත ක‍්‍රියා කිරීම නොව, එක්සත් ජාතීන් මත පීඩනය යෙදීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික උද්ඝෝෂනයකි.
 
”වාර්තාව පක්ෂපාතී යයි ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් එය වහා ප‍්‍රතික්ෂේප කිරීම මගින් පෙන්නුම් කෙරෙනුයේ බැ?රුම් දේශීය යුක්ති ක‍්‍රියාවලියක් සඳහා කිසිත් අවස්ථාවක් නොමැති බවය යන්න කනගාටුවට කරුණකි” යි ඇඩම්ස් පැවසුවේය. ”ගැටුමට ගොදුරු වූ අයට තිබෙන එක ම බලාපොරොත්තුව වනුයේ නීතිමය පියවර ගැනීමෙන් අවසන් වන ජාත්‍යන්තර පරීක්ෂණයකි. එවැනි පරීක්ෂණයක් ඇති කිරීම සඳහා බැන් කි-මූන් තවත් කල් පමා නොවිය යුත්තේය.”
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.