Skip to main content

ශ‍්‍රී ලංකාව: හදිසි නීතිය පිළිබඳ ‘ව්‍යාජය’

අපයෝජනකාරී රඳවා ගැනීමේ බලතල තව ම බලාත්මකය

(නිව් යෝක්) - ශ‍්‍රී ලංකාව තුළ සිදු ව ඇති හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කිරීම, නඩු විභාගයකින් තොර ව දිගු කාලයක් පුද්ගලයන් රඳවා තබා ගැනීමට ආණ්ඩුවට අවසර ලැබෙන දැනට පවත්නා නීතිවලට හා නව නීතිවලට බල නොපාන බව හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, 1971 සිට අඛණ්ඩව ම වාගේ බලපැවැත්වූ හදිසි අවස්ථා රෙගුලාසි 2011 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට ඉඩ හැරියේය.

කෙසේ වෙතත්, චෝදනා ඉදිරිපත් කිරීමකින් තොර ව 18 මාසයක් දක්වා රඳවා තබා ගැනීමට අවසර ලැබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත (පීටීඒ* ද, වෙනත් නීති හා රෙගුලාසි ද, අපයෝජනකාරී රඳවා තබා ගැනීමේ තන්ත‍්‍රය බලාත්මක ව පවත්වා ගෙන යාමට ඉඩ හරින බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ දැන් රඳවා තබා ගෙන සිටින 6,000කට වැඩි ජනයා තවදුරටත් රඳවා තබා ගැනීමට, තවත් යෝජිත නීතියක් මගින් බලධාරීන්ට ඉඩ සැලසෙනු ඇත්තේය.

”හදිසි අවස්ථාව අවසන් බව ශ‍්‍රී ලංකා ආණ්ඩුව නිවේදනය කළ නමුත්, යුද්ධය අතරතුර දී එය දැරූ දුෂ්ට බලතල තව ම එය සතු ව ඇත” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසීය. ”හදිසි අවස්ථා බලතල අවලංගු කළ යුතු යයි ඉල්ලා ඇති ආණ්ඩු මෙම නරුම ‘ව්‍යාජයෙන්’ නොරැුවටිය යුතුය.” සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ හදිසි අවස්ථා රෙගුලාසි මගින් බලධාරීන්ට අත්තනෝමතික බලතල පිරිනමනු ලැබුණු අතර, අත්තනෝමතික රඳවා තබා ගැනීම්, වධ දීම් හා බලාත්කාරී අතුරුදන් කිරීම් ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා ඒවා හේතු වී ඇත.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ වසර ගණනක් පුරා නිල හා නොනිල රැුඳවුම් මධ්‍යස්ථානයන්හි දහස් ගණන් ජනයා රඳවා ගෙන සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රඳවා ගෙන සිටිනුයේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් චෝදනා ඉදිරිපත් කිරීමෙන් තොර ව ය. ඊනියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි කැරලිකාරී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සමග සම්බන්ධ යයි සැක පිට, නිසි ක‍්‍රියාවලි අයිතිවාසිකම් ලබා නොදී 11,000කට වැඩි ජනයා රඳවා ගෙන සිටින බව 2010 වර්ෂයේ පෙබරවාරි මසයේ නිකුත් කළ වාර්තාවක දී හියුමන් රයිට්ස් වොච් සටහන් කළේය.

ඔවුන්ගෙන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් වසර දෙකකට පසුත් රඳවා ගෙන සිටිති. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පිරිනමනු ලැබුණු අත්තනෝමතික බලතල ද ශ‍්‍රී ලංකාව තුළ බලාත්කාරී අතුරුදන් වීම් විශාල සංඛ්‍යාවක් ඇති වීමට දායක වූයේය. ආණ්ඩුව හා එල්ටීටීඊය අතර 2006 දී යළි ආරම්භ වූ විශාල පරිමාණයේ සටන්වලින් පසු ව මෙම සිදුවීම් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ශ‍්‍රී ලංකාව නව ”අතුරුදන් වීම්” ඉහළ ම සංඛ්‍යාවක් සහිත රටවල් අතරට එක් විය. පසුගිය දශක දෙකේ දී බලාත්කාරයෙන් අතුරුදන් කරනු ලැබුණු අයගෙන් අතිවිශාල බහුතරයක් පිළිබඳ ව ශ‍්‍රී ලංකාව තව ම පැහැදිලි කිරීමක් කර නොමැත.

වසර දෙකකටත් වැඩි කාලයකට පෙර සටන අවසන් වීමෙන් පසු ව ද හදිසි අවස්ථා රෙගුලාසි බලාත්මක ව පවත්වා ගෙන යාම පිළිබඳ ව ශ‍්‍රී ලංකාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක් වීම වැඩි වී ඇත. හදිසි නීතිය ඉවත් කිරීම සාමාන්‍ය තත්වය යළි ඇති කිරීම කරා වූ වැදගත් ප‍්‍රගතියක් බවට ශ‍්‍රී ලාංකික නිලධාරීන් කෙවෙල් කර ඇත. එහෙත් පවත්නා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත තුළ හදිසි අවස්ථා රෙගුලාසි තුළ පැවති බොහෝ බලතල දක්නට ලැබෙන බව හියුමන් රයිට්ස් වොච් කියා සිටියේය.

හදිසි අවස්ථා රෙගුලාසි සේ ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත ද, වරෙන්තුවකින් තොර ව අනිර්දිෂ්ට ”නීති විරෝධී ක‍්‍රියාකාරකම්” සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සඳහා ඉඩ සලසන අතර, සැකකරුවා උසාවියට ඉදිරිපත් නොකර මාස 18ක් දක්වා රඳවා තබා ගැනීමට අවසර දෙයි. ආණ්ඩුව එම පුද්ගලයාට අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙයි. නීතිය යටතේ වරදක් වන වධ දීම වැනි ක‍්‍රියාවන් සිදු කරන රජයේ නිලධාරීන්ට දඬුවම් නොලබා බේරීමේ අවස්ථාව ද පණත මගින් සම්පාදනය කෙරේ. නිලධාරියා ක‍්‍රියා කළේ ”සද්භාවයෙන්” හෝ ”මෙම පණත යටතේ දෙන ලද කවර හෝ නියෝගයක් හෝ නිර්දේශයක් ක‍්‍රියාත්මක කිරීම” සඳහා වුව හොත් නීතිමය ක‍්‍රියා පටිපාටි තහනම් වේ.

හදිසි අවස්ථා රෙගුලාසි හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉවත් කළ යුතු යයි හියුමන් රයිට්ස් වොච් හා වෙනත් සංවිධාන දිගු කාලයක් පුරා ඉල්ලා ඇත. බලාත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම මෙම නීති අවලංගු කළ යුතු යයි 1999 වසරේ සිට ම ශ‍්‍රී ලංකා බලධාරීන්ට නිර්දේශ කර ඇත. අගෝස්තු 31 දින සිය නිල කාලය අවසන් වූ ශ‍්‍රී ලංකාවේ නීතිපති මොහාන් පීරිස් පැවසුවේ හදිසි අවස්ථා රෙගුලාසි අවලංගු වීම මගින් රඳවා තබා ගැනීමේ පරිචයන්හි වෙනසක් අදහස් නොවන බවය: ”හදිසි අවස්ථාව අවලංගු වීමට ඉඩ හැර ඇතත් කිසිත් සැකකරුවෙකු නිදහස් නොකෙරෙනු ඇති අතර, කිසිත් වෙනසක් සිදු නොවනු ඇත” යි ඔහු වාර්තාකරුවන්ට පැවසීය. ”අවශ්‍ය යයි සිතෙන අවස්ථාවන්හි ආරක්ෂක ලේකම්වරයාට හෝ ජනාධිපතිවරයාට රෙගුලාසි අනුමත කිරීමට හැකි වන පුළුල් බල ගැන්වීමේ විධිවිධානයක්” ද ඇතුළු ව, රැුඳවියන් තවදුරටත් රඳවා තබා ගැනීමට ආණ්ඩුවට හැකි බව සහතික කිරීම සඳහා තවත් නීති ක‍්‍රියාවට නැංවෙනු ඇති බව ඔහු ඇඟවූයේය. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ රඳවා ගනු ලැබූ ජනයා තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා බලාත්මක ව තිබෙන නීති මගින් නීතිමය පදනමක් සම්පාදනය කෙරෙන බව ද පීරිස් පැවසීය.

ශ‍්‍රී ලාංකික නීතිය යටතේ අවශ්‍යතාවක් වුව ද ආණ්ඩුව මෙම නීති ප‍්‍රසිද්ධ කර නොමැත. අගෝස්තු 6 දින ජනාධිපතිවරයා නිකුත් කළ ආඥාවක් මගින් සන්නද්ධ හමුදාවන් වෙත සෝදිසි කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ බලතල පිරිනමනු ලැබුණි. එහෙත් මෙම ආඥාව කෙතරම් කාලයක් බලපවත්වනුයේ ද යන්න පැහැදිලි නැත. මහජන සම්බන්ධතා පිළිබඳ අරමුණු උදෙසා සංකේතාත්මක පියවරයන් ගැනීම වෙනුවට ”ආණ්ඩුව තම සියලූ අපයෝජනකාරී රැුඳවුම් නීති අවලංගු කළ යුතු අතර, රඳවා තබා ගැනීමට සම්බන්ධ සියලූ නීති හා රෙගුලාසි ප‍්‍රසිද්ධ කළ යුතුය” යි ඇඩම්ස් පැවසීය. ‘නීති විරොදී ලෙස අත් අඞංගුවට ගත් පිරිස වහාම නිදහස් කරන ලෙසද’ඇඩමිස් ඉල්ලා සිටිය

GIVING TUESDAY MATCH EXTENDED:

Did you miss Giving Tuesday? Our special 3X match has been EXTENDED through Friday at midnight. Your gift will now go three times further to help HRW investigate violations, expose what's happening on the ground and push for change.