Skip to main content

එක්සත් ජනපදය හෝ ශ‍්‍රී ලංකාව තුළ සිටින කිසිවෙකු නීතියට ඉහළින් නොයා යුතුය

Published in: Groundviews
බුෂ් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බලය පවරනු ලැබ සිදු කළ රැුඳවියන් අපයෝජනය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ආරම්භ කරන ලෙස පසුගිය මාසයේ දී නිකුත් කළ වාර්තාවක දී හියුමන් රයිට්ස් වොච් එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ”වධ දීම පිළිබඳ දෝෂාරෝපණයෙන් ගැළවීම: බුෂ් පරිපාලනය හා රැුඳවියන්ට දුෂ්ට ලෙස සැලකීම” යන මාතෘකාව සහිත පිටු 107කින් යුක්ත වාර්තාව, ”ජල පුවරුවේ වධ දීම” වැනි ක‍්‍රියාවන්ට අණ කිරීම, රහසිගත සීඅයිඒ බන්ධනාගාර යොදා ගැනීම හා වධ දීම්වලට ලක් කරන ලද රටවලට ම රැුඳවියන් පවරා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, උප ජනාධිපති ඩික් චෙනී, ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් හා සීඅයිඒ අධ්‍යක්ෂ ජෝර්ජ් ටෙනට් පිළිබඳ ව අපරාධ පරීක්ෂණ පැවැත්වීම යුක්ති සහගත බවට පත් කරන ප‍්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කරයි. වධ දීමට එරෙහි ප‍්‍රඥප්තිය, ජිනීවා ප‍්‍රඥප්ති හා එක්සත් ජනපදය බැඳී සිටින වෙනත් ජාත්‍යන්තර ගිවිසුම් එවැනි ක‍්‍රියාවන් විසින් උල්ලංඝනය කරනු ලැබුණි.
 
ජනාධිපති බරක් ඔබාමා තම තනතුරේ වැඩ භාර ගත් අවස්ථාවේ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වධ දීම තහනම් කිරීම ඇතුළු ව වැදගත් පියවරයන් ගණනාවක් ගත්තේය. එහෙත් වධ දීම යොදා ගැනීම සම්බන්ධයෙන් බුෂ් පරිපාලනයට සහාය දීම ඔබාමා පරිපාලනය විසින් ප‍්‍රතික්ෂේප කොට ඇති නමුත්, එය වධ දීම සැලසුම් කළ හා ඒවාට බලය පැවරූ අය පිළිබඳ ව පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය ඊළඟ පියවර ගෙන නොමැත.
 
ඔබාමා පරිපාලනය මේ දක්වා දරා ඇති එක ම ප‍්‍රයත්නය වනුයේ අතීත අපයෝජනයන් පිළිබඳ ව පරීක්ෂා කිරීම පමණක් වන අතර, ජෝන් ඩර්හැම් විසින් නායකත්වය දෙන ලද එය කිසි සේත් ප‍්‍රමාණවත් නොවූ පරීක්ෂණයක් විය. එය පරීක්ෂාවට ලක් කළේ සීඅයිඒ ප‍්‍රශ්න කරන්නන් විසින් කරන ලද, ආණ්ඩුවේ නීතිඥයන් විසින් බලය පවරන ලද ක‍්‍රියාවන් ඉක්මවා ගිය අපයෝජනයන් පිළිබඳ ව පමණකි. ”වධ දීමේ මතක සටහන්” ලෙස දැන් කුප‍්‍රකට මතක සටහන්වල සඳහන් ප‍්‍රශ්න කිරීමේ විධික‍්‍රම වධ දීමට හා වෙනත් නීති විරෝධී ක‍්‍රියාවන්ට පැහැදිලිව ම සමාන වන නමුත්, බුෂ් පරිපාලනයේ නීතිඥයන් විසින් නීත්‍යනුකූල යයි කල්පනා කරන ලද එම විධික‍්‍රම එය විසින් පරීක්ෂාවට ලක් නොකෙරුණි. ඒ වෙනුවට සීඅයිඒ ප‍්‍රශ්න කරන්නන් ආණ්ඩුවේ නීතිඥයන් විසින් බලය පවරන ලද ක‍්‍රියාවන් ඉක්මවා ගිය සිදුවීම් පමණක් පරීක්ෂාවට ලක් කළ එය, තමන් සමාලෝචනය කළ සිදුවීම් 100කට ආසන්න සංඛ්‍යාවෙන් 2ක් පිළිබඳ ව පමණක් පරීක්ෂණ අඛණ්ඩ ව පවත්වා ගෙන යාමට තීරණය කළේය. බරපතළ වග වීමේ ක‍්‍රියාවලියක් හේතුවෙන් ඇති විය හැකි දේශපාලන මතභේදය මග හැරීමට ප‍්‍රයත්න දරන ඔබාමා පරිපාලනයේ බලාපොරොත්තුව වනුයේ, ඩර්හැම් පරීක්ෂණය මගින් ඇමරිකානු ඉතිහාසයේ මෙම නින්දිත පරිච්ෙඡ්දය පිළිබඳ පොත වසා දැමෙනු ඇති බවය.
 
හියුමන් රයිට්ස් වොච් තම වාර්තාව නිකුත් කළේ, එක්සත් ජනපදය තුළ දී හෝ වෙන අන් රටක දී බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් දඬුවම් නොලබා සිටීම එය නොපිළිගන්නා හෙයිනි. කිසිත් අපරාධයක් නොකළ බවටත්, එහෙත් බුෂ් පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස රඳවා ගෙන දුෂ්ට ලෙස සලකන ලද බවටත් අප දැන් දන්නා බොහෝ දෙනා ද ඇතුළු ගොදුරු වූවෝ යුක්තිය අපේක්ෂා කරති. වරදකරුවා කවුරුන් ද යන්න නොතකා නීතිය රකින බව දැකීමට ඇමරිකානු ජනතාව අපේක්ෂා කරති. දේශපාලන හෝ වෙනත් හේතු මත ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන ලද බරපතළ අපරාධ වන මෙම වැරදි නොතකා සිටීමට එක්සත් ජනපද ආණ්ඩුවට නොහැකිය. මේ නිසා, එක්සත් ජනපද ආණ්ඩුව අපරාධ පරීක්ෂණ පැවැත්විය යුතු යයි ද, එක්සත් ජනපද ආණ්ඩුව එය නොකරන්නේ නම් අනෙක් ආණ්ඩු විසින් එය කරනු ලැබිය යුතු යයි ද අපි අඛණ්ඩ ව ඉල්ලා සිටිමු. අපි දිගු කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එම කරුණු ම ඉදිරිපත් කර ඇත්තෙමු. රටවල් දෙකේ දී ම ආණ්ඩුවේ නිලධාරීන් නීති විරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ බව ඇඟවී ඇත. රටවල් දෙක ම අපයෝජනයන් පැහැදිලි කිරීමට හෝ යුක්ති සහගත කිරීමට උත්සාහ කිරීම සඳහා ත‍්‍රස්තවාදය පිළිබඳ තර්ජනය යොදා ගෙන ඇත.
 
දෙමළ කොටින් සමග යුද්ධයේ අවසන් මාසයන්හි දී බරපතළ අපයෝජනයන් සිදු කරන ලද බවට පවත්නා විශ්වසනීය චෝදනා රාශිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පැවැත්වීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අසමර්ථ වී තිබේ. ආණ්ඩුවේ හමුදාවන් විසින් සිදු කරන ලද යුදකාලීන අපයෝජනයන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය විධිනියෝගය, සම්පත් හෝ පැහැදිලි ලෙස ම අභිප‍්‍රායක් ද නොමැති ප‍්‍රමාණවත් නොවන උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම යනු ප‍්‍රමාණවත් නොවන ඩර්හැම් පරීක්ෂණයේ පිළිබිඹුවකි.
 
එහෙත් වෙනස්කම් ද තිබේ. වධ දීම පිළිබඳ චෝදනා පරීක්ෂාවට ලක් කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ තමන්ට පවත්නා බැඳීම් එක්සත් ජනපද ආණ්ඩුව විසින් සපුරා නොමැති නමුත්, යටත් පිරිසෙයින් සාමාන්‍ය සොල්දාදුවන් අතින් හෝ ඇතැම් උල්ලංඝනයන් සිදු වූ බව එය විසින් පිළිගෙන ඇත. ඉරාකයෙහි අඩු ග‍්‍රයිබ් බන්ධනාගාරයේ දී එක්සත් ජනපද සොල්දාදුවන් විසින් වධ දීම හා දුෂ්ට ලෙස සැලකීම පිළිබඳ ඡුායාරූප ව්‍යාජ හෝ ¥ෂිත ඒවා යයි එය ප‍්‍රකාශ නොකරයි. පරීක්ෂණ ඉල්ලා සිටින්නන් ද්‍රෝහීන් ලෙස නම් කර හෝ තර්ජනයන්ට, අඩන්තේට්ටම්වලට හෝ ඊට වඩා දරුණු ක‍්‍රියාවන්ට ලක් කර හෝ නොමැත.
 
දෙමළ කොටින් සමග යුද්ධයේ අවසන් මාසයන්හි දී එය කර ගෙන ගිය ආකාරය පිළිබඳ තම කර්කෂ හා අවිශ්වසනීයත්වය වැඩි වන තර්ක, ශ‍්‍රී ලංකා ආණ්ඩුව අඛණ්ඩ ව පවත්වා ගෙන යයි. තම හමුදාවන් කිසිත් යුද අපරාධයක් සිදු නොකළ බවටත්, සිවිල් වැසියන්ට කිසිත් හානියක් නොකිරීමේ ප‍්‍රතිපත්තියක් පවත්වා ගත් බවටත් ආණ්ඩුව විසින් කරනු ලබන අවධාරණය, එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසු ව සිනහ උපදවයි.
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුව තමන් විසින් ම නිර්මාණය කරන ලද ”යුද මුක්ත කලාපයන්ට” නැවත නැවතත් ෂෙල් ප‍්‍රහාර එල්ල කළ බවටත්, සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බවටත්, පැහැදිලි ව සලකුණු කර තිබූ රෝහල්වලට නැවත නැවතත් පහර දුන් බවටත් ප‍්‍රමාණවත් සාක්ෂි පවතියි. ආණ්ඩුවේ සොල්දාදුවන් විසින් තම අත්අඩංගුවේ සිටි දෙමළ කොටි නායකත්වයේ සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නොවිධිමත් මරණ දඬුවම් පමුණුවන ලද බවට වීඩියෝ පට හා වෙනත් සාක්ෂි පවතියි. පිළිතුරු නොසැපයුණ ප‍්‍රශ්නවලින් බොහොමයක් මගින් අසනු ලබනුයේ එවැනි අපයෝජනයන්ට අණ දුන්නේ කවුරුන් ද යන්න පිළිබඳ ව හා අණ දීමේ නියෝග දාමය කොතරම් දීර්ඝ ද යන්න පිළිබඳ ව ය.
 
කුරිරු ක‍්‍රියාවන් පිළිබඳ ඡුායාරූප හා වීඩියෝ සාක්ෂිවලට මුහුණ පා සිටින රාජපක්ෂ පරිපාලනයේ නිසග ප‍්‍රතිචාරය වී ඇත්තේ පණිවිඩකරුවා හෙළා දැකීමය. එක්සත් ජාතීන්ගේ විශේෂ සබැඳියාකරු පිලිප් ඇල්ස්ටන් විසින් ඝාතන පිළිබඳ බිහිසුණු වීඩියෝ පටයක වලංගු භාවය තහවුරු කරනු ලැබුණු අවස්ථාවේ රාජපක්ෂ පරිපාලනය ඔහුට පහර දුන්නේය. බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාවේ ප‍්‍රදර්ශනය කරන ලද මරණ දඬුවම් පැමිණවීම පිළිබඳ වීඩියෝවට එය ප‍්‍රතිචාර දැක්වූයේ ඊටත් වඩා සතුරු ආකාරයට වන අතර, ප‍්‍රවීණයන්ගේ නිගමන නොතකා වීඩියෝව ව්‍යාජ එකක් ලෙස හඳුන්වමිනි. යුද්ධය කර ගෙන ගිය ආකාරය පිළිබඳ එහි මෑත වාර්තාව ද, ආණ්ඩුවේ හමුදාවන් විසින් අපයෝජනයන් සිදු කරන ලද බව ප‍්‍රතික්ෂේප කිරීමේ ප‍්‍රතිපත්තිය අඛණ්ඩ ව පවත්වා ගෙන යයි. බොහෝ නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩු හා සංවිධාන රජයට එරෙහි දැවැන්ත කුමන්ත‍්‍රණයක යෙදී සිටින බවය.
 
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, තානාපතිවරුන්, විදේශීය දේශපාලනඥයන්, මානව හිමිකම් සේවකයන්, මාධ්‍යවේදීන් හා ශ‍්‍රී ලාංකික ක‍්‍රියාකාරීන් වැනි පුද්ගලයන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ කීර්තිය කෙලෙසීම සඳහා දෙමළ කොටි ඒජන්තයන් හෝ ඉත්තන් ලෙස එකට එක් ව ඇති බව කියනු ලැබේ. ඝාතන ගණනාවක්, ඩයස්පෝරාවෙන් බලෙන් මුදල් ලබා ගැනීම, ළමා සොල්දාදුවන් යොදා ගැනීම හා යුද්ධයේ අවසන් මාසයේ දී සිවිල් වැසියන් මිනිස් පලිහවල් ලෙස සැලකීම ඇතුළු ව දෙමළ කොටින් කළ අපයෝජනයන් පිළිබඳ ව වසර ගණනාවක් පුරා අප විසින් කරන ලද වාර්තාකරණය නොතකා හරිමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානයට ද එවැනි පක්ෂපාතීකම් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබ ඇත. ඒ සියල්ල අපගේ වෙබ් අඩවියෙහි තිබේ. එතරම් නානාප‍්‍රකාර පුද්ගලයන්, ආයතන හා ආණ්ඩු සමූහයකට දැවැන්ත කුමන්ත‍්‍රණයක යෙදිය හැකිය හෝ එවැන්නකට එකඟ විය හැකිය යන අදහස හාස්‍යය ඉක්මවා යන්නක් වේ.
 
එක්සත් ජනපදය හෝ ශ‍්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබුණත්, ආණ්ඩුවේ නිලධාරීන් හෝ බෙදුම්වාදී කණ්ඩායම් විසින් සිදු කරනු ලැබුණත්, බරපතළ මානව හිමිකම් අපයෝජනයන් පිළිබඳ ව පරීක්ෂණ පවත්වා වරදකරුවන් ලවා වග විය යුතු වේ. එක්සත් ජනපද හා ශ‍්‍රී ලංකා ආණ්ඩු එසේ කරන තෙක්, ඒවා කරනු ඇත්තේ තම ජනතාව තමන් කෙරෙහි තබා තිබෙන විශ්වාසය කඩ කිරීමය. බුෂ් පරිපාලනය යටතේ සිදු වූ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අපගේ වාර්තාවෙහි අප විසින් පෙන්වා දෙනු ලැබ ඇති ආකාරයට, වග වීම සම්බන්ධයෙන් කෙරෙන ඉල්ලීම් පහ ව නොයනු ඇත්තේය. ඇත්ත වශයෙන් ම සිදු වනු ඇත්තේ, ඒවා වඩා ශක්තිමත් වීම පමණකි.
 
බ‍්‍රැඞ් ඇඩම්ස් යනු හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂවරයාය.
 
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.