|
News Release
ශ‍්‍රී ලංකාව: මරණ දඬුවම් පැමිණවීම්වලට හමුදා ඒකකය සම්බන්ධයි
නව සාක්ෂි විසින් යුදකාලීන ක‍්‍රෑර ක‍්‍රියාවන් පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව වැඩි කෙරෙයි
(නිව් යෝක්) - නව සාක්ෂි මගින්, 2009 මැයි 18 දින ශ‍්‍රී ලංකාවේ 26 වසරක් දීර්ඝ සන්නද්ධ ගැටුමේ අවසන් පැය කීපයේ දී සිරකරුවන්ට නොවිධිමත් මරණ දඬුවම් පැමිණවූ බවට එල්ල වන චෝදනාවන්ට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 53 වන බල සේනාංකය සම්බන්ධ කෙරේ. ආණ්ඩුවේ හමුදාවන් හා කැරලිකාරී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* යන පාර්ශ්වයන් දෙක ම විසින් සිදු කරන ලද යුදකාලීන අපයෝජනයන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ලෙස හියුමන් රයිට්ස් වොච් එක්සත් ජාතීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය.
2010 නොවැම්බර් 30 දින බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාවේ විකාශනය වූ වීඩියෝ පටයක දීර්ඝ පිටපතක් හා වෙනත් මූලාශ‍්‍රයන්ගෙන් එම සිදුවීම පිළිබඳ ව ම ඡුායාරූප හියුමන් රයිට්ස් වොච් විසින් හිමි කර ගනු ලැබ ඇත. ආණ්ඩුවේ භටයන් විසින් සිරකරුවන්ට නොවිධිමත් මරණ දඬුවම් පැමිණවූ බවක් වීඩියෝ පටය හා ඡුායාරූප මගින් පෙන්නුම් කෙරේ. යටත් පිරිසෙයින් මළ සිරුරු දුසිමක් හෝ දක්නට තිබේ.
”මෙම භයංකර නව සාක්ෂිය රූප මගින් පෙන්නුම් කරනුයේ 2009 මැයි මාසයේ සටනේ අවසන් දිනයන්හි දී ශ‍්‍රී ලංකා යුද හමුදාව සිරකරුවන්ට නොවිධිමත් මරණ දඬුවම් පැමිණවීමෙහි යෙදුණු බවය” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසුවේය. ”සාක්ෂි විශාල ප‍්‍රමාණයක් තිබෙද්දීත් මෙම බරපතළ යුදකාලීන අපයෝජනයන් පරීක්ෂා කිරීමට ආණ්ඩුව අසමර්ථ වීම පෙන්නුම් කරනුයේ, ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයි.”
2009 අගෝස්තු චැනල් ෆෝ විකාශය උපුටා ගනු ලැබුණේ, අල්ලා ගත් එල්ටීටීඊ සාමාජිකයන් යයි විශ්වාස කෙරෙන නිරුවත්, ඇස් බැඳ දැමූ හා මාංචු දැමූ පුද්ගලයන් කීප දෙනෙකුට ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ සොල්දාදුවන් විසින් මරණ දඬුවම් පමුණුවන ලබන බව පෙනෙන වීඩියෝ පටයකිනි.
නොවැම්බර් 30 චැනල් ෆෝ විකාශය පෙන්නුම් කළේ, නිරුවත් තරුණ කාන්තාවන් දෙදෙනෙකුගේ ද ඇතුළු තවත් මළසිරුරු ප‍්‍රදර්ශනය කරන දීර්ඝ, විනාඩි පහක වීඩියෝ පටයකින් උපුටා ගන්නා ලද කොටස්ය.
වීඩියෝවේ හා ඡුායාරූපයන්හි ඇතුළත් වන මළසිරුරුවලින් එකක් ඉසයිප‍්‍රියා නමැති වයස 27ක එල්ටීටීඊ වාර්තාකාරියකගේය. ධායාරූපයන්හි හා වීඩියෝ පටයෙහි ඇතුළත් වන මළසිරුරුවලින් එකක් ඉසයිප‍්‍රියා ලෙස හඳුනා ගත් පවුලේ සාමාජිකයන් ඇතුළු නානාවිධ මූලාශ‍්‍රයන්ගෙන් හියුමන් රයිට්ස් වොච් වෙත ස්වාධීන තහවුරු කිරීමක් ලැබී ඇත.
එක් මූලාශ‍්‍රයක් වන ”කවිතා” (ඇගේ සත්‍ය නම නොවේ* 201ද ජනවාරි මාසයේ දීහියුමන් රයිට්ස් වොච් වෙත ලිඛිත ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ අතර එහි මෙසේ ප‍්‍රකාශ විය, ”ඤ2009 මැයි මාසයේ% 15 දින උදේ දෙමළ ඊළම් ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති කියවන ගැහැණු ළමයෙක් මම දුටුවා. ඇය නිළියක්, කවිකාරියක් හා ප‍්‍රවෘත්ති කියවන්නියක්. එදා 15 වෙනිදා තමයි මම අන්තිම වරට ඇය දුටුවේ. ඊළඟ වරට මම ඇය දුටුවේ ඤමම% ගෙදර වාඩි වෙලා ඉද්දී අන්තර්ජාලයෙන්, හිතා ගන්න බැරි තරමෙ භයානක තත්වයක තිබුණු ඇයගේ මළසිරුරේ ඡුායාරුපයක්.”
මිය ගිය කාන්තාවන්ගෙන් එක් අයෙකු ඉසයිප‍්‍රියා බව, ඡුායාරූප හා දෙවන චැනල් ෆෝ වීඩියෝ පටය විමර්ශනය කිරීමෙන් පසු ව ”කවිතා” හියුමන් රයිට්ස් වොච් වෙත තහවුරු කළේය. ”ගළවා දමා තිබූ ඇඳුම් පවා 15 දින ඇය ඇඳ ගෙන සිටි ඒවා” ඇය හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවාය.
වීඩියෝ පටයෙහි ඇතුළත් මරණ දඬුවම් පමුණුවන ලැබුණු පුද්ගලයන් අතර ඉසයිප‍්‍රියා සිටින්නේ යයි තහවුරු වීම ඇයගේ මරණය පිළිබඳ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ විස්තරයට ප‍්‍රතිවිරුද්ධ විය. ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත 2009 ජූනි 21 දින තැපැල් කළ ලිපියක් මගින්, එල්ටීටීඊ සන්නිවේදන/ප‍්‍රචාරණ අංශයේ දෙවන අණ දෙන නිලධාරී ඉසෙයි ප‍්‍රියා ”...අවසන් සටන ”අතරතුර දී” 53 වන බල සේනාංකය විසින් 2009 මැයි 18 දින ඝාතනය කරන ලද හඳුනා ගත් එල්ටීටීඊ නායකයන්” 31 දෙනාගෙන් කෙනෙකු ලෙස ලැයිස්තු ගත කරනු ලැබේ. බැඳ දමා හා ඇස් බැඳ තිබූ මළසිරුරු තුනක් ආසන්නයේ ඉසයිප‍්‍රියාගේ සිරුර දැකිය හැකිය. ඉසයිප‍්‍රියාගේ දෙඅත් ඇයගේ පිටුපස තිබෙන බව පෙනෙන නමුත් ඇය බැඳ දමා තිබුණේ ද යන්න පැහැදිලි නොවේ.
ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 53 වන බල සේනාංකය, උතුරු වෙරළ තීරයට ආසන්න ව පිහිටි නන්දි කඩල් කලපුවේ දී එල්ටීටීඊයට එරෙහි ව කරන ලද අවසන් සටනේ දී ඍජු ව ම සම්බන්ධ වූ බල සේනාංක තුනෙන් එකකි. මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ආඥාව යටතේ පැවති මෙම බල සේනාංකය ගැටුමේ අවසන් මාසයන්හි දී සිදු වූ බරපතළ ම සටන් කීපයකට සහභාගි විය.
සන්නද්ධ ගැටුමේ අවසන් අදියරයන්හි දී තම හමුදාවන් විසින් කවර හෝ යුද නීති උල්ලංඝනයක් කරන ලද බව ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කරයි. 2009 අගෝස්තු 4 දින චැනල් ෆෝ නාළිකාව විසින් වීඩියෝ පටය විකාශය කරනු ලැබුණු වහා ම ශ‍්‍රී ලංකා ආණ්ඩුව නිවේදනය කළේ, සැලකිල්ලෙන් තෝරා ගන්නා ලද දේශීය විමර්ශකයන් හතර දෙනෙකු වීඩියෝ පටය ”ව්‍යාජ” එකක් යයි නිගමනය කර තිබෙන බවය. ඔවුන්ගෙන් දෙදෙනෙක් ආණ්ඩුවේ නිලධාරීහු වූහ. එහෙත් එවැනි නිගමනයකට උපකාර වන තොරතුරු සැපයීමට ආණ්ඩුව අසමර්ථ වූයේය. අධිකරණ තීන්දුවකින් තොර ව මරණ දඬුවම් පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් නියම කරන ලද ස්වාධීන විශේෂඥ විශ්ලේෂණයක් මගින් වීඩියෝ පටයේ සත්‍යතාවට ප‍්‍රබල සහායක් ලැබුණි.
”චැනල් ෆෝ නිවුස් රූපවාහිනී වීඩියෝ පටයේ සත්‍යතාව සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්ෂේප කරන” බව කරුණු ඉදිරිපත් කිරීමකින් තොර ව ප‍්‍රකාශ කරමින්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව දෙවන වීඩියෝ පටය විකාශය කිරීමට වහා ම ප‍්‍රතිචාර දැක්වීය. 2010 ජූනි මාසයේ දී, ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ යුද නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් වග වීම සඳහා ගත යුතු ඊළඟ පියවරයන් පිළිබඳ ව තමන්ට උපදෙස් දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් ප‍්‍රවීණයන් තුන් දෙනෙකුගේ මණ්ඩලයක් පිහිටුවන ලදී. මණ්ඩලයේ වාර්තාව 2011 ජනවාරි මාසයේ දී අපේක්ෂා කෙරේ.
”යුදකාලීන ක‍්‍රෑරකම් පිළිබඳ ව නව සාක්ෂි මතු වන හැම අවස්ථාවක දී ම, ආණ්ඩුව දණහිස් වෙවුලමින් දක්වන ප‍්‍රතික‍්‍රියාව වනුයේ ඒ සියල්ල තමන්ට එරෙහි නින්දිත කුමන්ත‍්‍රණයක කොටසක් බවය” යි ඇඩම්ස් පැවසුවේය. ”තමන්ට සදහට ම සත්‍යය වසං කළ නොහැකි බව ආණ්ඩුව විසින් පිළිගැනීමට පෙර තව කොපමණ ඡුායාරූප හා වීඩියෝ පට මතු විය යුතු ද?”
GIVING TUESDAY MATCH EXTENDED:
Did you miss Giving Tuesday? Our special 3X match has been EXTENDED through Friday at midnight. Your gift will now go three times further to help HRW investigate violations, expose what's happening on the ground and push for change.
Region / Country
Most Viewed
-
October 14, 2025
ශ‍්‍රී ලංකාව: විනාශකාරී බදු ප්‍රතිපත්ති අසමානතාවයන් උග්‍ර කරයි.
-
-
-
-
January 16, 2025
ශ‍්‍රී ලංකාව : නව රජය ආර්ථික ප්‍රතිසංස්කරණ, යුක්තිය ගැන පොරොන්දු වෙයි