අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය ආර්ථිකය ස්ථාවර කිරිම හා පොදු සේවාවන්වලට පිවිසීමේ පැවති අසමානතාවය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රයන්තයන් කිහිපයක් දරා ඇත. නමුත් මානව හිමිකම් පිළිබඳ බැඳීම් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ළගා කරගෙන නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාව පිළිබඳ එහි වාර්ෂික වාර්තාවේ අත්තනෝමතික ලෙස රඳවා තැබීම්, වධහිංසා හා සිරභාරයේ සිටින විට සිදුවන මරණ වැනි සිදුවීම් වාර්තා කර ඇත. ‘’අතීත උල්ලංඝනයවීම්වලට u`. පෑදූ ව්‍යුහාත්මක තත්ත්වයන් තවමත් දිගටම’’ පවතින බව එය සඳහන් කරයි. විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වින්දිතයන්, ඔවුන්ගේ පවුල් හා මානව හිමිකම් ආරක්ෂකයන් ආරක්ෂක නියෝජිත ආයතනවල අඛණ්ඩ තර්ජන හා හිරිහැරවලට මුහුණපා සිටිති. එම ප්‍රදේශවල ඉඩම් අයිතීන් හා ආගමික අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ සිදුවීම්වල රාජ්‍ය නිලධාරීන්ද සම්බන්ධ වී සිටිති.
1983 – 2009 සන්නද්ධ ගැටුම් කාල වකවානුවේදී සිදුකරන ලද පුළුල් පරාසයේ යුධ අපරාධ සඳහා වගවිය යුතු පුද්ගලයන් පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත. ‘’ජාතික සංහිඳියාව’’ පිළිබඳ සිත් ගන්නා සුළු වචන කෙසේවෙතත්, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගීම සඳහා දිසානායක රජය සැලකිය යුතු දෙයක් සිදුකර නොමැත. ගැටුම් කාල වකවානුවේදී සිදු වූ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් හා සම්බන්ධ යැයි විශ්වාස කරනු ලබන සමූහ මිනී වළවල් දෙකක් තිබෙන ස්ථානවල හෑරීම් සිදුකළ යුතු බව අධිකරණය නියෝග කර ඇත.
පොරොන්දු වූ පරිදි නීති සංශෝධන සිදු කිරීමේ කටයුත්ත රජය නතර කර ඇත. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම, ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම යන දේවල්ද මෙයට ඇතුළත් වේ. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය එකම ලිංගිකයන් අතර සිදුවන ලිංගික චර්යාව සාපරාධි ක්‍රියාවක් ලෙස සඳහන් කරයි.
තවත් වසර දෙකක කාලය සඳහා ගැටුම් හා සම්බන්ධ උල්ලංඝනයන් පිළිබඳ සාක්ෂි රැස් කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන් - ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය සම්මුතියෙන් අලුත් කළේය.
සිවිල් යුද්ධ අපරාධ හා සම්බන්ධ යැයි චෝදනාවලට ලක් වී ඇති හමුදා නායකයන් ඉලක්ක කරගෙන එක්සත් ජනපදය හා කැනඩාව ඇතුළු රටවල් සම්බාධක පමුනුවා තිබුණි. එක්සත් රාජධානියද මෙයට දැන් එකතු වී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්ක් ටර්ක් ජූනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, සංශෝධන අවශ්‍ය බව ඉල්ලා සිටියේය.
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතීන්
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව එහි විදේශ ණය ගෙවීම පැහැර හැරපු අවස්ථාවේ කලින් රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම`. ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණය සහන ගිවිසුමකට එළබීය. රජය එම කොන්දේසි පිළිපැද ඇත. ඉතා ධනවත් පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දුන් බදු ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම් පහත වැටීම එම අර්බුදයට අර්ධ වශයෙන් බලපෑවේය.
මෙය ලියන අවස්ථාවේ ලබා ගත හැකි වූ 2023 සඳහා වූ නවතම ලෝක බැංකු දත්ත අනුව ජනගහණයේ ¼ කට වැඩි ප්‍රමාණයක් බැංකුවේ දරිද්‍රතා රේඛාව වන දිනකට ඇමරිකානු ඩොලර් 3.65 කට අඩු ආදායමක් ලබා ගනී. ලෝක ආහාර වැඩසටහන අනුව ළමයින්ගෙන් 1/3 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙති. බොහෝ පවුල් තමන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා අයිතීන් භුක්ති විදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක් දරති. දිසානායක රජය යටතේ සමාජ සුභ සාධන වියදම් පහත් මට්ටම්වල පැවති අතර, එය බොහෝ අයිතීන්වලට හානි සිදුකරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රාමුව යටතේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තීන් මුල්‍ය තත්ත්වය යළි ප්‍රකෘති තත්ත්වයට පමුණුවීමේ බර විසමානුපාතික ලෙස එයට ඔරොත්තු දීමට කිසිසේත්ම නොහැකි පුද්ගලයන් වෙත පටවා ඇත.
දූෂණයට එරෙහි සටනේ යම් ප්‍රගතියක් ළගා කරගෙන ඇත. දිසානායකට පෙර ජනාධිපති තනතුර හෙබ වූ රනිල් වික්‍රමසිංහ අරමුදල් අවභාවිතා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද අතර, පසුව ඇප පිට මුදාහරින ලදී - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම මගින් මෙහෙයවනු ලැබූ දූෂණ විමර්ශනවලදී අත්අඩංගුවට ගන්නා ලද දේශපාලන නායකයන් හා ජේෂ්ඨ නිලධාරීන්ගෙන් ඔහුද එක් කෙනෙක් වේ.
වගවීම හා යුක්තිය
ශ්‍රී ලංකා රජය හා බෙදුම්වාදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) අතර වසර 26 ක් පැවති සිවිල් යුද්ධය හේතුවෙන් 100,000 කට වැඩි පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වූහ. යුද්ධයේ අවසාන මාසවල ජීවිතක්ෂයට පත් වූ බව ඇස්තමේන්තු කර ඇති පුද්ගලයන් 40,000 ද මෙයට ඇතුළත් වේ. රජයේ හමුදාවන් විසින් සිදුකර ඇති අපයෝජනයන්වලට වධහිංසාව, අධිකරණ ක්‍රියාවලියෙන් බාහිර ඝාතනයන්, ස්ත්‍රී දූෂණ හා අනෙකුත් ලිංගික හිංසන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් හා අනෙකුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන වග විභාගයකින් තොරව සිදුකරන ලද ප්‍රහාරයන්ද ඇතුළත් වේ. එල්ටීටීඊ සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම්, සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් වග විභාගයකින් තොරව ඝාතනය කිරීම, චූදිතයන් සාධාරණ නඩු විභාගයකින් තොරව ඝාතනය කිරීම හා ළමා සොල්දාදුවන් පාවිච්චි කිරීම වැනි දරුණු සාහසික ක්‍රියා සිදුකර ඇත.
1980 ගණන්වලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද කැරැල්ලට එරෙහිව හමුදාව සටන් කළ අවස්ථාවේදී දිවයිනේ දකුණු ප්‍රදේශයේ දහස් ගණන් පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී. කලින් සටන්කාමී වාමාංශික පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ දැනට දිසානායක රජයේ විශාලතම හවුල්කාර පක්ෂය වේ.
විශ්වසනීය දේශීය යුක්ති ප්‍රයත්නයන් නොමැති වීම හා සමහර වින්දිත ප්‍රජාවන්ට එරෙහිව අඛණ්ඩව සිදුවන උල්ලංඝනය කිරීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය - ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (OSLAP) හරහා වගවීම වර්ධනය කිරීම පිණිස සිදුකරන ජාත්‍යන්තර ප්‍රයත්නයන් තවත් වසර දෙකකට ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තීරණය කර ඇත. බොහෝ ක්‍රියාධරයන් මෙම තීරණය සතුටින් පිළිගෙන ඇත. ආරක්ෂක නියෝජිත ආයතනවල පළිගැනීමේ ක්‍රියා පිළිබඳ අවදානම තිබියදීත්, වින්දිතයන් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී කටයුතු කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධාන - ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට පුළුල් වශයෙන් තොරතුරු ලබා දුන් ත්‍රිකුණාමලයේ කාන්තාවක් ත්‍රස්ථ විරෝධී පොලීසිය ජූනි මාසයේ ඇයගේ නිවසේදී ඇයගෙන් පැය 3 ක් ප්‍රශ්න කළ බව සඳහන් කළාය. “ අධීක්ෂණය දැන් ඉතා තදබල ලෙස පවතිනවා” යැයි ඇය පැවසීය. “ සමහර අවස්ථාවල අප පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන් {පොලීසිය} අපගේ ළමුන්ගෙන් පවා විමසනවා. එය එක්තරා ආකාරයක තර්ජනයක් ”.
නව දේශීය යාන්ත්‍රණයක් හරහා මෙම අපරාධ ආමන්ත්‍රණය කරන බව රජය පොරොන්දු වී ඇත. නමුත් එය පිළිබඳව කිසිම විස්තරයක් ප්‍රසිද්ධියේ නිවේදනය කර නොමැත. ඒ අතරතුර, වින්දිතයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් දේශීය ක්‍රියාවලීන් පිළිබඳව විශ්වාසය පලකර නොමැත. 1990 ගණන්වල සිට සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් හා යුධ අපරාධ පරීක්ෂා කිරීම සඳහා කලින් රජයන් අවම වශයෙන් වෙන් වෙන්ව කොමිෂන් සභා 10 ක් පත් කර තිබුණි. නමුත් කිසිම කොම්ෂන් සභාවක් පුද්ගලයන් වගවීමට ලක් කිරීමට ම`. පාදා නොමැත. තවද, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ට සිදු වූ දේ කුමක් දැයි හෙළිකර නොමැත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල රාජ්‍ය මැදිහත්වීම වසන් කිරීම සඳහා ප්‍රයත්නයක් තිබෙන බව අකටයුතු නාද කරන්නන් (Whistleblowers) හා කතෝලික පල්ලිය විසින් සිදුකරන ලද ප්‍රකාශවලට ජනාධිපති දිසානායක සහාය පලකර තිබියදීත්, පුද්ගලයන් 250 කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ මෙම ප්‍රහාරය පිළිබඳ විශ්වසනීය ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇත.
නොකඩවා පවතින දණ්ඩමුක්තිය අපයෝජනයන් දිගටම සිදුවීමට ම`. පාදා ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ වාර්තාව “ වධහිංසා හා අනෙකුත් ආකාරයේ පීඩාවන් සාමාන්‍ය චර්යාවක් ලෙස භාවිතා කිරීම” පිළිබඳ විස්තර කර ඇති අතර, පොලිස් අත්අඩංගුවේදී සිදු වූ මරණ විශාල ප්‍රමාණයන් පිළිබඳවද සඳහන් කරයි. තවද, “ මෙම සිදුවීම් පිළිබඳ ඵලදායි විමර්ශන සිදුකර නොමැති” බවද එය සඳහන් කරයිි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අවම වශයෙන් වධහිංසා පිළිබඳ පැමිණිලි 736 ක් සමාලෝචනය කර ඇත.
මත්ද්‍රව්‍ය හා අවි ආයුධ අත්අඩංගුවට ගැනීමද ඇතුළුව සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහාත්, ප්‍රසිද්ධ සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනිම සඳහාත් රජය දිගටම කටයුතු කර ඇත. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල හමුදාව යෙදවීම පිළිබඳව හා මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී නිසි ක්‍රියාවලිය පිළිපදිනවාද යන කරුණ පිළිබඳව කණස්සල්ල පළ වී ඇත. ජනවාරි මස සිට අගෝස්තු දක්වා එවැනි අත්අඩංගුවට ගැනිම් 120,000 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත.
සමූහ මිනීවළවල්
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව පුරාවටම අවම වශයෙන් සමූහ මිනී වළවල් 20 ක් සොයා ගෙන ඇත. බොහෝ අවස්ථාවල ඉදිකිරීම් කටයුතු සිදුකරන විට අහම්බෙන් මෙම ස්ථාන සොයා ගෙන ඇත. යාපනයට ආසන්නව පිහිටි සෙම්මනි ප්‍රදේශයේ තිබෙන සමූහ මිනී වළ පිළිබඳ සිදුකරන ලද නව විමර්ශනයකදී ළමුන් ඇතුළුව පුද්ගලයන් 200 කගේ භස්මාවශේෂ සොයා ගෙන ඇත; එ්වා 1990 ගණන්වල ශ්‍රී ලංකාවේ හමුදාව විසින් අධිකරණ ක්‍රියාවලියට බාහිරව සිදුකරන ලද ඝාතනයන්වලට ලක් වූ පුද්ගලයන්ගේ භාස්මාවශේෂ බව විශ්වාස කරනු ලැබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ තිබෙන තවත් සමූහ මිනී වළක් හෑරීම සඳහා අගෝස්තු මාසයේ අධිකරණ නියෝගයක් නිතුත් කරන ලදී.
සමූහ මීනි වළවල් තිබෙන ස්ථාන දැඩි ලෙස විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් සතුව තාක්ෂණික ධාරිතාව නොමැත. දේශපාලන කැමැත්තක් නොමැති තත්ත්වය, අතීතයේදී මෙම විමර්ශන යටපත් කළේය. මෙහි තේරුම වන්නේ කිසිම වින්දිතයෙකුගේ භස්මාවශේෂ කිසිම අවස්ථාවක හඳුනාගෙන නොමැති හෝ අනෙකුත් සාක්ෂි නිසි ලෙස සංරක්ෂණය කර නොමැති බවයි.
භාෂණයේ නිදහස හා එක්රැස් වීමේ නිදහස
1983 – 2009 සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයන් වන ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුක්තිය සඳහා හඞ නගන වින්දිතයන්ගේ පවුල් හා ඒවාගේම මානව හිමිකම් ආරක්ෂා කරන පුද්ගලයන් හා සිවිල් සමාජයේ අනෙකුත් සාමාජිකයින් යන පාර්ශ්වයන් ඉලක්ක කරගෙන පොලීසිය හා බුද්ධි ආයතන අඛණ්ඩ අධීක්ෂණය හා බියගැන්වීම් සිදුකරයි. සිවිල් සමාජ සංවිධාන නියාමනය කිරීම සඳහා වගකීම් දරන රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කොටසක් ලෙස පවතින අතර, මානව හිමිකම් ආරක්ෂකයන් තර්ජනයක් ලෙස සැලකිය හැකි අවදානම එය වැඩි කරයි.
අගෝස්තු මාසයේ ත්‍රස්ථ විරෝධී පොලීසිය ප්‍රමූඛ දෙමළ මාධ්‍යවේදියෙක් හා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ක්‍රියාධරයෙක් වන කනපතිපිල්ලේ කුමනන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි.
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික මානව හිමිකම් වාර්තාව “විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අධීක්ෂණ යාන්ත්‍රණය එ් ආකාරයෙන්ම නොවෙනස්ව පැවතී තිබෙන අතර, මධ්‍යම රජයේ අධීක්ෂණය හෝ මෙහෙයවීම අවම මට්ටමක පැවතී තිබෙන” බව සඳහන් කරයි. මෙය “බියගැන්වීම් හා අඩන්තෙට්ටම් කිරීමේ” අඛණ්ඩ රටාවන්වලට ම`. පාදා ඇත.
ත්‍රස්ථ විරෝධී අණපනත්
ජනාධිපති දිසානායකගේ මැතිවරණ ප්‍රකාශනයේ “ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු සියලු මර්ධනකාරි පනත් අහෝසි කර, රටේ සියලුම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කරන” බවට පොරොන්දුවක් ඇතුළත් කර තිබුණි. GSP+ වෙළඳ සහන ලබා ගැනීම සඳහා වූ කොන්දේසියක් ලෙස පෙර රජයන්ද මානව හිමිකම් කවුන්සලයට හා යුරෝපා සංගමයට මෙවැනි පොරොන්දු නැවත නැවතත් ලබා දී ඇත. කෙසේවෙතත්, පොලීසිය ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කළ සිදුවීම් 2024 වසරේ 38 සිට 2025 පළවෙනි මාස පහ තුළ 49 දක්වා වැඩිකර ඇත.
සුළු ජාතික දෙමළ හා මුස්ලිම් ජනතාව පදනම් විරහිත ත්‍රස්ථවාදී චෝදනාවලට ලක් වී සිටිති. උතුරු නැගෙනහිර පළාත්වල කටයුතු කරන මානව හිමිකම් ආරක්ෂකයන්, තමන් සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් ත්‍රස්ථවාදය පිළිබඳ වරදට අසුවිය හැකි බව පොලිසියේ හා බුද්ධි අංශවල සාමාජිකයින් අවවාද කර ඇති බව සඳහන් කරති.
ත්‍රස්ථවාදය සඳහා වූ මුල්‍යකරණයට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති නීති රීති සමහර අවස්ථාවල වැරදි ලෙස භාවිතා කිරීමෙන් සමහර අවස්ථාවලට තමන්ට බැංකු මුදල් මාරු කිරීම සිදුකළ නොහැකි බව රාජ්‍ය නොවන සංවිධානවල පාලකයන් සඳහන් කරති.
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදී ක්‍රියාවලට මුල්‍යකරණය කිරීමට එරෙහිව කටයුතු කරන අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මුදල් කටයුතු පිළිබඳ කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කරනු ලැබේ. මෙම ආයතනයේ රෙගුලාසි සංග්‍රහය මේ සඳහා “ නිසි අවදානය යොමු කරන, සමානුපාතික හා අවදානම් පදනම් කර ගත් පියවරයන්” අවශ්‍ය බව සඳහන් කරයි. රජය මෙම රීති සංග්‍රහය උල්ලංඝනය කර තිබීම පිළිබඳ ක්‍රියාධරයන් කණස්සල්ල පළකර ඇත. ලාභ නොලබන සංවිධාන මගින් සිදුකරනු ලබන නිත්‍යානුකූල වැඩ කටයුතුවලට “අනවශ්‍ය ලෙස බාධා කිරීම හෝ අධෛර්මත් කිරීමට” එරෙහිව එම සංග්‍රහය අවවාද කර ඇත. “ත්‍රස්ථ විරෝධී නීති රීති පුළුල් ලෙස භාවිතා කිරීම” නිල මට්ටමේ දූෂණ නිරීක්ෂණය කිරීමේ සිවිල් සමාජ හැකියාව පාලනය කරන” බව 2023 සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සොයා ගෙන ඇත.
ආගම හා විශ්වාසය පිළිබඳ නිදහස
එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිර පළාත සඳහා වූ පුරාවිද්‍යා උරුම කළමණාකරන ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කළ අවස්ථාවේ 2020 වසරේදී හින්දු කෝවිල්, බෞද්ධ ස්ථාන ලෙස නැවත නම් කරන ලෙස කඩිනම් ප්‍රචාරයක් දියත් කරන ලදී. මෙම විශේෂ කාර්ය සාධන බලකාය දැනට ක්‍රියාත්මක නොවුනත්, සමහර රජයේ නියෝජිත ආයතන අඛණ්ඩව එවැනි නම් කිරීම් සිදුකරමින් සිටී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදාව හා පොලීසිය ඇතුළුව නියෝජිත ආයතන විසින් හින්දු කෝවිල් හා ඒ අවට තිබෙන ඉඩම්, ඒවාගේම මුස්ලිම් සුසාන භූමි පිහිටා තිබෙන දේපලවල් අයිති කර ගැනීමේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන ලදී. මෙවැනි ක්‍රියාකාරකම් ආගම ඇදහීමේ නිදහස උල්ලංඝනය කරන අතර, දේපල සඳහා වූ අයිතීන් ද උල්ලංඝනය කරයි. තවද, එය පශ්චාත් යුධ සමයේ “සංහිඳියාව” පිළිබඳ රජයේ වචන හරඹ පීඩාවට පත් වී සිටින ප්‍රජාවේ සාමාජිකයින්ට හිස් වචනයක් බවට පත් කරයි.