Skip to main content

දෙමළ රැඳවුම්කරුවන් ලිංගිකව දූෂණය කිරීම: ශ්‍රී ලංකාව

යුද ගැටුම් කාලයේ සිටම, දේශපාලන දිරිගැන්වීම් මත අත්අඩංගුවේ සිටියදී ලිංගික අඩන්තේට්ටම් කිරීම දිගටම

(ලන්ඩන්) -ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ඊලාම් කොටි සංවිධානයේ (LTTE), සාමාජිකයන් හෝ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිස් වද හිංසා කිරීමට ඔවුන්ව ලිංගිකව දූෂණය කරන බවත් වෙනත් ආකාරයේ ලිංගික ප්රචණ්ඩත්වයන් භාවිතා කරන බවත් අද නිකුත් කළ වාර්තාවකින් Human Rights Watchසංවිධානය කියා සිටියේය. 2009මැයි මාසයේදී අවසන් වූ සන්නද්ධ ගැටුම් කාලය තුල අත්අඩංගුවේ සිටියවුන් දූෂණය කිරීම බහුලව සිදු වූ අතර දේශපාලන දිරිගැන්වීම් මත පොලිසිය සහ හමුදාව ප්රචණ්ඩත්වය අද දක්වාම සිදු කරන බව Human Rights Watch ට දැනගන්නට ලැබුණි.

“‘උඹලාට හොඳ පාඩමක් උගන්නන්නම්’ : ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා විසින්දමිළයන් ලිංගික ප්රචණ්ඩත්වයට යටත් කිරීම” යන පිටු 144 වාර්තාවේ 2006-2012 කාලය තුළ, ශ්‍රී ලංකාව පුරා නිල සහ රහස් රැඳවුම් මධ්යස්ථානවල සිදු වී යැයි කියනු ලබන දූෂණ සහ ලිංගික අපහරණ සිද්ධි 75ක් පිළිබඳ, විස්තරාත්මක තොරතුරු සපයයි. Human Rights Watch, විසින් ලේඛනගත කර ඇති සිද්ධිවල, පිරිමින් සහ කාන්තාවන් දින බොහෝ ගණනක් කිහිප දෙනකු අතින් ලිංගිකව දූෂණය වූ බව වාර්තා විය. මේවා සිදුවී ඇත්තේ හමුදාවේ, පොලීසියේ, රජයට පක්ෂ සහ පැරාමිලිටරි කණ්ඩායම්වල නිරන්තර සහභාගීත්වයෙන්, බොහෝ විට කිහිප දෙනකු අතින්ය.

“ප්රකාශ නොකළ දමිළකාන්තාවන් සහ පුරුෂයන් ගණනක්ද ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අත්අඩංගුවේ සිටියදී දූෂණය වී තිබෙනවා,” Human Rights Watch හි ආසියානු අධ්යක්ෂ වන Brad Adamsපැවසීය. “මේවා යුද කාලයේ පමණක් සිදුවූ දාමරිකකම් නොවේ, LTTE හා සම්බන්ධ යැයි සැකකිරීම් මත අත්අඩංගුවට ගන්නා සෑම දමිළකාන්තාවක් සහ පුරුෂයකුම අද දක්වා බරපතල අවදානමකට ලක්ව සිටිනවා,”

Human Rights Watch හා කතා කළ බොහෝ දූෂණයට ලක් වූවන් ශ්‍රීලංකාවෙන් පිටතදී කතා කළ අතර ඔවුන් වෛද්යසහ නෛතික වාර්තා මගින් සිය ප්රකාශ තහවුරු කළහ. ලිංගික ප්රචණ්ඩත්වයට අමතරව සියලු දෙනා වද හිංසාවලටත්, නොමනා සැලකිලිවලටත් ලක්ව ඇත. ශ්‍රීලංකාව තුළ විවෘත පර්යේෂනයක් කිරීමට හෝ තවමත් අත් අඩංගුවේ සිටින අය හා සාකච්ඡා කිරීමට Human Rights Watch ට නොහැකි වූ හෙයින් මෙම සිදුවීම් මගින් නියෝජනය වන්නේ අත් අඩංගුවේ සිටියදී දේශපාලනය මත දූෂණයට ලක්වූවන්ගෙන් ඉතා කුඩා කොටසක් වීමට ඉඩ ඇත.

බොහෝ සිදුවීම් සිදුව ඇත්තේ නොහඳුනනා පිරිසක් විසින් යමකු නිවසින් පැහැරගෙන යන ආකාරයෙනි. පසුව ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන ගොස් LTTE ක්‍රියාකාරකම්වල නිරත වූ බවට අපහරණාත්මක ලෙස ප්‍රශ්න කරන ලද බව Human Rights Watch පවසයි. මෑතදී පිටරට සිට පැමිණි අවුරුදු 23ක අයකු ප්රකාශ කර සිටියේ ඔහුව පැහැරගෙන ගොස් චෝදනා කිරීමකින් තොරව සිරගත කර තබා තමා පාපෝච්ඡාරණයක් අත්සන් කරන තෙක් පිට පිට දින තුනක් ඔහුව දූෂණය කළ බවය. අවුරුදු 32ක කාන්තාවක් පැවසූයේ ඇයව සාමාන්ය ඇඳුමින් සිටි පිරිමින් දෙදෙනකු විසින් රඳවාගෙන සිටි බවත් ඇගේ ඇඳුම් ඉරා නිරුවත් කර ඇයව ඡායාරූපගත කළ බවත්ය. “සෑම දෙයක්ම පිළිබඳ පාපෝච්ඡාරණය කරන ලෙස ඔවුන් මට බල කළා” ඇය Human Rights Watchට පැවසුවාය. “ඔවුන් මා මරනු ඇතැයි සිතූ නිසා මම පාපෝච්ඡාරණය කිරීම ප්රතික්ෂේප කළා. මට පහර දෙමින් දිගටම වද දුන්නා. දෙවන දවසේ මගේ කාමරයට පැමිණි පිරිමියකු මාව දූෂණය කළා. අඩුම වශයෙන් දින තුනක්වත් පිරිමි ගණනාවක් අතින් මා දූෂණය උනා. කීවරක්දැයි මට මතක නැහැ.”

පිරිමින් සහ කාන්තාවන් දූෂණය කිරීමත් ලිංගික ප්ර්චණ්ඩත්වයට ලක් කිරීමත් යුධ කාලය තුළදී සහ ඉන් අනතුරුව සන්නද්ධ හමුදා විසින් ලිංගික අපයෝජනය LTTE සැකකරුවන් සහ ආධාරකරුවන්ට වද දීමට සහ අනිසි අන්දමින් සැලකීමට පුළුල්ව භාවිතා කර ඇති ප්රධාන සාධකයක් බව පෙනී යන බව Human Rights Watch පැවසීය. මෙසේ වදදීම් කරනු ලබන්නේ LTTE ක්රියාකාරකම් පිළිබද “පාපෝච්චාරණ”ලබා ගැනීමටත්, ස්වාමියා/භාර්යාව  සහ ඥාතීන් ඇතුළු අනෙක් අය ගැන තොරතුරු ලබා ගැනීමටත්ය. එමගින් LTTE ක්රියාකාරීත්වයන්හි යෙදීම බහුතර දමිළජනතාව අධෛර්යමත් කිරීමට ඔවුන් තුළ භීතිය ඇති කිරීම මෙයින් අපේක්ෂා කරන බවද පෙනේ.

තමන්ට පහර දුන් බවත්, අත්වලින් එල්ලා තැබූ බවත්, අර්ධ වශයෙන් හුස්ම හිර කළ බවත්, සිගරට්වලින් පිළිස්සූ බවත් වින්දිතයන් පැවසූහ. Human Rights Watch හා කතා කළ කිසිවකුට ඔවුන් රදවාගෙන තිබූ කාලය තුළ නීතිඥ උපදෙස්, පවුලේ සාමාජිකයන් වෙත හෝ වෛද්යවරුන් හමුවීමට අවස්ථාව ලැබී නැත. දූෂණය කිරීම ඇතුළු වද දීම් දිගින් දිගටම සිදු වුවද බොහෝ අය පැවසුවේ අපයෝජනය නවත්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාපෝච්චාරණයකට  අත්සන් කළ බවය. සාකච්ඡා කළ පුද්ගලයන් විධිමත් ලෙස නිදහස් නොකළද ඥාතීන් විසින් බලධාරීන්ට අල්ලසක් ගෙවීමෙන් පසුව ඔවුන්ට “පැනයාමට” ඉඩ දෙන ලද බව පැවසූහ.

“නිලධාරීන්දෙදෙනෙක්මගේඅත්පිටුපසටකරඅල්ලාගෙනසිටිනඅතරේ(දී) තුන්වැන්නකුමගේලිංගේන්ද්රිනයඅල්ලාගෙනඇතුලටලෝහකුරක්ඇතුල්කළා”2009 මැයිමාසයේදීරජයේහමුදාවලටයටත්වූපුද්ගලයකුපැවසීය. “ඔවුන්මගේපුරුෂේන්ද්රියතුළටකුඩාලෝහමයබෝලඇතුල්කළා. මමරටෙන්පැනගියපසුඒවාශල්යකර්මයක්කරඉවත්කිරීමටසිදුවුනා.” ඔහුගේප්රකාශයවෛද්යවාර්තාවක්මගින්තහවුරුවෙයි.

දූෂණයකළබවපැවසූකාන්තාවන්සහපිරිමින් Human Rights Watch වෙතපැවසූයේඔවුන්වඅපයෝජනයකිරීමපිළිබදපොදුවේනිහඩවසිටිබවයි. ඔවුන්එසේකළේඅපරාධයපිළිබදවාර්තාකළහොත්අපරාධකරුවන්විසින්ඔවුන්පළිගැනීමටලක්කිරීමටත්සමාජමයවශයෙන්අපකීර්තියට ලක්වීමටත් ඉඩ තිබීමේ බියෙනි. ලිංගිකඅපයෝජනයපිළිබදවාර්තාකිරීමටඇතිඅකැමැත්තටදූෂණසිද්ධිඵලදායීලෙසවාර්තාකිරීමසහවිභාගකිරීමනැවැත්වීමට ශ්‍රී ලංකාරජයමගින්පනවාතිබූආයතනිකබාධාවන්දහේතුවිය.

“රජය දූෂණයට ලක් වූවන්ට වෛද්ය සහ මානසික වශයෙන් ප්රතිකාර කිරීම බාධා කර තිබුණා, ” ඇඩම්ස් පැවසීය. “යුධ හමුදාව සාර්ථක ලෙස උතුරේ දමිළයන්විශාල වශයෙන් පදිංචිව සිටි ප්රදේශවල ලිංගික ප්රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත්තවුන්ට දේශීය සහ ජාත්යන්තර රාජ්ය නොවන සංවිධාන විසින් ලබාදුන් සේවා සැපයීම ද සාර්ථක ලෙස තහනම් කර තිබුණා.”

යුද්ධයේ අවසන් වර්ෂවල හෝ යුද්ධය අවසන් වීමෙන් පසුව අත් අඩංගුවේ සිටියදී දූෂණය කිරීම පිළිබද කිසිම ආරක්ෂක හමුදා සාමාජිකයකු වැරදිකරුවකු වීම තබා, ඔවුන්ට නඩු පැවරීමක් හෝ කර නැති බව Human Rights Watch පැවසීය.

සාකච්ඡාවට ලක් කරන ලද අය Human Rights Watch වෙත පැවසුවේ හමුදාවේ සහ පොලිසියේ පිරිස් රජයේ ආරක්ෂක හමුදාවල සාමාජිකයන් බව සැඟවීමට උත්සාහ ගත්තේ ඉතා කළාතුරකින් බවයි. ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව (TID) වැනි විශේෂ ඒකකද ඇතුළුව හමුදා, හමුදා බුද්ධි අංශ සහ පොලිසියද ඇතුළත් විය. රාජ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් එකට අපහරාණාත්මක ලෙස ප්‍රශ්න කිරීම් සිදු කළ බව වින්දිතයන් බහුලව වාර්තා කළහ. අපයෝජනය සිදුවූ නිශ්චිත කඳවුරු සහ රැදවුම් මධ්‍යස්ථානද ඔවුහු හඳුනා ගත්හ.

ලිංගික ප්රචණ්ඩත්වය හුදෙක් පහල මට්ටමේ සිදුවීමක් හෝ තක්කඩි ආරක්ෂක හමුදා පුද්ගලයන් භාවිතා කළ  ක්රියාකාරකමක් නොව ඉහල මට්ටමේ නිලධාරීන් පවා දැන සිටි හෝ දැන සිටිය යුතුව සිටි ප්රකට පුරුද්දක් බව සිද්ධීන් වලින් පෙනී යන බව Human Rights Watch පැවසීය. Human Rights Watch වෙත වාර්තා වූ සිද්ධි ශ්‍රීලංකාවේ උතුරු ප්රදේශයේ යුද ගැටුම් පැවති ප්රදේශවල පමණක් සිදුවූ ඒවා නොව කිසිම සටනක් නොතිබූ අගනුවර වන කොළඹ සහ දකුණ, නැගෙනහිර වැනි වෙනත් ප්රදේශවල හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලද සිදුවූ ඒවාය. මේවාට කොළඹ CID මූලස්ථානයේ කුප්රකට හතරවන තට්ටුවද TID මූලස්ථානයේ හයවන තට්ටුවද ඇතුළත් වේ.

යුද ගැටුමේ කොටසක් ලෙස සිදු කරන ලද දූෂණ සහ අනෙකුත් ලිංගික ප්රචණ්ඩත්වයන් යුධ අපරාධ වේ. එම කඩ කිරීම් වැළැක්වීමට මෙන්ම අපහරණය පිළිබද කරනු ලබන චෝදනා විභාග කර වගකිව යුත්තන්ට නඩු පැවරීමද ශ්‍රී ලංකා රජයේ වගකීම වේ. එවැනි අපයෝජන දැන සිටි හෝ දැන සිටිය යුතුව සිටි එහෙත් ඒ සදහා පියවර ගැනීම පැහැර හැරි නිලධාරීන් විධාන වගකීමක් වශයෙන් අපරාධයකට වගකිව යුතු වේ.

පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකා රජය 2012 යෝජනා සම්මතය මගින් යුධ කාලීන අපහරණයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට සහ වගවීමට ඇති කැපවීම ප්රමාණවත් පරිදි පසු විපරම් කර තිබේද යන්න පරීක්ෂා කරනු ඇත. මෙමමණ්ඩලය ස්වාධීන සහ ජාත්යන්තරමය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මානව හිමිකම් පිළිබඳඑක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාට උපදෙස් දිය යුතු බව Human Rights Watch පැවසීය.

“ආරක්ෂක හමුදාවලින් සිදු කරන ලිංගික හිංසනය පිළිබඳ චෝදනාවලට රජයේ පිළිතුරු ප්‍රතික්ෂේප කරන ආකාරයේ ඒවාය, රජය ප්‍රකාශ කරනුයේ ඒවා ‘ව්‍යාජ’හෝ ‘LTTE-ප්‍රචාරණ’”ලෙසයි Adams පැවසීය. “මෙම භයානක අපරාධ ගැන රජයේ සිටින කවුරුන් දැන සිටියේද යන්න පැහැදිලි නැහැ. නමුත් මෙම අඛණ්ඩ අපහරණවලට එරෙහිව පියවර ගැනීමට රජය සතු නොහැකියාව ජාත්යන්තරමයපරීක්ෂණයක ඇති අවශ්‍යතාව පිළිබඳ වැඩිදුර සාක්ෂියක්.”

"අපි උඹලාට හොඳ පාඩමක් උගන්නන්නම්" වාර්තාවෙන්ලබාගත්විස්තර

සියලු මුල් අකුරු මනඃකල්පිත ඒවා වන අතර පුද්ගලයාගේ සැබෑ නමට කිසිදු සම්බන්ධයක් නොමැත.

JH ගේ සිද්ධිය

JH, එක්සත්රාජධානියේඉගෙනගන්නාඅවුරුදු23ක්වයසදමිළපුද්ගලයෙක්, සියපවුලහාසම්බන්ධහේතුමත2012අගෝස්තුමාසයේදීකොළඹටආපසුපැමිණියේය. මාසයකටපසුව, සේවයනිමවානිවසටයනඅතරතුර, සුදුපැහැතිවෑන්රථයක්නැවැත්වූඅතරමිනිසුන්කිහිපදෙනෙකුඉන්පිටතටපැනගත්හ. ඔහුපරීක්ෂණයක්සඳහාඅවශ්‍යබවටහේතුදක්වමින්, ඔවුහුඔවුන්ගේදෑස්බැඳඔහුනොදන්නාස්ථානයකටපැයකපමණකාලයක්තුළරැගෙනගියහ. ඔහු Human Rights Watch වෙතපැවසුවේ:

ඔවුන් මගේ ඇස් බැඳි රෙදි කඩ ඉවත් කළ අතර එවිට මා කාමරයක සිටින බව මට පෙනී ගියා. එහි තවත් මිනිසුන් හතර දෙනෙකු සිටියා. මා පුටුවකට තබා බැඳ සිටි අතර LTTEසංවිධානයට මගේ ඇති සම්බන්ධතාව සහ මා විදේශගත වීමට හේතු ගැන ප්‍රශ්න කළහ. ඔව්හු මගේ ඇඳුම් ඉරා දැමූ අතර මට පහර දීමට පටන් ගත්තා මට විදුලි රැහැන්වලින් පහර දෙමින් සිගරට් කොටවලින් මා පුළුස්සා පෙට්රල්වලින් ආලේප කළ පොලිතීන් මළුවලින් මගේ හුස්ම හිර කළා. පසුව එදින රාත්‍රියේ මා කුඩා කාමරයක රඳවා තැබුවා. මා දින තුනක් තිස්සේ අඛණ්ඩව ලිංගිකව දූෂණය කළා. පළමු රාත්‍රියේදී, එක් පුද්ගලයෙකු පැමිණ මගේ ගුද මාර්ගයෙන් මා දූෂණය කළා. දෙවන සහ තුන්, වන රාත්‍රින්හි මිනිසුන් දෙදෙනෙකු මගේ කාමරයට පැමිණියා. ඔවුන් ගුද මාර්ගයෙන් මා දූෂණය කළ අතර ඔවුන් සමඟ මුඛ සංසර්ගයේ යෙදීමට මට බල කළා. මා දූෂණය කළ පසුව මට LTTEසංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට පිළි ගනිමින් පාපෝච්ඡාරණයක් අත්සන් කළා.

TJ ගේ සිද්ධිය

TJ, අවුරුදු19, එක්සත්ජනපදයේඅධ්‍යාපනයනිමකර ශ්‍රීලංකාවටපැමිණියේය. 2012 අගෝස්තුමාසයේඑක්දිනක, වවුනියාවේසිටිනමිතුරෙකුහමුවී TJ සියනිවසටපැමිණෙමින්සිටියේය. සුදුවෑන්එකක්ඔහුඅසළනැවැත්වූඅතරසිවිල්ඇඳුමින්සැරසුණුපුද්ගලයින්පස්හෝහයදෙනෙක්ඉන්ඉවතටපැන්නාහ. ඔව්හුවෑන්රථයටනඟිනලෙස TJ ටබලකළඅතර, ඔවුන්ඔහුගේඇස්බැඳ, ඔහුනොදන්නාස්ථානයක්වෙතරැගෙනගියහ. ඔහු Human Rights Watch වෙතපැවසුවේ:

ඔවුන්මගේඇස්බැඳතිබූරෙදිකැබැල්ලඉවත්කළඅතරමාකාමරයකසිටිනබවඑවිටමටපෙනීගියා. එතැනපුද්ගලයින්පස්දෙනෙකුසිටිඅතරඔවුන්ගෙන්එක්අයෙකුහමුදාඇඳුම්ඇඳසිටියා. ඔවුන් එක්සත් රාජධානියේ LTTE සංවිධානය සමඟ මා කළ වැඩ ගැන ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. එක්සත්රාජධානියේදීවිදේශ LTTE සංවිධානයසමඟමාපැවැත්වූසම්බන්ධකම්පිළිබඳවඔව්හුමාගෙන්ප්‍රශ්නකළා. මාපිළිතුරුනොදුන්අතරඔවුන්මටහිංසාකිරීමටපටන්ගත්තා. පළමුවඔවුන්මටකම්මුලටගැසූඅතරඉන්පසුවඅතින්පහරදුන්නා. ඉන්අනතුරුවඔවුන්මටදැඩිලෙසහිංසාකිරීමටපටන්ගත්තා. මටබැටන්පොලුවලින්පහරදුන්අතර, සිගරට්කොටවලින්මාපිළිස්සුවා. ජලයපිරවූබැරලයකමගේහිසඑබුවා. ප්‍රශ්නකරනඅතරමගේඇඳුම්ඉරාදැම්මා. 

ඊළඟ දිනයේත් පහර දීම් සහ හිංසා කිරීම් සිදු කළා. මට බීමට ජලය ටිකක් පමණක් උදෑසන දුන්නා. ඊළඟ රාත්‍රියේ මගේ ඇඳුම් ආපසු දුන් අතර මා කුඩාඅඳුරු කාමරයක දැම්මා. එදින රාත්‍රියේ එක් පුද්ගලයෙකු මගේ කාමරයට ඇතුළු වුනා. එවිට කළුවර පැවතුණි,මට ඔහු දැකීමට නොහැකි විය. ඔහු මගේ හිස බිත්තියේ හැප්පු අතර මගේ මුහුණ බිත්තියට තද කරමින් මා දූෂණය කළා.

GD ගේ සිද්ධිය

2011 නොවැම්බර්මාසයේදී, 31 හැවිරිදිතැනැත්තෙකුවන GD නම්දමිළකාන්තාවකොළඹපිහිටිසියනිවසේසිටියාය. එවිටසිවිල්ඇඳුමින්සැරසුණුපුද්ගලයින්හතරදෙනෙකුපැමිණියහ. GD විසින් Human Rights Watch සංවිධානයටපැවසුවේඔවුන් CID නිලධාරින්බවත්ඇගේපවුලේසියලුසාමාජිකයින්ගේහැඳුනුම්පත්පරීක්ෂාකිරීමටඅවශ්‍යබවත්කියාසිටිබවයි. ඇයපැවසුයේඔවුන්විදේශගතවසිටිඇගේස්වාමිපුරුෂයාගේහැඳුනුම්පතරාජසන්තකකළබවත්, ප්‍රශ්නකිරීමසඳහාඔවුන්සමඟපැමිණෙනලෙසත්ය. ඇයපැවසුවේ:

ඔවුන් කොළඹ CID කාර්යාලයේ හතර වන තට්ටුවට මා රැගෙන ගිය අතර මා කාමරයක තැබුවා. මට කෑමට කිසිදු ආහාරයක් හෝ බීමට ජලය ලබා දුන්නේ නෑ. ඊළඟ, නිල ඇඳුම් ඇඳ සිටි හමුදා නිලධාරියෙකුද ඇතුළත් එම නිලධාරින් මගේ ඡායාරූප ගෙන, මගේ ඇඟිලි සලකුණු ගෙන හිස් කොළයකට මගේ අත්සන ලබා ගත්තා. ඔවුන් මට පැවසුවේ ඔවුන් සතුව මගේ ස්වාමි පුරුෂයාගේ විස්තර තිබෙන බවත් ඔහු සිටින තැන ඔවුනට පවසන ලෙසත්ය. මගේ ස්වාමි පුරුෂයා සිටිනුයේ විදේශගතව බව පැවසූ විට, ඔහු LTTE සංවිධානයට උදව් කරන බව මට පැවසූහ. මට නොයෙකුත් දේවල්වලින් පහර දුන්නා. මට කම්මුල් පහර දුන් අතර වැලි පිරවූ පයිප්පවලින් පහර දුන්නා. මෙසේ පහර දෙන අතර, ඔව්හු මගේ ස්වාමි පුරුෂයාගේ විස්තර ඉල්ලා සිටියා. එක් දිනක් රාත්‍රියේ මා දූෂණයට ලක් වුනා. සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකු මගේ කාමරයට පැමිණියා. ඔවුන් දෙදෙනා මගේ ඇඳුම් ඉරා දමා මා දූෂණය කළහ. ඔවුන් කථා කළේ සිංහල ඒ නිසා මට කිසිම දෙයක් තේරුණේ නැත. ඒ වෙලාවේ කළුවර තිබූ බැවින් මට ඔවුන් හඳුනා ගැනීමට හැකි වුනේ නෑ.

DS ගේ සිද්ධිය 

DS ගේපියාසතුවයාපනේඡායාපිටපත්ගන්නාසාප්පුවක්තිබූඅතර LTTE සංවිධානයේප්‍රචාරකපත්‍රිකාමුද්රණයකරබෙදාහරිමින්ඔවුනටඋපකාරකළේය. 2005වර්ෂයේඔහුගේවයසඅවුරුදු13 ක්වූඅතර, LTTE සංවිධානයඔහුබලෙන්රැගෙනගොස්දින10අනිවාර්යමිලිටරිපුහුණුවක්ලබාදුන්හ. යාපනයටයාමෙන්අනතුරුව, ඔහුපත්‍රිකාබෙදාහරිමින්සහ LTTE සංස්කෘතිකඋත්සවවලටසහභාගීවෙමින් LTTE සංවිධානයටසේවයකළේය. 2009නොවැම්බර්මාසයේදී, ඔහුගේවයසඅවුරුදු17 ක්වූවිට, ඔහුපාසලේසිටආපසුයමින්සිටිනඅතරපොලීසියේහාහමුදාවලඒකාබද්ධකණ්ඩායමක්ඔහුවඅත්අඩංගුවටගත්හ. ඔහුගේඇස්බඳිනලදඅතරනොදන්නාස්ථානයක්වෙතරැගෙනගියහ. DS විසින් Human Rights Watch සංවිධානයටපැවසුවේ:

LTTE සංවිධානය සමඟ මගේ පැවති ක්රියාකාරකම් ගැන පවසන ලෙස මට අණ කළා. ඔවුන් මට පැවසුයේ මගේ වැඩ ගැන සියල්ල මා ඔවුනට පැවසුවහොත්, මට යාමට ඉඩ දෙන බවය. එයපිළිගැනීම මම ප්රතික්ෂේප කළෙමි. එවිට ඔවුන් මට පහර දීමට පටන් ගත්හ. ඔවුන් මට බූට්ස්වලින් පහර දුන්නා, මාව පෑගුවා. මගේ ඇඳුම් සම්පුර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඔව්හු මට පැවසුවා. මා උඩු යටිකුරු කර එල්ලා මා සිගරට්වලින් පිළිස්සුවා. වැලි පිරවූ බටවලින් සහ වයර්වලින් මට පහර දුන්නා. නිලධාරීන් මගේ යටි පතුල්වලට රබර්වලින් පහර දුන් අතර පෙට්ර්ල් ගැල්වූ පොලිතීන් මල්ලක් බලෙන් මගේ හිස මත දමා  මගේ හුස්ම හිර කිරීමට තැත් කළා.

 

එක් නිලධාරියෙකු මා ඉදිරියේ ලිංගික ක්රියා සිදු කළා. ඉන්පසුව ඔහු මා දුෂණය කළා. මට සිහි නැති විය. මගේ ගුද මාර්ගයෙන් අධික ලෙස රුධිරය වහනය වුනා. එහි වැසිකිලියක් නොතිබූ අතර මට ප්ලාස්ටික් බෑගයක් භාවිතා කිරීමට සිදු විය. මගෙන් ප්රශ්න කළ නිලධාරින් මට නිදා ගැනීමට ඉඩ දුන්නේ නැත. පළමු දින දෙකේ හෝ තුනේදී ඔවුන් මට කිසිදු ආහාරයක් දුන්නේ නැත. ඔවුන් මගේ ඇඟිලි සලකුණු ගෙන මගේ ඡායාරූප ගත්තා. අවසානයේදී මම සිංහල භාෂාවෙන් ලියූ පාපෝච්ඡාරණයකට අත්සන් කර ඔවුන් කී සියලු දේ පිළිගත්තා.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.