Skip to main content

ශ‍්‍රී ලංකාව: එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයෝ වාර්තාව ඉදිරිපත් කරති

යුක්තිය ඉටු කරන ලෙස පීඩනය යෙදීමට මහ ලේකම්වරයා එහි නිගමන යොදා ගත යුතුය

(නිව් යෝක්) - එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් පත් කරන ලද ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව 2011 අපේ‍්‍රල් 12 දින නිකුත් කළ වාර්තාව යුක්තිය ඉටු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා සූදානම් වීමට ප‍්‍රයෝජනයට ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. 2010 මැයි මාසයේ දී බැන් කි-මූන් මෙම වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියම කළේ, බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සමග දශක ගණනාවක් පුරා පැවති ගැටුමේ අවසන් මාසයන්හි දී සිදු වූ උල්ලංඝනයන් පරීක්ෂාවට ලක් කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අසමර්ථ වීමෙන් පසු ව ය.
 
බැන් කි-මූන්ගේ කාර්යාලය අද දින ප‍්‍රකාශ කළේ, වාර්තාව ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග හුවමාරු කර ගත් පසු ව ඔහු එය ප‍්‍රසිද්ධ කරනු ඇති බවය. ”මහ ලේකම් බැන් කි-මූන් විසින් ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයක් නිර්මාණය කිරීම හා වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට ඔහු තීරණය කිරීම මගින් පෙන්නුම් කෙරෙනුයේ, එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවේ යුද්ධයට ගොදුරු වූ අය අමතකා කර දමා නොමැති බවය” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසුවේය. ”ආණ්ඩුව විසින් වසර දෙකක් පුරා බාධා කරන ලද නමුත්, මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම ශ‍්‍රී ලංකාව තුළ යුක්තිය පෙරට ගෙන යාමට උපකාර වනු ඇත.”
 
සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනයට හා තුවාලවලට ගොදුරු වූ යුද්ධයේ අවසන් මාසයන්හි දී, ආණ්ඩුවේ හා එල්ටීටීඊයේ බලකායන් විසින් සිදු කරනු ලැබුණු බරපතළ අපයෝජන ඉහළ ගිය අතර, ඒවා යුද අපරාධයන් හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන් විය හැකිය. යුද්ධය අවසන් වූ විගස ම 2009 මැයි 23 දින, චුදිත යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව ආණ්ඩුව විසින් පරීක්ෂා කෙරෙනු ඇති බවට බැන් කි-මූන්ට පොරොන්දු වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශයකට අත්සන් තැබීය. කෙසේ වෙතත්, වසර දෙකකට ආසන්න කාලයකට පසු ව ද, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ඇතුළු ජාත්‍යන්තර නීතිය පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් ගැටුමේ පාර්ශ්ව දෙකෙන් කවරකට හෝ අයත් කිසිවෙකු ලවා වග වීමට ආණ්ඩුව විසින් කිසිත් පියවරක් ගෙන නොමැත. ගැටුමෙන් පසු ව ආණ්ඩුව විසින් අවස්ථාව අනුව පිහිටුවන ලද මණ්ඩල දෙක, නිතීමය පියවර ගැනීම කෙසේ වෙතත් කවර හෝ අපරාධ පරීක්ෂණයකට පවා හේතු වී නොමැති බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.
 
බැන් කි-මූන් විසින් පත් කරන ලද මණ්ඩලය ”ස්වෛරී රටකට කරන අයුතු හා අනවශ්‍ය මැදිහත් වීමක්” ලෙස හඳුන්වමින්, ආණ්ඩුව බැන් කි-මූන් විසින් මණ්ඩලය පත් කිරීමට විරුද්ධ විය. මණ්ඩලය පත් කළ විගස ම, ආණ්ඩුවේ ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත කඩාකප්පල්කාරී උද්ඝෝෂණයක් සිදු කළේය. එක්සත් ජාතීන් විසින් තම තාවකාලික නේවාසික සම්බන්ධීකාරකවරයා ආපසු කැඳවා ගැනීමටත්, සිය කාර්යාලයන්ගෙන් එකක් වසා දැමීමටත් අවසානයේ දී එය හේතු විය. වග වීම සහතික කිරීම සඳහා තම දේශීය යන්ත‍්‍රණයන්ට හැකියාව ඇති බවට තර්ක කරමින්, ආණ්ඩුව මණ්ඩලය සමග සහයෝගී වීම හෝ පිළිගත හැකි කොන්දේසි මත එහි සාමාජිකයන්ට ශ‍්‍රී ලංකාවට චාරිකා කිරීමට ඉඩ දීම ප‍්‍රතික්ෂේප කර ඇත.
 
කෙසේ වෙතත්, යුදකාලීන අපයෝජනයන් පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවකට ප‍්‍රතිචාර වශයෙන් 2009 නොවැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද ප‍්‍රවීණයන්ගේ කමිටුව කිසි විටෙක සිය කාර්යය සම්පූර්ණ නොකළ අතර, කවර හෝ වාර්තාවක් ප‍්‍රසිද්ධ කළේ හෝ නැත. එය විසින් නිර්මාණය කරනු ලැබුණු දෙවන මණ්ඩලය වන උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම බල ගන්වන ලද්දේ බැ?රුම් පරීක්ෂණ පැවැත්වීම සඳහා නොව පැමිණිලි විභාග කිරීම සඳහා පමණි. කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ගොදුරු වූ අය හෝ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට ඊට කිසිත් වැඩ සටහනක් නොවූ අතර, පැමිණිලි විභාග කිරීම්වල දී එය ආණ්ඩුව කෙරෙහි බලවත් පක්ෂපාතිත්වයක් ප‍්‍රදර්ශනය කළේය. 2010 සැප්තැම්බර් මාසයේ දී එය විසින් ඉදිරිපත් කරන ලද අන්තර්වාර නිර්දේශයන් තුළ යුක්තිය හෝ වග වීම සම්බන්ධ එක ද නිර්දේශයක් හෝ අඩංගු වී නොතිබුණේය. මැයි මාසයේ දී ආණ්ඩුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කිරීමට ඊට පැවරී තිබෙන නමුත් වාර්තාව සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් හෝ ප‍්‍රසිද්ධියට පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. රාජපක්ෂ විසින් මීට පෙර පිහිටුවන ලද 2006 ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව ආණ්ඩුව විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබ නැත.
 
”ආණ්ඩුව ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයට ආරම්භයේ සිට ම විරුද්ධ වී ඇති අතර. තම ස්ථාවරය වෙනස් වී ඇති බව පෙන්නුම් කරන කිසිවක් කර නොමැත” යයි ඇඩම්ස් පැවසීය. ”බරපතළ අපරාධයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම පිළිබඳ ව සැලකිලිමත් වන එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්, තමන් බැන් කි-මූන්ගේ උත්සාහයන්ට හැකි උපරිම සහාය දෙන බව දැන් සහතික කළ යුතුය.”
 
ප‍්‍රතිවිරුද්ධ සාක්ෂි වැඩි වෙමින් පවතින නමුත්, ශ‍්‍රී ලාංකික නිලධාරීන් අඛණ්ඩ ව අවධාරණය කරනුයේ ගැටුමේ අවසන් මාසයන්හි දී ශ‍්‍රී ලාංකික සන්නද්ධ හමුදවන් විසින් කිසිත් උල්ලංඝනයක් නොකරන ලද බවය. චෝදනාවන් අතර අධිකරණ තීන්දුවකින් තොර ඝාතනයන් හා බලාත්කාරී අතුරුදන් වීම් ශ‍්‍රී ලංකාව තුළ අඛණ්ඩ ව ගැටලූවක් ලෙස පවත්නා බව ද සඳහන් අලූත් ම එක්සත් ජනපද වාර්ෂික මානව හිමිකම් වාර්තාව අපේ‍්‍රල් 8 දින නිකුත් වූ විට ඊට ප‍්‍රතිචාර වශයෙන් හමුදා ප‍්‍රකාශකයෙකු පැවසුවේ ”මෙම සියලූ චෝදනා පදනම් විරහිතය” යන්නය. යුද්ධයේ අවසන් මාසයන් පිළිබඳ ව සඳහන් කරමින් ඔහු පැවසුවේ ”මානුෂීය මෙහෙයුම කර ගෙන ගියේ යුද නීතිය යටතේ වන අතර, සන්නද්ධ හමුදාවන් විසින් එවැනි කිසිත් ක‍්‍රියාවක් කරනු ලැබ නැති බව අපි දන්නෙමු.” 
 
කෙසේ වෙතත්, යුද්ධයේ අවසන් දිනයන්හි දී ශ‍්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද බලාත්කාරී අතුරුදන් කිරීම් පිළිබඳ ව, හියුමන් රයිට්ස් වොච් විසින් අපේ‍්‍රල් 7 දින නව තොරතුරු ප‍්‍රසිද්ධ කරනු ලැබුණි. ආණ්ඩුවේ සොල්දාදුවන් පසු ව ”අතුරුදන් වූ” එල්ටීටීඊ නිලධාරියෙකුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින වීඩියෝ පටයක් ද එහි ඇතුළත් විය. අත් අඩංගුවට ගනු ලැබුණු සියලූ දෙනා සම්බන්ධයෙන් හේතු දක්වා ඇති බවත්, ඔවුන්ගේ පවුල්වලට දැනුම් දී ඇති බවත් හමුදා ප‍්‍රකාශකයෙක් පැවසීය. එහෙත්, හමුදාව විසින් තම සැමියන් රඳවා ගන්නා ලද බවටත්, එතැන් සිට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ඔවුන් පිළිබඳ ව කිසිත් තොරතුරක් ලැබී නොමැති බවටත්, කාන්තාවන් කීප දෙනෙකු උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම ඉදිරියේ සාක්ෂි දී හා පොලීසියේ පැමිණිලි ගොනු කර ඇත.
 
”වසර දෙක තුළ දී බරපතළ යුද අපරාධ චෝදනාවන් බොහෝ සංඛ්‍යාවෙන් එකක් හෝ පිළිබඳ ව එක ද ප‍්‍රසිද්ධ අපරාධ පරීක්ෂණයක් හෝ පවත්වා නොතිබීම ප‍්‍රමාණවත් සාක්ෂියකි” යි ඇඩම්ස් පැවසුවේය. ”ශ‍්‍රී ලංකාව තුළ වග වීම හා යුක්තිය ඉටු වනු ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රියාව මගින් පමණක් බව ආණ්ඩුව ප‍්‍රදර්ශනය කර ඇත.”
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Most Viewed