2009 වසරේදී අවසන් වූදශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල ගණයේ මානව හිමිකම් කඩකිරීම් වලට වගවීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුව2013වසරේදී පෙන්වා ඇත්තේ සුළු ප්‍රගතියකි. ශ්‍රී ලංකාව විසින් පිහිටුවන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස සහ සිවිල් යුද්ධයේදී ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙක විසින් සිදු කළ බවට සැකකෙරෙන යුධ අපරාධ වලට වගවීම ක්‍රියාත්මක කරන ලෙස,වසර කිහිපයක සිට ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය,පසුගිය මාර්තු මාසයේදී දෙවන වරටද යෝජනාවක් සම්මත කරමින් යළි එම ඉල්ලීම් ඉදිරිපත් කළේය. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව රජය කියා සිටියත්, නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය තහවුරු කර ගැනීම අපහසු කටයුත්තක් වී ඇති අතර අපරාධ වලට වගවීම ක්‍රියාත්මක කිරීම පිණිස ගන්නා ක්‍රියාමාර්ග වල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් අඩුලුහුඬුකම් පවතී.

හින්දු සහ මුස්ලිම් වරුන්ට එරෙහිව සටන්කාමී බෞද්ධ කණ්ඩායමක් විසින් සිදුකරන ලද ප්‍රහාර වල වර්ධනයක් ගතවූ වසර තුළ දක්නට ලැබුණි.

ප්‍රධාන පෙළේ නඩු විභාගයකදී රජයට අවාසි සහගත නඩු තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව විසින් 2012දෙසැම්බර් මාසයේදී ගෙන ආදෝෂාභියෝගය නිසා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලුපැන නැගී ඇත.

සැප්තැම්බර් මාසයේදී පළාත් සභා තුනක් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමට මැතිවරණයක් පැවැත්විණි. ඡන්දදායකයන් බියවැද්දීම, ප්‍රචණ්ඩ ක්‍රියා, සහ හමුදාව විසින් කළ නොමනා මැදිහත්වීම් වැනි සිදුවීම ගණනාවක් අපක්ෂපාතී නිරීක්ෂකයන් විසින් වාර්තා කොට තිබේ. සිවිල් යුද සමයේ විශාල වශයෙන් ගැටුම් පැවති,සුළුතර දෙමළ ජනතාව බහුලව වෙසෙන උතුරු පළාත් සභාවේ ආසන විශාල ගණනාවක් දිනාගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය.

සිවිල් යුද්ධය අවසානයේ දී අත්අඩංගුවට ගෙන “පුනරුත්ථාපනය”කිරීම සඳහා රඳවාගත්,පරාජයට පත් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවන් දොළොස් දහසකගෙන්, 230දෙනෙකු සැප්තැම්බර් මාසය වනවිටත් රජය භාරයේ පසුවිය.

වගවීම

යුධ අපරාධ සිදුව ඇති බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව,වසර ගණනාවක් තිස්සේ නිසි පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති හෙයින්,අන්තර්ජාතික මානවීය නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ කාටත් පිළිගත හැකි ආකාරයේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කිරීමට,මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලය පියවර ගන්නා ලදී.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වන නවී පිල්ලේ ගෙන් ඉල්ලා සිටි එම යෝජනාව,2014වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන සැසිවාරයේදී ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී ඇත.

මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවෙන් අනතුරුව,ශ්‍රී ලංකා රජය විසින් යුද අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ඇතුළු උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන අන්දම පිළිබඳ,යාවත් කාලීන කිරීම් කිහිපයක් සිදු කරන ලදී. රජයේ විනිවිද භාවයේ පවතින අඩු පාඩු නිසා එම කරුණු බොහෝමයක් තහවුරු කර ගැනීම අපහසු කටයුත්තක් වී ඇත. එමෙන්ම රජය සත්‍ය තොරතුරු ලබා දී තිබුනත්,වැදගත් කරුණු සම්බන්ධයෙන්එම තොරතුරැ ප්‍රමාණවත් නොවේ. රජය හෙළි කරන තොරතුරැ පවතින්නේ,මානව හිමිකම් මණ්ඩල යෝජනාවෙන් ඉල්ලා සිටින අන්දමේ ක්‍රියාමාර්ග වලට බොහෝ පසුපසිනි.

යුද නීතිය උල්ලංඝනය වූ බවට පැහැදිලි සාක්ෂි තිබුනත් එම චෝදනා වලින් හමුදාව සම්පුර්ණයෙන් නිදහස් කිරීමට 2012වසරේදී පිහිටුවන ලද විශේෂ හමුදා අධිකරණය කටයුතු කර තිබේ. 2006ජනවාරි මාසයේදී, ත්‍රිකුණාමලයේදී,දෙමළ තරුණයන් පස්දෙනෙකුඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේ පියවරක් ලෙස,විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රජය ක්‍රියා කළත් ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ,ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිසිවෙක් අත් අඩංගුවට ගැනීමට රජය අපොහොසත් වී ඇත. බලහත්කාරයෙන් සිදු කෙරෙන පැහැරගැනීම් සම්බන්ධයෙන් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම යොමු කළ අවධානයට ප්‍රතිචාර ලෙස රජය විසින් සීමිත බලතල සහිත කොමිසමක් අලුතින් ස්ථාපනය කර ඇත. එය ආණ්ඩුව විසින් මීට ඉහත පිහිටුවන ලද විශේෂ කොමිසම් ගණනාව අතරට අලුතින්ම එක් කෙරුණ කොමිසම වන අතර එම කොමිසම විසින් සිදුකරන සොයාගැනීම් ප්‍රසිද්ධ කරන්නේද යන කරුණ පැහැදිලි නැත.

මහ කොමසාරිස් නවී පිල්ලේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඇය විසින් සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ වාචික වාර්තාව,පශ්චාත් යුධ සමයේ වගවීම ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එල්ල කෙරුණ දැඩි විවේචනයකි. යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් රජය ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට උත්සාහදරන බවට කිසිම සාක්ෂියක් තමන්ට නොලැබුන බව පිල්ලේ ප්‍රකාශ කළාය. එමෙන්ම උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ බහුතරයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද,ඇය වාර්තා කළාය. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ ප්‍රධාන නිර්දේශයක් වූ,පොලිසිය ආරක්ෂක අමාත්‍යංශයෙන් වෙන් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද උත්සාහය, පොලිසිය හිටපු හමුදා නිළධාරියෙකු යටතට පත් කිරීම නිසා අසම්පුර්ණ කටයුත්තක් වී ඇතැයිද පිල්ලේ කියා සිටියාය.

වධ හිංසා සහ ලිංගික දුෂණ

Country Chapter

2009 වසරේදී අවසන් වූදශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල ගණයේ මානව හිමිකම් කඩකිරීම් වලට වගවීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුව2013වසරේදී පෙන්වා ඇත්තේ සුළු ප්‍රගතියකි.

ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන්ට වධ හිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම සන්නද්ධ අරගලය පැවති සමයේත් ඊට පසුවත් පුළුල් ලෙස පැතිර ඇති ගැටලුවකි. යුද්ධය නිමා වීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද කොටි සංවිධානයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන්ට වධහිංසා පැමිණවීමේදී,දුෂණය සහ ලිංගික හිංසනය ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇති බවට,අලුතින් සොයාගත් සාක්ෂි,පෙබරවාරි මාසයේ දී හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. කොටි සංවිධානයට සම්බන්ධ වී සිටි බවට “පාපොච්ඡාරණ”ලබාගැනීම සඳහාත්, කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් දෙමළ ජනතාව බියට පත් කිරීමටත්,වධහිංසා පමුණුවා ඇත.

මෙම තොරතුරු ප්‍රතික්ෂේප කරන රජය කියා සිටින්නේ, මෙම වාර්තා විදේශ රටවල දේශපාලන රැකවරණ පතා සිටින පුද්ගලයන් ඔවුන්ගේ අයදුම්පතේ සටහන් කිරීම සඳහා ගොතන ලද කතා බවයි. වාර්තා වී ඇති ලිංගික අපයෝජන සම්බන්ධයෙන්,රජය කිසියම් පරීක්ෂණයක් පවත්වන බවට තොරතුරැ,හියුමන් රයිට්ස් වොච් ආයතනයට දැන ගැනීමට ලැබී නැත.

ආපසු සියරට යැවූ දෙමළ වැසියන්වධහිංසා වලට ලක් වීමේ අවදානමක් ඇති බව හෙළි වීමෙන් පසු කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත් වූ දෙමළ ජාතිකයන්,ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් අත්හිටුවා තිබේ. දේශපාලන රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව 2012දෙසැම්බර් මාසයේදී සංශෝධනය කෙරුණි. ඒ අනුව කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්,යළි ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කළහොත්,ඔවුන් වධ හිංසා වලට ලක් වීමේ අවදානමක් ඇතැයි නිර්දේශ කරඇත.

නඩු විභාගයක් නොමැතිව රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් පැහැරගෙන යෑම

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු අන්දම පිළිබඳව පුළුල් බලයක් පොලිසියට ලබාදී ඇත. ආරක්ෂක හේතු මත අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නඩු විභාගයක් නොමැතිව ඉතා දිගු කලක් රඳවා ගැනීම සඳහා බලධාරීන් නිතර උපයෝගී කර ගන්නා නීතිය බවටද,ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත පත්ව තිබේ. එය දැනටත් නිතර භාවිතා කෙරේ. ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවාගෙන සිටින සියලුම දෙනාගේ නම් සහ ඔවුන් රඳවා ඇති ස්ථාන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබාදී ඇතැයි රජය අවධාරණය කර සිටියත්, එම තොරතුරු ලබා ගැනීම පහසු නැති බවයි රැඳවූවන්ගේඥාතීන් 2013වසරේදී කියා සිටියේ. තමන් අගෝස්තු මාසයේ කළ චාරිකාවේදී,බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුණ පුද්ගලයන්ගේ ඥාතීන්,උතුරු ශ්‍රී ලංකාවේ දී මුණ ගැසුන විට අත් විඳි“පාලනය කරගත නොහැකි අන්දමේ ශෝකයක්,”මීට පෙර දැක නොතිබූ බවයි මහකොමසාරිස් පිල්ලේ කියා සිටියේ.

සිවිල් සමාජ සංවිධාන සහ මාධ්‍ය නිදහස

සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍ය දිගින් දිගටම තාඩන පීඩන සහ නීතියට පටහැනිව කෙරෙන සීමාවන්ට ගොදුරු වී ඇත. ඉතා භයානක යටි අදහස් සහිත මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක්,ජූනි මාසයේදී රජය විසින් යෝජනා කෙරිණ. මහජන අපේක්ෂා වලට සහ රටේ සදාචාරයට එරෙහි අදහස් මෙන්ම මහජන රසවින්දනය සහ සදාචාරය පහත හෙලන අන්දමේ කතා පැවත්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීම් වර්ග 13ක් තහනම් කිරීමට,එම ආචාර ධර්ම පද්ධතියෙන් යෝජනා කර තිබුණි. මීට අමතරවව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ සහ විධායකයේ ඒකාග්‍රතාවට බලපාන කිසිදු කරුණක් පිළිබඳ අදහස් දැක්වීම තහනම් කිරීමටද යෝජනා වී තිබු අතර රජයට එරෙහි කිසිදු විවේචනයක් සිදු කිරීමවැළැක්වීමට ගනු ලැබූ උත්සාහයක් ලෙස එය අර්ථ දැක්විය හැක. මෙම ආචාර ධර්ම පද්ධතියට එරෙහිව ජනමාධ්‍ය විසින් ගෙන ගිය නිශේධනාත්මක මාධ්‍ය ප්‍රචාර හමුවේ එම යෝජනා ඉවත් කර ගැනීමට රජය ක්‍රියා කරන ලදි.

ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රවෘත්ති පළ කරන අනතර් ජාලයේ සමහර වෙබ් අඩවි වාරණය කිරීමට රජය දිගින් දිගටම පියවර ගෙන ඇත. ගතවූ වසර කිහිපය තුළ මරාදැමූ සහ“අතුරුදහන් වූ” මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පවතින ගැටලුකිසිවකට තවමත් පිළිතුරු ලැබී නොමැත.

තමන්ට එරෙහිව තාඩන පීඩන, තර්ජනය කිරීම් සහ බිය වැද්දවීම් දිගටම සිදුවන බව සමාජ ක්‍රියාධරයෝ සහ සංවිධාන, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන කොටස් වාර්තා කර තිබේ. උතුරු හා නැගෙනහිර පළාත්වලදී තමා මුණගැසුණ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට, තම හමුවෙන් පැය කිහිපයක් ඇතුළත ආරක්ෂක අංශ පැමිණ ඇති බව මහකොමසාරිස් පිල්ලේ කියා සිටියාය. පිල්ලේ විසින් එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා රජය, මේ වාර්තා පිළිබඳ සොයා බැලීම පසෙක ළා, තොරතුරු ලබා දුන් පුද්ගලයන් හෙළි කරන ලෙස පිල්ලේ ගෙන් ඉල්ලා තිබිණි. ආණ්ඩුවේ මර්ධනය උතුරු සහ නැගෙනහිර පළාත්වලට පමණක් සීමා වී නොමැත. අගෝස්තු මාසයේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ නියැළුණවැලිවේරිය ජනතාවට හමුදාව කළ වෙඩි තැබීමෙන් තිදෙනෙක් මරුමුවට පත් විය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසානයේ සිදුවූ බවට චෝදනා කෙරෙන යුධ අපරාධ පිළිබඳව “නෝෆයර් සෝන්,”නමැති වාර්තා චිත්‍රපටිය නිපදවූ කැලුම් මැක්රේ ට එරෙහිව ප්‍රසිද්ධ අදහස් දැක්වීමක් ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියෙක් විසින්ජූලි මාසයේදී සිදු කරන ලදී. ඔහු ‘ට්වීටර්’වෙබ් අඩවිය හරහා අඟවා සිටියේ මැක්රේ කොටි සංවිධානයෙන් ‘ලේ සල්ලි’ලබා ගන්නා ත්‍රස්තවාදියෙක් හැටියටයි. අදහස් දැක්වීම සම්බන්ධයෙන් තානාපති නිලධාරියාට රජය විසින් දෝෂාරෝපණය නොකළ අතර නොවැම්බර් මාසයේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව පැවති සමයේදී,එය වාර්තා කිරීම සඳහා ගොස් සිටි මැක්රේ ඇතුළු චැනල් ෆෝ රුපවාහිනී කණ්ඩායමට අනේක විධ අතවර වලට දිගින් දිගටම මුහුණ පෑමට සිදුවිය.

ප්‍රධාන වශයෙන් සටන්කාමී බෞද්ධ සංවිධානයක් වන බොදු බල සේනා මෙහෙයවීමෙන් අනිකුත් සුළු ආගමික කණ්ඩායම් වලට එල්ල කෙරෙන ප්‍රහාර වැඩි වීම කණගාටුදායක ප්‍රවණතාවයකි. මෙම පහරදීම් වැළැක්වීමට හෝ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රජය අවශ්‍ය පරිදි කටයුතු කර නැත. බොදු බල සේනා කණ්ඩායම,මුස්ලිම් භක්තිකයන්ට එරෙහිව කටයුතු කරමින් සිටින අවස්ථාවක,එම සංවිධානය විසින් පැවැත්වූ මහජන උළෙලක ප්‍රධාන අමුත්තා වුයේ ආරක්ෂක ලේකම්වරයායි. ඔහු ජනාධිපතිවරයාගේ සොහොයුරා ද වේ. සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට වාචික වාර්තාවක් ලබා දෙමින් මහ කොමසාරිස් නවී පිල්ලේ සුළු ආගමික කණ්ඩායම් වලට එරෙහිව කෙරෙන ද්වේෂ සහගත ප්‍රචාර වැඩිවී ඇති අන්දම සම්බන්ධයෙන් තම විමතිය පළ කළාය. ප්‍රචණ්ඩත්වය පැතිරී යෑම වළක්වා ලීම සඳහා වඩා සක්‍රීය ලෙස මැදිහත් වී කටයුතු කරන්නැයි ඇය රජයෙන් ඉල්ලා සිටියාය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා බලය අයුතු ලෙස භාවිතා කිරීම

උතුරු හා නැගෙනහිර පළාත්වල රඳවා සිටින හමුදා භට පිරිස විශාල ලෙස අඩු කර ඇති බව රජය විසින් ප්‍රකාශ කළත්, පළාතෙන් ලැබෙන විශ්වසනීය වාර්තා වලින් පැහැදිලි වන්නේ හමුදාව තවමත් නිරන්තරයෙන් සාමාන්‍ය සිවිල් වැසියන්ගේ එදිනෙදා ජීවන කටයුතු වලට මැදිහත් වන බවයි. සාමාන්‍ය සිවිල් ජනතාවගේ කටයුතු වලදී හමුදාව කටයුතු කළයුතු අන්දම පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ සහ හමුදාවේ වෙබ් අඩවි නිතර ලිපි ලේඛනපළ කළත්,එම කරුණු දැක්වීම් තුළින් බලාපොරොත්තු වන්නේ ප්‍රදේශයේ ජනතාව මත සහ ඔවුන්ගේ සංවර්ධන කටයුතු වලදී හමුදාවේ අධිකාරීත්වය පවත්වා ගැනීම බව පැහැදිලිය. සැප්තැම්බර් මාසයේ පැවති පළාත් සභා මැතිවරණයේදී පාලක පක්ෂයට වාසි සහගත වන අන්දමේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල හමුදාව යෙදීම සම්බන්ධයෙන් තම අවධානය යොමු වූ බව කියා සිටින ස්වාධීන මැතිවරණය නිරීක්ෂකයෝ,හමුදා ක්‍රියාකාරකම් නිසා මැතිවරණයට පෙර දෙමළ ජනතාව තුළ අනාරක්ෂිත භාවයක් සහ තැතිගැන්මක් පැවති බවද සඳහන් කළහ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල කාන්තාවන් සහ ගැහැණු දරුවන් ලිංගික අතවරවලට සහ හිංසාවට ලක් වීමේ දැඩි අවදානමක් පවතින අතර මේ තත්ත්වය මග හැරවීම සඳහා හමුදාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ඇතැම් විට අපරාධ සිදු කිරීම සඳහා පාර්ශව කරුවෙක් වී ඇත. පීඩාකාරී ලෙස හමුදාව රැඳී සිටීම නිසා මෙම පළාත්වල සිදුවන මානව හිමිකම් කඩකිරීම් ලේඛනගත කිරීම අපහසු කටයුත්තක් වී ඇතැයි දෙමළ ප්‍රදේශ වල ක්‍රියාත්මක වන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසති.

ප්‍රධාන ජාත්‍යන්තරබලවේග

යුද සමයේ සිදුවුණු දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් වගවීම අරමුණු කරගත් මානව හිමිකම් මණ්ඩල යෝජනාව,පසුගිය මාර්තු මාසයේ පැවති සැසිවාරයේදී සම්මත වීම වැළැක්වීමට ශ්‍රී ලංකා රජය අසාර්ථක උත්සාහයක නිරත විය. මානව හිමිකම් මණ්ඩල යෝජනාව අරුත්බර ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර නොගන්නේනම්,2014දී පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සභාවාරයේදී ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීම සඳහා වේදිකාවක්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුළු රටවල් විසින් අනුමත කළ මානව හිමිකම් මණ්ඩල යෝජනාවෙන් සකස් කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙරෙහි තම අවධානය යොමුව ඇතැයි කියා සිටි කැනේඩියානු අගමැති ස්ටීවන් හාපර් සහ මුරුසි දිවයින් හි අගමැතිවරයා නොවැම්බර් මාසයේ කොළඹදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූයේ නැත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශීයව මතුව ඇති කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දීය අගමැති වරයාද සමුළුවට සහභාගි වීමෙන් වැළකී සිටියේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ යුද සමයේ සිදුවූ අපරාධ වලට වගවීම මග හැරීම,ජනමාධ්‍යයේ අවධානය දිනාගත් ප්‍රධාන කරුණ විය. එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් සමුළුවට සහභාගී වූ අතර යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංචාරය කිරීමට සහ ප්‍රාදේශීය ක්‍රියාධරයන් හමුවීමට ඔහුගේ වැඩි කාලයක් ගත කළේය. යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත් වුවහොත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සම්පුර්ණ සහාය ලබාදීමට එක්සත් රාජධානිය සුදානම් බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව දරනස්ථාවරයද මෙය වේ.

ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ මට්ටමේ කටයුතු සහ ආයෝජන වලට දිගටම සහභාගී වී සිටින චීනය මානව හිමිකම් මණ්ඩල යෝජනාවට තම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. අර්ථවත් පළාත් සභා මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කළ ඉන්දියාව පළාත් සභා වලට බලය බෙදා හරින 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසට දිගින් දිගටම ඉල්ලා සිටියි.

  • 2009 වසරේදී අවසන් වූදශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල ගණයේ මානව හිමිකම් කඩකිරීම් වලට වගවීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුව2013වසරේදී පෙන්වා ඇත්තේ සුළු ප්‍රගතියකි.