ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා රජය 2012 වසරේදීත් එහි ප්‍රජාතාන්ත්‍රික අවකාශය පීඩනයට පත් කළ අතර, සහ 2009 වසරේ අවසන් වූ අභ්‍යන්තර යුද ගැටුමෙන් , කුමන පාර්ශවයකින් හෝ සිදු කළ යුද්ධ අපරාධ පිළිබඳ වගවීම සඳහා කිසිදු අර්ථවත් පියවරයන් ගැනීමට රජය අපොහොසත් වී ඇත. 
 
රජය සිවිල් සමාජය ඉලක්ක කළේ තර්ජන, ඔත්තු බැලීම, සහ ක්රියාකාරකම් මැඩ පැවැත්වීම සහ කතා කිරීමේ නිදහස මර්දනය මගිනි. රජයේ නිලධාරීන් සහ රජය මගින් පාලනය වන මාධ්‍ය විසින් නිකුත් කළ ප්‍රකාශන තුළ යුධ හිරිහැර හෝ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තීන් සඳහා හේතු දක්වන මෙන් ඉල්ලා සිටි මානව හිමිකම් ආරක්ෂකයින් (රැකවලුන්) නම් කර ඔවුන්ට තර්ජනය කර ඇත. එහෙත් දේශීය දේශපාලන ක්‍රියාකාරීහු, සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ ඒ අයට සහාය දක්වන පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ දක්වන ලද්දේ බලවත් සැලකිල්ලකි.
 
විවිධ නීති සහ රෙගුලාසි මගින් අධික ලෙස රඳවා ගැනීමේ බලය යොදවන ලදි.. පුද්ගලයින් දහස් ගණනක් චෝදනාවන් හෝ නඩු විභාගයකින් තොරව දිගටම රඳවා තබා ගන්නා ලදී. රාජ්‍ය ආරක්ෂක බලකාය, සුළු ජාතික ද්‍රවිඩයන් සහ නැවත සිය රටට පැමිණි ශ්‍රී ලාංකික ජාතිකයන්ද , පරාජයට පත් වී ඇති දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (Tigers of Tamil Eelam) (LTTE) සම්බන්ධ යැයි කියා අත්තනෝමතික ව අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී. උතුරේ සිටින ද්‍රවිඩ ජනතාවට එම ප්‍රදේශයට පුළුල් ලෙස ප්‍රවේශ වී ඇති මානුෂීය කණ්ඩායම්ගෙන් ප්‍රතිලාභ ලැබුණ නමුත් රජය ඒ අයගේ ජීවන තත්වයන් සාමාන්‍ය බවට පත් කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නා ලදී.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ (Mahinda Rajapaksa) සහ ඔහුගේ සොහොයුරන් ප්‍රජාතාන්ත්‍රික ආයතනවල නමින් ක්‍රමයෙන් දිගටම සිය බලය වැඩි කරන ලදී. ජාතික මානව හිමිකම් කොමිසමේ (National Human Rights Commission (NHRC)) සහ 2010 සම්මත වූ දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජපක්ෂ (Rajapaksa) රජය විසින් සීමා බලය සීමා කරන ලද වෙනත් රාජ්‍ය කොමිසම්වල ස්වාධීනත්වය ප්‍රතිෂ්ඨාපනය කරන ‍ලෙස ඉල්ලා සිටියද ඒවා නොවැදගත් සේ සලකා නොසලකා හරින ලදී. 
 
වගකිවයුතු බව

මානව හිමිකම් කඩවූවන්ගේද, වසර 26 පුරා LTTE ය අතර ගැටුම් පැවති කාලය තුළ දෙපාර්ශවය විසින් ම සිදුකරන ලද බොහෝ මානව හිමිකම් සහ යුදමය නීති උල්ලංඝනය වීම් වලට භාජනය වූ අය වෙනුවෙන්ද සාධාරණය ඉටු කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය 2012 වර්ෂයේදී කිසිදු ප්‍රගතියක් නොපෙන්වන ලදී. මෙම උල්ලංඝනය වීම් වලට, රජය අවිචාරවත් ලෙස සිවිල් ජනතාව වෙඩිතැබීම්වලට ලක් කිරීම් සහ අරගලයේ අවසන් මාස කීපය තුළ එනම් 2009 මැයි මස අවසන් වූ අරගලයේ “මානව පලිහක්” ලෙස LTTE සිවිල් ජනතාව භාවිත කිරීම වැනි‍ දේ ඇතුළත් වේ.
 
රජය දිගටම 2011 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් (Ban Ki-Moon) විසින් පත් කළ විද්වත් මණ්ඩලයේ වාර්තාවද නොසලකා හැරි අතර, එම වාර්තාවෙන් මණ්ඩල නිර්දේශයන් රජය ක්‍රියාත්මක කරවන ආකාරය,අධීක්ෂණය කිරීමට, ස්වාධීන විමර්ශනයක් ක්‍රියාත්මක කිරීම සහ සාක්ෂි එක්රැස් කිරීම සහ ඒවා සුරක්ෂිත කිරීමට ස්වාධීන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීමට නිර්දේශ කරන ලදී.
 
රජයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව පිළිබද ප්‍රමාණවත් ලෙස නොසැලකූ බවට 2012 දී මාර්තු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ((Human Rights Council) (HRC)), යෝජනාවක් සම්මත කරන ලදී. තව ද එම කවුන්සිලය විසින් සාධාරණත්වය සහ වගකීම සහතික කිරීමට අවශ්‍ය සියලුම පියවරයන් ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින ලදී. තවද රජය LLRC නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සහ වගකිවයුතුභාවය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති සවිස්තරාත්මක පියවරයන් සහිත පෘථුල සැලැස්මක් රජය විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලය විසින් ඉල්ලා සිටින ලදී.
 
ශ්‍රී ලංකා රජය යෝජනාවට පක්ෂව කතා කළ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ප්‍රසිද්ධියේ තර්ජනයට ලක් කරමින් ඒ සදහා ප්‍රතිචාර දක්වන ලදී. රජය LLRC නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති බවට ජූනි මාසයේ දී නිවේදනය කරන ලදී. මෙම සැලසුමේ සිවිල් ජනතාව මරණයට පත් කිරීමත් වැරදිකරුවන්ට නඩු පැවරීමත් පිලිබඳ විභාග කිරීමත් පිළිබඳ පැහැදිලිව සඳහන් නොවේ. විනය පරීක්ෂණ සදහා මාස 12ක කාල රාමුවකුත් නඩු දැමීම සදහා මාස 24කුත් නියම කර ඇතත් රජයේ යෝජනා හමුදාවේ සහ පොලීසියේ විමර්ෂණ වලට පමණක් සීමා වී ඇත. මේවා අපරාධවලට වගකිව යුතු ආයතනම වන අතර ඒවා වගකිවයුත්තන් පිළිබද විනිවිද භාවයෙන් අඩු පරීක්ෂණ වලට සීමා වී ඇත.
 
යුධ අපරාධ පිළිබද පරීක්ෂා කිරීමට 2012 දී පිහිටුවන ලද විශේෂ යුධ හමුදා පරීක්ෂණ උසාවි වල ක්‍රියාකාරීත්වය පිළිබද තොරතුරු නොමැත. 2006 වර්ෂයේදී සහන සේවකයන් 17 දෙනෙකු සහ ශිෂ්‍යයන් 5දෙනෙකු වෙනත් අවස්ථාවක මරාදැමූ ආකාරය පිළිබදව රජයේ හමුදාවලට විරුද්ධව තද බල සාක්ෂි තිබියදී එම අපරාධ පිළිබද කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. පොලීසියේ නිදහස ඇති වන පරිදි ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් නිදහස් කිරීම ආදී අනෙකුත් නිර්දේශද පාර්ලිමේන්තු තේරීම් කරක සභාවට පවරන ලද වුවද මෙය ලියන අවස්ථාව ‍වන විටද එවැන්නක් පිහිටුවා නැති බව දැනගන්නට ලැබුණි.
 
මානව හිමිකම් කවුන්සිලයේ HRC 2012 නොවැම්බර් වල පැවති ජගත් සාමයික විමර්ශන (Universal Periodic Review (UPR)) රැස්වීමේදී සාමාජික රටවල් ඉදිරිපත් කර තිබූ සෘජුවම වගකීම පිළිබද නිර්දේශයද ඇතුලත් නිර්දේශ 100 ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
 
අත්තනෝමතික රඳවා ගැනීම්, වද දීම් සහ බලහත්කාරයෙන් අතුරුදන්කරවීම.
 
පොලිසිය සහ ආරක්ෂක බලකායන් අධික රඳවා ගැනීමේ බලයන් දිගටම පවත්වා ගෙන යයි. මාසිකව පරික්ෂා කිරීමේ සහ රඳවා ගැනීමේ බලය ජනාධිපති විසින් හමුදා වට පැවරූ අතර හමුදා වලට පොලිස් බලතලද පවරනු ලැබ ඇත.
 
2011 විධිමත් හදිසි තත්වය අවසන් වුවත් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ මුලින්ම රඳවා ගත් දහස් ගණන් පුද්ගලයින් නඩු විභාගයකින් තොරව රජය දිගටම රඳවා තබා ගන්නා ලදි. රජය, මහජන ප්‍රතිඥා නොතකා එසේ රඳවා ගත් අයගේ සවිස්තර නම් ලැයිස්තුවක් සහ ඔවුන් රඳවා සිටින ස්ථාන පිළිබද ව ප්‍රකාශ කිරීම පැහැර හරින ලදි.
 
යුද්ධය අවසානයේ LTTE හිතවාදීන් ලෙස සැක කරන ලද 11,000 නිදහස් කරන ලදී. ඒ අතර 180 නඩු පැවරීම සදහා තවදුරටත් රදවා ගන්නා බව ප්‍රකාශ කරන ලදි.
 
 දේශීය මානව හිමිකම් කණ්ඩායම් (Local Rights Groups) වාර්තා අනුව 2012 උතුරු නැගෙනහිර අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, අලුතින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, පැහැරගැනීම්, මරණ, වාර්තා විය. රජය උතුරට ගමන් කිරීමේ බාධක ඉවත් කළත් අධි ආරක්ෂක තත්වයන් පවත්වාගෙන යන ලදි. LTTE යට සම්බන්ධයැයි සැකකෙරෙන ද්‍රවිඩයන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම, වදහිංසා පැමිණවීමේ අවදානමට තව තවත් ලක් විය. අප්‍රේල් මාසයේදී ත්‍රිකුණාමලයේ දී ද්‍රවිඩ ගැහැණු පිරිමි 220 ක් අත්අඩංගුවට ගෙන දින කීපයක් චෝදනා නොමැතිව හමුදා රැදවුම් කදවුරු වල රදවාගෙන ඇත.
 
ලංකාවට ආපසු පැමිණි හෝ පිටුවල් කරන ලද සරණාගත ද්‍රවිඩ අය නවත්වාගෙන ඔවුන්ට LTTE සම්බන්ධකම් ඇති බවට හෝ එතෙරදී රාජ්‍ය විරෝධී ක්‍රියාවල නියුක්ත වූ බවට චෝදනා කරන බවට වාර්තා වී ඇත. CID (Central Intelligence Department) හා අනෙකුත් හමුදාසමහරුන්ට වදහිංසා කරන බවටද වාර්තා වී ඇත. මෙම වාර්තා අනුව එහි පැමිණි ද්‍රවිඩ සරණාගතයින් 30 කට වැඩි පිරිසකට බ්‍රිතාන්‍ය (United Kingdom) උසාවි මගින් පිටුවල් කිරීමේ නියෝග අත්හිටුවා ඇත.
 
ක්‍රියාත්මක ව ඇති ත්‍රස්තවාදය පිටු දැකීමේ පනතින්, පොලිසියට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට බලපෑම් කිරීමට පුළුල් බලයක් ලබා දී ඇත.
 
සිවිල් සමාජයට පහරදීම්

2012 වසරේදීත් දී නිදහස් ප්‍රකාශන අයිතිය පහරදීමට ලක් විය. රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය මාධ්‍ය, සිවිල් සමාජයට සහ සාමාන්‍ය ජනතාව හා මාර්තු මස පැවති HRC යෝජනාවලියට පක්ෂව කතා කළ මිනිස් අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරීන්ට තර්ජනය කර ඇත. තවද ඔවුන්ගේ නම් හා මුහුණු ප්‍රසිද්ධ කර ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඇත. ක්‍රියාකාරීන්ට තර්ජනය කළ කැබිනට් මන්ත්‍රීවරයෙකු වන මර්වින්. ඩි.සිල්වාට (Mervyn De Silva) එරෙහිව රජය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත්තේය.
කතා කිරීමේ නිදහස පරීක්ෂාවට ලක් කිරීම මර්දනය කිරීම පිළිබඳවත් මාධ්‍ය මගින් වාර්තා කරන ලදි. පුවත් වෙබ් අඩවියක් වන ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) සහ විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (United National Party) වෙබ් අඩවියක් වන ශ්‍රී ලංකා එක්ස් නිවුස් (Sri Lanka X News) හි කාර්යාල 2012 ජූනි මාසයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් වටලන ලදී. බලධාරීන් විසින් පරිගණක සහ ලිපි ලේඛන රාජසන්තක කළ අතර එම වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකාව පිළිබදව “සාවධ්‍ය සහ සදාචාර විරෝධී ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවට ” සාමාන්‍ය වැසියන් නව දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අයට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට අනුව චෝදනා නගන ලද අතර එම වගන්තිය මගින් “ජනාධිපතිට හෝ රජය ගැන අතෘප්මත් හැගුම් ඇති කිරීමට උත්සාහ කිරීම හෝ පෙළඹවීම” සඳහා වසර 2ක් දක්වා සිර දඩුවමක් නියම කළ හැකි බව පැවසේ. නවදෙනා අත්අඩංගුවට ගත් පසු දින ඇප මත මුදා හරින ලදී.
 
2012 වර්ෂයේදී රජයේ ගුණ දොස් සෙවීමේ යෙදුනු පුවත් වෙබ් අඩවි පහක්වත් රජය විසින් වසා දමන ලදී. තවද සියලුම වෙබ් පාදක මාධ්‍ය සේවාවන්ට අපහසු ලියාපදිංචි වීමේ අවශ්‍යතාද සහ ගාස්තුද ඇති කරන ලදී. බොහෝ පුවත් වෙබ් අඩවි වාරණය මගහැරීම සදහා ඒ අයගේ සත්කාර බලපත්‍රයන් පිටරට ගෙනයන ලදී. ආණ්ඩු විරෝධී පුවත් පතක් වු සන්ඩේ ලීඩර් (Sunday Leader) පත්‍රයේ එකළ කතෘ වූ ‍පෙඩ්‍රිකා ජෑන්ස්, (Fredrica Jansz) ගෝඨාභය රාජපක්ෂ (Gotabhaya Rajapaksa) ස්විස්ටර්ලන්තයෙන් (Switzerland) බලු පැටියෙකු ගෙන ඒම සදහා රජයේ ගුවන් යානයක ගමන් මග වෙනස් කිරීම පිළිබඳ වි‍වේචනය කිරීම නිසා ඔහු ජූලි මාසයේ දී ඇයට තර්ජනය කළ බවට වාර්තා කළාය. පුවත් පත නොවැම්බර් මාසයේ දී එම වරද පිළිගන්නා ලදී. තවද මාධ්‍යන්හි ස්වාධීන‍ හෝ සෘජු ව කතා කරන සාමාජිකයන්ව දේශපාලන බලපෑම් වලින් ඒ අයගේ තනතුරුවලින් ඉවත් කළ බවට වාර්තා වි තිබිණ. 2009 දී පොලිස් ස්ථානයක් අසල දී මහ දවල් නාඳුනන ප්‍රහාරකයින් විසින් කලින් සිටි සන්ඩේ ලීඩර් (Sunday Leader) කතෘ ලසන්ත වික්‍රමතුංග (Lasantha Wickrematunge) ඝාතනය කරන ලදී. ඔහුගේ මරණය පිළිබද කිසිදු විමර්ශනයක් සිදු නොකරන ලදී.
 
2010 ජනවාරි 24 වන දින අතුරුදහන් වූ ලංකා ඊ නිවුස් (Lanka E-news) හි දායකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ (Prageeth Ekneligoda) සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදු නොවිණ. ඇටෝර්නි ජනරාල් මොහාන් පීරිස් (Mohan Peiris) කොළඹට (Colombo) කැඳවා ඔහු කලින් ප්‍රකාශ කර තිබූ ප්‍රකාශය එනම් එක්නැලිගොඩ (Ekneligoda) අතුරුදහන් වූ වී නැති බවත් ඔහු ස්වකැමැත්තෙන් පිටරට ගිය බවත් නැවත සහතික කරවන ලදී.
 
සැප්තැම්බර් මාසයේ පැවති නැගෙනහිර පලාත් සභා ඡන්දයට භීෂණය හා ඡන්ද වංචාවන් නිසා බාධාවන් ඇති විය.
 
අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් සහ හමුදාකරණය
 
යුද්ධය අවසන් වීමෙන් පසුව 2012 සැප්තැම්බර් මස වසා දමන ලද වවුනියාව ආසන්නයේ වූ (Vavuniya) මැනික්ෆාම්‍ (Menik Farm) කඳවුරද ඇතුළුව යුද හමුදා පාලනය යටතේ පැවති රැදවුම් මධ්‍යස්ථානවල වැනි ස්ථානවල නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි අආසන්න වශයෙන් 300,000 ක් වූ අවතැන් ජනතාව තම ප්‍රජාව වෙත යාමට ඉඩ ලැබුනද ඔවුනොවුන්ගේ මුල් නිවාස වෙත යෑමට හැකී වී නැත. පුද්ගලයන් දස දහසක් පමණ තවමත් සත්කාරක පවුල් සමග හෝ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වල ජීවත් වන අතර තවත් දහස් ගණනකට එම ප්‍රදේශවලට යාමට නොහැකි වී ඇත්තේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවමත් සම්පූර්ණ කර නොමැති බැවිනි.
 
රජය, උතුරු නැගෙනහිර යුධ හමුදාව සිටින ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කළ බව කියා සිටියත් විශ්වාසී වාර්තාවන් පෙන්වන ලෙසට යුධ හමුදා පිරිස් තවමත් නිරන්තරයෙන් සාමාන්‍ය ජන ජීවිත වලට මැදිහත් වෙයි. උතුරු නැගෙනහිර බොහෝ සිවිල් ජන ක්‍රියාකාරීත්වයට යුද හමුදාව සම්බන්ධ වන ආකාරය ආරක්ෂක අමාත්‍යංශයේ වීඩියෝ පටයක් මගින් පෙන්වන ලදී. එයට පාසල් ක්‍රිකට් තරඟ සහ පාසල්වල උත්සව සංවිධානය ද ඇතුළත් වී ඇත. සොල්දාදුවන්, දුර්විපාකවලින් තොරව සිටින සොල්දාදුවන්ට එරෙහිව අපයෝජන සිදු කරනු ලබයි. සන්නද්ධ බලකාය දිගින් දිගටම ධීවරයන්ගේ හා ගොවියන්ගේ ජීවනෝපාය ක්‍රමවලට බලපෑම් ඇතිවන පරිදි ඒ අයගේ වෙරළබඩ ප්‍රදේශයන් සහ ‍ගොවිබිම් අයුතු ලෙස අල්ලාගන්නා බවට පැමිණිලි කර ඇත.
 
ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රියාකාරීන්

ශ්‍රී ලංකා රජය වගකිවයුතු ගැටලු වලට අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමෙන් පසු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රියා කරන්නන්ගෙන් රජයට එල්ල වන බලපෑම් වැඩි විය. මාර්තු මස පැවති HRC සැසියේදී වගකිවයුතු බව ඉලක්ක කර ගත් යෝජනාව මණ්ඩලයේදී සම්මත කර ගැනිම රජය විසින් අවහිර කිරීමට උත්සාහ දැරීය. පක්ෂව ඡන්ද 24 ක් ද විපක්ෂ ව ජන්ද 15 ක් ද 8 ක් ඡන්දය දීමෙන් වැලකීමෙන් සම්මත වූ එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ එනම් 2009 මැයි මස පැවති මණ්ඩල‍ යෝජනාව ඵලදායී ලෙස පරදවන ලදි. එම කලින් යෝජනාව එම කාලය තුළ දී ශ්‍රී ලංකාව විසින් ප්‍රබල ලෙස මානව හිමිකම් කඩ කිරීම නොතකා හරින්නකි. යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සාමාජික රටවල්වලට තමිල්නාඩු ප්‍රාන්තයෙන් (Tamil Nadu State) සහ වගකිව යුතු බව අවධාරණය කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් බලපෑම් එල්ල වන නයිජීරියාව (Nigeria), උරුගුවේ (Uruguay) සහ ඉන්දියාව (India) යන රටවල් ඇතුළත් වේ. යෝජනාව අනුව 2013 මාර්තු මාසයේදී මානව හිමිකම් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නැවත මේ පිළිබඳ වාර්තා කළ යුතුය. 
 
මානව හිමිකම් උල්ලංඝනය වීම් චෝදනා, LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ද්‍රවිඩ සුලු ජාතින් සමග සන්හිදියාවක් ඇති කර ගැනීම වැනි කරුණු වලට යොමු වන ලෙසට ඉන්දියාව ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් කරන ලදී.
 
චීනය (China) ශ්‍රී ලංකා රජයේ වැදගත් පාක්ෂිකයෙකු ලෙස මෑත වසරවලදී ඉස්මතු වී ඇත. ඊට අමතර චීනය (China) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රබල ලෙස ආයෝජනය කරන ලද අතර වසර තුළ ශ්‍රී ලංකාව සමඟ උසස් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය සම්බන්ධතාවන් පවත්වන ලදි. ශ්‍රී ලංකාවට එරෙහි HRC යෝජනාවට චීනය වාචිකව විරුද්ධ විය.
 
ශ්‍රී ලංකාව

Country Chapter

  •  