අවසන් වරට හමුදා අත්අඩංගුවේ සිටින බව දුටු පුද්ගලයන් 20කට වැඩි සංඛ්‍යාවක් අතුරුදන්
April 7, 2011
පිළිවෙතක් ලෙස කරනු ලබන සියල්ල ප‍්‍රතික්ෂේප කිරීම වෙනුවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අතුරුදන් වීම් පිළිබඳ සියලූ චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්විය යුතුය. තම ආදරණීයයන් ජීවත් වනවා ද මිය ගොස් ද යන බව දැන ගැනීමට අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අයිතියක් ඇත.
බ‍්‍රැඞ් ඇඩම්ස්, හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ
(නිව් යෝක්) - 2009 මැයි මාසයේ දී ශ‍්‍රී ලංකාවේ 26 වසරක් දීර්ඝ සන්නද්ධ ගැටුම අවසානයේ දී අත්අඩංගුවට ගනු ලැබුණු හා ”අතුරුදන් වී” ඇතැයි බිය පළ වන සියලූ දෙනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව වග විය යුතු බව හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. පවුල් විසින් තම ඥාතීන් පිළිබඳ තොරතුරු දන්වන ලෙස ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන නමුත්, බලධාරීන් කවර හෝ බැ?රුම් පරීක්ෂණයක් පවත්වා ඇති බවක් පෙනෙන්නට නොමැති බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.
 
ආණ්ඩුවේ හමුදාවන් හා දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* විසින් සිදු කරන ලද යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව යෝජිත එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට පැවරෙන බලතල අතරට නොවිසඳන ලද බලාත්කාරී අතුරුදන් වීම් පරීක්ෂා කිරීම ද ඇතුළත් විය යුතු යයි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ යුද නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් වග වීම සහතික කිරීමට ගත යුතු පියවරයන් පිළිබඳ ව තමන්ට උපදෙස් දීම සඳහා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් පත් කරනු ලැබුණු ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය 2011 අපේ‍්‍රල් මාසය අවසන් භාගයේ දී තම වාර්තාව භාර දෙනු ඇති බව අපේක්ෂා කෙරේ.
 
”පිළිවෙතක් ලෙස කරනු ලබන සියල්ල ප‍්‍රතික්ෂේප කිරීම වෙනුවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අතුරුදන් වීම් පිළිබඳ සියලූ චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්විය යුතුය” යි හියුමන් රයිට්ස් වොච් ආසියා අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසුවේය. ”තම ආදරණීයයන් ජීවත් වනවා ද මිය ගොස් ද යන බව දැන ගැනීමට අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අයිතියක් ඇත.”
 
අතුරුදන් වූ අයගේ ඥාතීන් හා සාක්ෂිකරුවන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡුාවන්, ප‍්‍රසිද්ධ කරන ලද වාචික සාක්ෂි හා මාධ්‍ය වාර්තාවන් මාර්ගයෙන් හියුමන් රයිට්ස් වොච් සොයා ගත්තේ, 2009 මැයි මාසයේ 16 හා 18 අතර දී හමුදා අත්අඩංගුවට ගනු ලැබුණු පුද්ගලයන් 20 දෙනෙකුට වඩා බලාත්කාරයෙන් අතුරුදන් කරනු ලැබ ඇති බවක්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රඳවා තබනු ලැබ තිබුණේ, එල්ටීටීඊය හා ආණ්ඩුවේ හමුදාවන් අතර අවසන් සටන සිදු වූ, උතුරු ශ‍්‍රී ලංකාවේ පටු බිම් තීරුවේ දකුණේ පිහිටි වඞ්ඩුවාකල් ප‍්‍රදේශයේ බව ප‍්‍රචලිතය. ඒ අවස්ථාව වන විට ප‍්‍රදේශය පාලනය කරන ලද්දේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 59 වන බල සේනාංකය විසිනි.
 
ජාත්‍යන්තර නීතිය යටතේ බලාත්කාරී අතුරුදන් වීමක් සිදු වනුයේ, බලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, එසේ කළ බව පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලබන හෝ පුද්ගලයා සිටින ස්ථානය හෝ ඔහුගේ ඉරණම පිළිබඳ තොරතුරු නොසපයනු ලබන අවස්ථාවන්හි දීය. බලාත්කාරී අතුරුදන් වීමක් හේතුවෙන්, වධ දීමෙන් හා දුෂ්ට ලෙස සැලකීමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය ඇතුළු පුද්ගලයාගේ ජීවත් වීමට, නිදහසට හා ආරක්ෂාවට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකිය.
 
බලාත්කාරී ලෙස අතුරුදන් කර ඇති බව විශ්වාස කෙරෙන පුද්ගලයන් විවිධ අවස්ථාවල රඳවා ගන්නා ලද පුද්ගලයන්ය. හියුමන් රයිට්ස් වොච් විසින් ලේඛන ගත කරන ලද සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අඩක් පමණ රඳවා ගනු ලැබුණේ, මැයි 18 දින වඞ්ඩුවාකල් පාලමෙන් දකුණේ දී කතෝලික පූජක ෆ‍්‍රැන්සිස් ජෝසප් සමග එල්ටීටීඊ සාමාජිකයන් දුසිම් ගණනක් හමුදාවට යටත් වූ අවස්ථාවේ දීය. අතුරුදන් වූ අයගෙන් එක් අයෙකුගේ බිරිඳ වන ”අනන්දි” (මෙය ඇගේ නියම නම නොවේ* හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවේ, හමුදාව විසින් පූජකතුමන් හා එල්ටීටීඊ සාමාජිකයන් බසයකට නංවා ගෙන රැුගෙන යන ලද ආකාරය තමන් දුටු බවය. හියුමන් රයිට්ස් වොච් විසින් වෙනත් සාක්ෂිකරුවන් සමග පවත්වනු ලැබුණු සම්මුඛ සාකච්ඡුාවන්ගෙන් හා බොහෝ මාධ්‍ය වාර්තාවන්ගෙන් ඇගේ විස්තරය තහවුරු වේ. එල්ටීටීඊ සාමාජිකයෙකුගේ බිරිඳ හා වයස 3 හා 5ක දරුවෝ දෙදෙනා ද එම බසයේ නංවා රැුගෙන ගියහ. පවුලේ සාමාජිකයෝ හා ජෝසප් තව ම අතුරුදන් ව සිටිති.
 
අනදි හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවේ, ඒ අවස්ථාවේ සිට තම සැමියා පිළිබඳ ව තමන්ට කිසිත් තොරතුරක් නොලැබුණු බවය: මම හැම කඳවුරක ම සෝදිසි කළා. මම ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. 2010 ජනවාරි මාසයේ දී මම පොලීසියේ පැමිණිල්ලක් දැමුවා. ඒත් මගේ සැමියා පිළිබඳ කිසිත් තොරතුරක් මට ලැබී නැහැ. ඔහු අතුරුදන් වූ ප‍්‍රදේශය හමුදාවේ පාලනය යටතේ පවතින නිසා ඔහු සොයා ගන්න අමාරු බව විතරයි පොලීසිය කිව්වේ. ඔහුට සිද්ධ වුණේ කුමක් ද කියා ආණ්ඩුව මට කියන්න  ඕන. ඔහු මැරිලා ද ජීවත් වෙනවා ද කියා මට පිළිතුරක් දෙන්න  ඕන. බසයෙන් රැුගෙන ගිය පුද්ගලයන්ගෙන් කෙනෙකු වූ යෝගිරත්නම් යෝගි පිළිබඳ ව විශේෂයෙන් අසනු ලැබුණු අවස්ථාවේ 2010 ජුලි මාසයේ දී ශ‍්‍රී ලංකා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ අත්අඩංගුවේ පසු වන එල්ටීටීඊ සටන්කරුවන් 11,600කට වැඩි සංඛ්‍යාව අතර ඔහු නොමැති බවය. එම බසයෙන් රැුගෙන ගිය වෙනත් පුද්ගලයන් කීප දෙනෙකුගේ නම් හියුමන් රයිට්ස් වොච් විසින් තහවුරු කර ගනු ලැබ තිබෙන නමුත් ඔවුන් අතුරුදන් ව සිටී ද යන්න තහවුරු කර ගැනීමට හැකි වී නොමැත.
 
අතුරුදන් වීම පිළිබඳ තවත් සිදුවීමක දී සාක්ෂිකරුවෙකු හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවේ, පලා යමින් සිටි ජනයා අතර සිටි එල්ටීටීඊ නායකයෙකු වූ අණ දෙන නිලධාරී රමේෂ් හඳුනා ගැනීමට හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙකු විසින් ආණ්ඩුවේ සොල්දාදුවන්ට උදව් කරනු ලැබුණු බවත්, ඔහු හා තවත් තිදෙනෙකු අසල පිහිටි කුඩා මඩුවකට රැුගෙන ගිය බවත්ය. රමේෂ් රඳවා ගනු ලැබුණු අවස්ථාවේ සිට ඔහුගේ පවුලට ඔහු පිළිබඳ ව කිසිත් තොරතුරක් ලැබී නොමැත. 2010 දෙසැම්බර් මාසයේ දී මාධ්‍ය ආයතන කීපයක් විසින් ග්ලෝබල් ටැමිල් ෆෝරම් වෙතින් ලබා ගත් වීඩියෝ පට කොටසක් විකාශනය කළ අතර, එහි පෙන්නුම් කෙරෙනුයේ රමේෂ් අත්අඩංගුවේ පසු වන බව යයි කියනු ලැබුණි.
 
හියුමන් රයිට්ස් වොච් විසින් රමේෂ් පිළිබඳ ව මීට අමතර දීර්ඝ වීඩියෝ පට කීපයක් ලබා ගෙන ඇති අතර, ඔහු හමුදා අත්අඩංගුවේ පසු වූ බවට තවත් සාක්ෂි ඒවා මගින් සම්පාදනය වේ. වීඩියෝ පටයන්ගෙන් එකක දී, රමේෂ් සිවිල් ඇඳුමින් සැරසී බංකුවක දිගා වී සිටින ආකාරය දක්නට ලැබේ. අනෙක් වීඩියෝ පට හතර තුළ දී, සොල්දාදුවන් කීප දෙනෙකු ඔහු වටා සිට ගෙන සිටින අතර, එක් සොල්දාදුවෙක් ඔහු පැමිණියේ කොතැන සිට ද, එල්ටීටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ බිරිඳ සිටිනුයේ කොහි ද, ඔහුගේ පිට පැත්ත තුවාල වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඔහුගෙන් ප‍්‍රශ්න කරයි. දිනය 22 දින යයි සොල්දාදුවන් රමේෂ්ට පවසන බව එක් අවස්ථාවක පෙනෙන අතර ඉන් ඇඟවෙනුයේ වීඩියෝව රූ ගත කරන ලද්දේ 2009 මැයි 22 දින විය හැකි බවය. හය වන වීඩියෝ පටයෙන් පෙන්නුම් කෙරෙනුයේ, තමන් එල්ටීටීඊයට සම්බන්ධ වූයේ කවදා ද, ඔහුගේ තනතුර කුමක් ද, ඔහුගේ පවුලේ සාමාජිකයන් කවුද යන්න පිළිබඳ ව අසන ලද ප‍්‍රශ්නයන්ට පිළිතුරු දෙන රමේෂ් පමණක්ය.
 
ව්‍යාජ එකක් ලෙස හඳුන්වමින් දෙසැම්බර් වීඩියෝ පටය ඉවත දැමූ ශ‍්‍රී ලංකා හමුදා ප‍්‍රකාශකයෙකු කියා සිටියේ, යුද්ධයේ අවසන් දිනයන්හි දී රමේෂ් ඝාතනය කරනු ලැබ තිබූ බවය.
 
මැයි 17 දින, වඞ්ඩුවාකල් පාලමෙන් ආසන්න උතුරේ දී හමුදා සොල්දාදුවන් විසින් පරම්නාදම් කෝකුලක‍්‍රිෂ්නන් හා තවත් පුද්ගලයෝ දෙදෙනෙක් රඳවා ගනු ලැබුණහ. කෝකුලක‍්‍රිෂ්නන්ගේ බිරිඳ හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවේ, 1996 දී ඇති වූ තුවාලයක් නිසා ඔහු අන්ධ භාවයට පත් ව සිටි නමුත් තම සැමියා සමග යාමට සොල්දාදුවන් තමන්ට ඉඩ දුන්නේ නැති බවය. පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කර ඔවුන් නිදහස් කරන බව සොල්දාදුවන් ඇයට පැවසූ නමුත්, ඒ අවස්ථාවේ සිට ඇයට තම සැමියා පිළිබඳ කිසිත් තොරතුරක් ලැබී නොමැත. 2010 ඔක්තෝබර් මාසයේ දී කෝකුලක‍්‍රිෂ්නන්ගේ පවුලේ අය පොලීසියේ පැමිණිල්ලක් කළහ. අතුරුදන් වීම පිළිබඳ ව පරීක්ෂා කරන බව දන්වමින් පොලීසිය විසින් ලිපියක් එවන ලද නමුත්, පවුල වෙත කිසිත් තොරතුරක් ලැබී නොමැත.
 
තවත් සාක්ෂිකරුවෙකු හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවේ, මැයි 17 දින වඞ්ඩුවාකල් පාලමෙන් ආසන්න දකුණේ දී සෙසු පිරිසෙන් වෙන් කරන ලද පුද්ගලයන් පස් දෙනෙකු තව ම අතුරුදන් ව සිටින බවය. අතුරුදන් ව සිටින්නන් අතර සුදර්ශනී ක‍්‍රිෂ්නකුමාර් ද සිටියි. ඇයගේ පවුලේ අය ජාතික මානව හිමිකම් කොමිසමේ හා පොලීසියේ පැමිණිලි කර ඇති නමුත්, ඇය සිටිනුයේ කොහි ද යන්න පිළිබඳ කිසිත් තොරතුරක් ලැබී නොමැත.
 
සිදුවීම් කීපයක් සම්බන්ධයෙන්, 2010 මැයි මාසයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිර්මාණය කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී* ඉදිරියේ පවුලේ සාමාජිකයන්ගෙන් ද සාක්ෂි විමසීම හෝ ලිඛිත පැමිණිලි ගොනු කිරීම සිදු කරන ලදී. කොමිසම තම වෙබ් අඩවියෙහි ආණ්ඩුවේ නිලධාරින්ගේ හා වෙනත් අයගේ සාක්ෂි ප‍්‍රසිද්ධ කර තිබෙන නමුත්, ආණ්ඩුවේ හමුදාවන් විසින් බලාත්කාරී අතුරුදන් කිරීම් කරන ලද බවට ඉදිරිපත්වූ බොහෝ සාක්ෂි එය විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබ නොමැත.
 
බලාත්කාරී අතුරුදන් වීම් සිදු වූයේ, ගැටුමේ අවසන් දිනයන්හි දී දහස් ගණන් ජනයා යුද කලාපයෙන් පලා යමින් සිටි අවස්ථාවන්හි දීය. පලා යන ජනයා ලියාපදිංචි කළ හා පරීක්ෂාවට ලක් කළ ආණ්ඩුවේ හමුදා, එල්ටීටීඊ සැකකරුවන් යයි සැලකූ අය අනෙක් අයගෙන් වෙන් කළේය. රැුඳවියන්ගෙන් බොහෝ දෙනෙකු බන්ධනාගාරයන්හි හෝ ඊනියා පුනරුත්ථාපන කඳවුරුවල සිටින බව සොයා ගැනීමට පවුල්වල සාමාජිකයන්ට හැකි ව තිබෙන නමුත්, ඇතැම් අය තව ම අතුරුදන් ව සිටිති. ”නීතිමය පොරොත්තු වීම: ශ‍්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සැකකරු රැුඳවියන්ගේ අවිනිශ්චිත ඉරණම” මාතෘකාව යටතේ 2010 පෙබරවාරි මාසයේ දී නිකුත් කළ වාර්තාව තුළ, ආණ්ඩුවේ පරීක්ෂා කිරීමේ හා ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය තුළ විනිවිද භාවයක් නොමැතිකම පිළිබඳ ව හියුමන් රයිට්ස් වොච් විසින් සටහන් කරනු ලැබුණි.
 
බලාත්කාරී අතුරුදන් වීම් පිළිබඳ ව වාර්තා ගත සෑම සිදුවීමක් ම අතුරුදන් වූ පුද්ගලයාගේ ඉරණම හා ඔහු සිටින ස්ථානය පැහැදිලි ව හා ප‍්‍රසිද්ධියේ තහවුරු කළ හැකි වන තෙක් පරීක්ෂා කළ යුතු යයි හියුමන් රයිට්ස් වොච් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. බලාත්කාරී අතුරුදන් වීම්වලට සම්බන්ධ, අණ දීම සම්බන්ධයෙන් වගකිව යුතු සිවිල් නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඇතුළු සියලූ පුද්ගලයන්ට එරෙහි ව ආණ්ඩුව විසින් නීතිමය පියවර ගත යුතුය.
 
බලාත්කාරයෙන් හා අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායමට චාරිකා කරන ලෙස ආරාධනාවක් හා න්‍යාය පත‍්‍රයක් යැවීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුය. එසේ ම, ආණ්ඩුව විසින් බලාත්කාරී අතුරුදන් කිරීමට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අත්සන් තබා එය අනුමත කළ යුතු අතර, එහි විධිවිධාන බලාත්මක කරන ජාතික නීති පැනවිය යුතුය.
 
”යුද්ධය අවසානයේ සිට ශ‍්‍රී ලංකා ආණ්ඩුව වග වීමට බාධා කිරීම වැඩියෙන් ම දුක්ඛදායක කරුණක් වනු ඇත්තේ තම ඥාතීන් අතුරුදන් වූ හා අතුරුදන් වී ඇතැයි බියෙන් සිටින අයටය” යි ඇඩම්ස් පැවසුවේය. ”මෙම පුද්ගලයන්ට සිදු වූයේ කුමක් ද යන්න ආණ්ඩුව විසින් ප‍්‍රකාශ කළ යුතු අතර, තවත් එවැනි සිදුවීම් නොමැති බව සහතික කළ යුතුය.”